(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන විහාර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ දුම්රියපොළ ආසන්නයේ මුහුද රළුවී වෙරළ ඛාදනය හේතුවෙන් නිවාස 16ක් පමණ විනාශ වී ඇතැයි රත්මලාන ප්‍රාදේශිය ලේකම් හේමසිරි පියතිලක මහතා පවසයි.
ඔවුන් සඳහා ඉඩම් ලබාදීමට හැකියාව නැති බවත් මේ වනවිට තාවකාලික ස්ථානවල ලැගුම්ගෙන සිටින එම නිවැසියන්ට වියළි සලාක ලබාදීමට කටයුතු කරන බවත් පියතිලක මහතා කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ පොළව මුහුදට හෝදාගෙන යනවා. ඒ වුණාට අපිට තරම් ස්වභාවික සම්පත් නැති මාලදිවයින දිනෙන් දින තමන්ගේ භූමි ප්‍රමාණය වැඩිකර ගන්නවා, මුහුද ගොඩ කරලා. කිසිම දුපතක් මුහුදු ඛාදනයට ලක්වෙලා නෑ. හැම දුපතකටම දිය කඩනයක් තියනවා කළුගල් වලින් හරි කොන්ක්‍රීට් කැට වලින් හරි හදපු. ඇයි අපිට බැරි රටේ මේ තරම් කළුගල් තියාගෙනත් දියකඩන හදලා මුහුදු රැලේ සැඩපහර අඩුකරන්න? මාලදිවයිනට ස්වභාවික සම්පතක් විදියට තියෙන්නේ මුහුද විතරයි. ප්‍රධානම ප්‍රවාහන කටයුතු සිදුවන්නේ මුහුද හරහා. තාක්ෂණය අතින් සංවර්ධනය අතින් ලංකාවට වැඩිය බොහෝ පහල මට්ටමක සිටි මාලදිවයින අද ලබා තියන දියුණුව ලංකාවට නම් හීනයක්. අපේ බලධාරීන් ඇවිල්ලා බලනවානම් කොහොමද මේ දූපත් රාජ්‍ය වෙරල ඛාදනයට වැට බැඳලා තියෙන්නේ කියලා අපේ රටට ප්‍රයෝජනවත් වෙයි.