(උපාලි ආනන්ද)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිලියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කර කාන්තාවන්ගේ දර්ශන රූ ගත කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකාර වෛද්‍යවරයාට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීය.
සැකකාර වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට තරම් අවශ්‍ය කරුණු ඇති බවටත් වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරන ලෙසටත් නීතිපතිවරයා ලිඛිතව ලබාදී තිබු නීති උපදෙස් අනුව අනුරාධපුර පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශය මෙලෙස නඩු පැවරීය.
සැකකාර වෛද්‍යවරයාට ලබන මස 15 වැනි දා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි පෙනි සිටින ලෙසටද නියෝග කෙරිණ.
එම සි.සි.ටී වී කැමරාවේ දත්ත කොළඔ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ හදිසි ප්‍රතිචාර සංසදයට යවා ඒ සම්බන්ධයෙන් ලබාගත් වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා සයිටම් ද නැත්නම් මනා ආචාරධර්ම ඇතිව දොස්තරලා බිහි කරනවා කියන විශ්ව විද්‍යාලයකින් පැමිණි කෙනෙක්ද?
ප්‍රමිතියෙන් උසස් රජයේ වෛද්‍යය විද්‍යාලයක උගත් වෛද්‍යවරයෙක්. ලංකාවේ වෛද්‍යය උපාදියට අවශ්‍ය Z Score පමණකි. විදේශ රටවල අද්යාපනය සුදුසුකම් එක මිනුම් දණ්ඩක් පමණි. SAITM එකට සම්බන්ද කෙනෙක් නම් අද විශාල මාද්‍යය සංදර්ශන වලින් පිරෙනු ඇත.
එතකොට දැන් සයිටම් හොදයි ද
මොකවත් කියන්න එපා. මෙයා අර අදික අචාරධර්මවලින් පිරිපුන් සහ ඉහල ගනයේ ගුණාත්මක දොස්තර අධ්‍යාපනයක් ලැබූ රජයේ විද්‍යා විද්‍යාලයක දොස්තර කෙනෙක්. මෙයාට නඩු දැම්මොත් එකටත් ඔක්කොම එකතුවෙලා වර්ජනයක් පටන් ගනියි.
මේක අලුත් කලාවක්. උසාවි යන්න ඕනේ නැහැ අනේ.
ප්‍රමිතිය......
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ටිකක් ලැජ්ජයි නේද?
නෑ නෑ දොස්තර මහත්තය කායික නාරි විද්‍යාව තව දුරට හදාරන්න ඕනේ හින්දනේ ඕක කරලා තියෙන්නේ. හරියටම බලාගන්න ඕනෙයි කියන්නේ.
කෝ මේ අන්තරේ එන්න කෙකර ගාලා දන්නා බිත්තරේ ප්‍රමිතිය cctv කාචයේ
ෂුවර් මෙය නම් SAITM .. GMOA නම් වෙන්න බැහැ.. එකේ ඉන්නේ හරි සුන්දර මනුස්ස කොට්ටාශයක් නෙහ්
මේ නම් ස්ය්ටම් කාරයෙක් වෙන්න බෑ, එයාලා ඉගෙනගන්නේ විනයක් ඇතිව, එයාලට අන්තරේ කඩිකුලප්පුව නැනේ.
හෙට අනිද්දට ඩොක්ටර්ට කලින් අපිට බලන්න පුළුවන් වෙයි BMIC යැව්වානම්.
වෛද්‍ය සංගමය මේකට විරුද්දව පෙළපාලියක් යනවද, එහෙම නෙතිනම් සංකේත වර්ජනයක් කරනවද
අනේ මන්ද, අන්තර්ජාලය මෙතරම් වේගවත් කාලෙත්, CCTV අමුනගෙන දුක් විඳිනවා. දොස්තර මහත්මයා සරසවියේ ඉන්න කාලේවත්, පරිගණකයක්/අන්තර්ජාල භාවිතය ගැන දන ගන්න යාලුවෙක් හිටියේ නැතිද. පොඩ්ඩක් වෙදකමෙන් ඉවත් වෙලා බලන්න. ලෝකේ වෙනස් වෙලා. අන්තර්ජාලයේ බොහොම පහසුවෙන් ඔය බලන්න දඟලපුව හොයාගන්න පුළුවන්. ලංකාව ලෝකේ අංක එකටත් ඇවිත් තිබෙන එකේ.
