( උපාලි ආනන්ද )
අනුරාධපුර රත්නමාලි චෛත්‍යයට ඉහළ අහසේ ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කිරීමෙන් පසුව එම ඩ්‍රෝන යානය චෛත්‍යයේ ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සැකකාර තරුණයා එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
මෙසේ නිදොස් කොට නිදහස් කර මුදා හරිනු ලැබුවේ අලවතුගොඩ වැලිපාර ඊ.එමි.චතුර ඒකනායක නැමැත්තායි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් සැකකාර තරුණයා මුදා හැරිමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරු කප්රුක් පූජාවකට පැමිණි අවස්ථාවේ ඔහුට අයත් ඩ්‍රෝන යානයක් ගුවන් ගත කර ඇති බවත් පසුව එම කැමරාව ඔහුගේ පාලනයෙන් මිදී ගොස් රත්නමාලි චෛත්‍යයේ කොත් කැරැල්ලෙහි ගැටී දෙවනුව දේවතා කොටුවේ ගැටී පසුව සෑමලූවට පතිත වී ඇති බවත් පොලිසිය මීට පෙර අධිකරණයට දැන්වීය.
ඩ්‍රෝන කැමරාව ගැටීම නිසා රත්නමාලි චෛත්‍යයට කිසිදු හානියක් සිදුව නැති බව මූලික පොලිස් විමර්ශනවලදි අනාවාරණය වූ බවද පොලිසිය පැවසීය.
ඩ්‍රෝන කැමරාව ගැටීම නිසා චෛත්‍යයට හානියක් සිදු වී ඇද්ද යන ස්ථීරවම තහවුරු කර ගැනීම සදහා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ද විමර්ශනයක් කරනු ලැබූ අතර ඉන් කියැවුණේ ඩ්‍රෝන කැමරාව හේතුවෙන් රත්නමාලි චෛත්‍යයට කිසිදු හානියක් සිදුව නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිලාවත් රුවන්වැලි සෑයට හානියක් වුණානම් හිරේ දැම්මත් ඇති වැඩේ මොකක්ද? ඩ්‍රෝන කැමරාව කියන්නේ එක්තරා ආකාරයක සමාජ පිළලයක්. දැන් තිබෙන සෙල්ෆි පිස්සුවට වඩා එහා යන පිස්සුවක් වෙනවා නුදුරේම. හැමෝටම බෝ වෙන්න කලින් නීතිරීති පැනෙව්වෝතින් තමයි වඩාත් වැදගත්.
වැරදිලාවත් රුවන්වැලි මහා සෑයට හානියක් වුණානම් මෙයාව හිරේ දැම්මත් ඇති වැඩේ මොකක්ද? ඩ්‍රෝන කැමරාව කියන්නේ ඊළඟ සමාජ පිළිලය. දැන් තියෙන සෙල්ෆි පිස්සුව යටකරන් නුදුරේම මේ පිස්සුව බෝවෙනවා තදින්ම. ඊට කලින් මෙය පාලනය කිරීම සඳහා නීති රීති ඇතිකළ යුතුයි.
මේවා යැවීමේදීද නිසි ක්‍රමවේදයක්, නීති පද්ධතියක් තිබේ.
රුවන්වැලි සෑයට උඩින් ඩ්‍රෝනය යැව්වේ මොන චේතනාවකින්ද? කියලා සොයල බලලා දඬුවමක් දෙන්න තිබුණා.
මම නම් දැක්කා පත්තරේ චෛත්‍යයට හානිවෙලා කියලා කවුරු අැත්ත කියනවද දන්නේ නෑ....
වැරදිලාවත් රුවන්වැලි මහා සෑයට හානියක් වුණානම් මොකද වෙන්නේ..? කිසි දෙයක් නිත්‍ය නෑ නේද?
කිසිදෙයක් නිත්‍ය නෑ තමයි අසංක... එහෙම කියලා තියෙන දේවල් කඩල දාන්නද කියන්නේ? අනිත් එක රුවන්වැලිසෑය කියන්නේ ඔයාගේ ගේ වගේ දෙයක් කියල හිතුවද?