අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළේය.
සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පැන පොදු දේපලවලට හානි කළැයි ඔහු ඇතුළු පස් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටියහ.
සෙසු පිරිස මීට පෙර ඇප මත මුදා හැරිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ ඔබ හිරකාරයෙක් වුණේ අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞක්‍යය උදෙසාය. ඔබට ඔබේ අදහස මල්ඵලගන් වන්න ශක්තිය ධෛර්යය ලැබේවා... කියා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වෛද්‍ය සිසුවෙක් නොවුණත් මේ කල කැපවීම උදාරය...උත්තරීතරය... පාලකයන් විවිධ අර්ථකථන දක්වාවි!!! එය යතාර්ථය නොවේ. සටනට ජයවේවා !!! ජයවේවා !!! පුද්ගලයන් හිරකරත් අදහස් හිරකල නොහැක.
අපේ ස්වාමින් වහන්සේ තවම ඇතුලේ හිර කරලද?
මෙයාගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්න ඕනේ... මේ වගේ අය රටටම පිළිලයක්....
ළහිරු අපි ඔබ සමගයි, ඔබට තවත් ශක්තිය ලැබේවා !!!
දැන් අපහු පුරුදු රස්සාව පටන් ගන්න පුළුවන්... දැන් ඉතුරුවෙලා තිබෙන්නේ වර්ජන කරන්න මොකක් හරි හේතුවක් හොයාගන්න එක පමණි.
මොහු 2011 දී විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඇති අතර මේ දක්වා මොහුගේ උපාධිය සම්පුර්ණ කර නොමැත. මේ නිසා පෙනී යනවා මෙම කුහක අරගල කරන්නේ කුමක් සඳහාද කියා? ඒවා වලට පන තිබෙන තුරු අපි ඉඩ නොදෙමු.
සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනයට හාද නොකර , ඕනෑම විරෝධතාවයක් කරගත්තට කමක් නැහැ. සිසුන්ට දෙමව්පියන් කන්න අඳින්න දුන්නට... අපිට දරුපවුල් නඩත්තු කරන්න රස්සාවල් කරන්න යන්න ඕනේ... මේ ගොල්ලන්ගේ විකාර නිසා පහුගිය කාලේ අපි දිනකට පැය 2-3 අමතර කාලයක් මහමඟ රස්තියාදු වුණා. ඔය මල ඉලව් සයිටම් තිබුණත් නැතත් අපි ලෙඩ වුණහම බෙහෙත් ගන්න දොස්තරලට මුදල් ගෙවන්න ඕනේ...