වෙදවරු අතරත් රටේ වෙද්දු ඉන්නවා. මානසික රෝගීන් නිදැල්ලේ හැසිරෙනවා . මොහුව වහාම මනෝ වෛද්‍ය වරයකුගේ ප්‍රතිකාර සඳහා යොමුකරන්න.
අවරුදු 5 ක වෛද්‍ය අධ්‍යාපනයේ, කුමන වසරේද මේ අයට වැසිකිලිවල සී.සී.ටී.වී කැමරා සවි කිරීමට උගන්වන්නේ?
පදෙනියලට වර්ජනය කරන්න තවත් අවස්ථාවක්.
අපොයි දෙය්යනේ, මෙච්චර උතුම් වෛද්‍ය වෘත්තියටත් නොහැදිච්ච නොසන්ඩාල මිනිසුන් රිංගලානේ. මේවගේ උන්ගෙන් වෙන්නේ මුළු වෛද්‍ය සංහතියටම අපකීතියක්. උපරිම දඬුවම් දිය යුතුයි.
දැන් එතකොට මේකටත් වැරදි සයිටම්ද ?
අනේ මන්ද මේ දොස්තරලා තමන්ගේ රාජකාරිය පෙත්තකින් දාලා මේ කරන අමන වැඩ ඩෙංගු රෝගයට එකම බෙහත වන ගස්ලබු කොළ ඉස්ම රෝගීන්ට දෙන්න එපා කියනවා පර සුද්ද බෙහෙත් හදල එවනකම් කට අරන් බලාගෙන ඉන්නවා
ඇයි අර මීගමුවේ ඉස්පිරිතාලේ සිද්ධියට සම්බන්ධ උනෙත් ඔය කියන ආචාර ධර්ම තියන දොස්තර උත්තමයෙක් නේද?
නැහැ මෙඋන්නහේ මේසන්(M) බාස්ට (B) බධාම (B) සප්ලඊ (S) කරනවා . එකඊ camera සවිකරන්න වැඩ පුරුදුවෙන්නේ.
දැන් මේ දොස්තර අහවි මොනාද CCtv කියන්නේ මම නම් දන්නේ නැහැ කියල.
ඇයි නරක ......රටට අවශ්‍ය දේ එකය්.....දොස්ටරලට උවමන නොවුනට
වෛද්‍යවරයකු මානසික ව්‍යාකූලතා සහිත වීම ඔහුගේ අධ්‍යාපනයේ ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. කොතරම් උගතෙකු වුනත්, මානසික රෝගියෙකු වීමට ඉඩ තියනවා. මෑතක දී වෙදෙස් රටක වෛද්‍යවරයකු අනවශ්‍ය සැත්කම් රාශියක් සිදුකර වරද කරුවකු වුනා මතකයි. මේ ප්රශ්නය සයිටම් හා සම්බන්ධ කිරේම උචිත් නැහැ.
අහුඋනේ මෙච්චරයි තව මොනවා කරල අැතිද මුන් තමයි අහිංසක ලෙඩ්ඩු මරන්ෙන් මන්ට දෙන්න තියෙන ලොකුම දඬුවම් දිය යුතුයි
සයිටම් පටන් ගත්තේ 2011 ඒ කාලේ කවුද ඕකට විරුද්දව කතා කලේ .
එතකොට කවුද මේ වෛද්‍යවරයා රජයේ රෝහලක සේවයට සුදුසුයි කියලා ප්‍රමිති සහතිකය දුන්නෙ?