ඉන්දිකා රාමනායක
ජනාධිපති ආරක්ෂක අංශ කාර්යාලය සඳහා ගෙන ආ බව කියන ටයිල් කැට දෙලක්ෂයක් පමණ සොරා ගත්තේයැයි සැකපිට නාවික හමුදා සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එක් නාවික හමුදා සාමාජිකයකුගේ නෑයකු මෙම ටයිල් කැට ගෙන යද්දී අල්ලා ගත් බවත්, ඔවුන්ගේ ප්රශ්න කිරීම්වලින් හෙළි වූ තොරතුරු මත කොල්ලුපිටියේ ගබඩාවක් බාර නාවික හමුදා සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර කෙනෙක් කිව්වා... මම ඉතා නිහතමානීව ප්රකාශ කරනවා මම භාරකාරයා මිසක් අයිතිකාරයා නොවන බව කියලා. හැබැයි ඒ භාරකාරයා පුළුවන් තරම් දේ අයිති කරගෙන භාරකාර කමෙන් මිදුණා. මේ කට්ටියත් එහෙම කරන්න හිතන්න ඇති.
ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට ඕනෑම වැඩක් කරලා නිදැල්ලේ ඉන්න පුළුවන් කාලෙකුත් තිබ්බා. යහපාලනේදීත් සිදුවූ යම් සිදුවීම් නිසාත්, ජනපතිවරයාගේ පක්ෂපාතී යම් ප්රකාශ නිසාත්, කලින් තත්වෙටම වගේ ඕනෑම වරදක් කරලා නිදහසේ ඉන්න පුළුවන් කියන මානසිකත්වයෙන් තමයි ආරක්ෂක අංශවල "සමහරක් " ඇත්තෝ හිතන් ඉන්නේ. එවැනි උදවිය නීතිය ඉදිරියට ගෙනාවොත්, තමන්ගේ අයව බලාගන්න සහ පෞද්ගලික දේවල් පවා කරගත්තු පහුගිය ආණ්ඩුවේ උදවිය කන්අඩි පැලෙන්න ගිරිය පුප්පන්න පුළුවන්. කවුරු මොනවා කිව්වත් රටේ ඕනෑම කෙනෙකුට වගේම, ආරක්ෂක අංශයේ සාමාජිකයින්ටත් නීතිය හරිහැටි ක්රියාත්මක වෙනවා නම්.., ඒකත් රටේ සහ සමාජයේ සාමය සහජීවනයට මහඟු පිටිවහලක් වේවි. !!!