( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා වහා නිදහස් කරන ලෙසට බලකරමින් තමිල්නාඩු ධීවරයින් අද (09) සිට ධීවර කටයුතුවලින් ඉවත්ව අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයි ඉන්දියාවේ ඒ.එන්.අයි පුවත්සේවය අද වාර්තා කළේය.
මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ තමිල්නාඩුවේ පුදුකෝට්ටේ හා රාමනාදන්පුරම් හි ධීවරයින් පිරිසකි.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු අඟහරුවාදා(08) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් පැමිණි යාත්‍රා 12ක්ද නාවික හමුදාව බාරයට ගෙන තිබුණි.
එම ආසන්නතම සිද්ධිය මුල් කර ගනිමින් තමිල්නාඩු ධීවරයින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව සඳහන් වේ.
දිගින් දිගටම සිදුවන මෙවැනි අත්අඩංගුවට ගැනීම හේතුවෙන් තමන්ට සිය ජීවිකාව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ,එබැවින් පෝක් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ධීවර කටයුතුවල නිරත වීමට අවසර දිය යුතු යැයිද එම තමිල්නාඩු ධීවරයෝ පෙන්වා දෙති.
මේ අතර ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 64 දෙනා සහ ඉන්දීය ධීවර යාත්‍රා 125 නිදහස් කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා වෙත අවස්ථා කිහිපයකදීම ලිඛිතව ඉල්ලීම් සිදු කරනු ලැබ ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නවත්තන්නේ නැතුවම ඔය වර්ජනේ දිගටම කරගෙන යන්න. එහෙමවත් අපේ මුහුද රැක ගන්න ලැබුණොත් ඒකත් ලොකු දෙයක්නේ.
අත අරින්නෙපා... දිගටම වර්ජනය කරන්න. යාපනයේ හා අනිකුත් පෙදෙස්වල සිටින සියලුම ධීවරයෝ ඔබලාට සහයෝගය දක්වනවා නියතයි.
තව ඔය නරකාදිය ලංකාවත් එක්ක පාලමකින් යා කරන්න කතාකරනවා. එහෙම කළොත් රොත්ත පිටින්ම මෙහෙ ඇවිත් පාරවල් වහගෙන වර්ජන කරාවි. ඔය ඔක්කොම බොරු බහුභූත දැන් සෑම ධීවර යාත්‍රාවකම තමන් ඉන්නේ මොන මුහුදු සීමාවේද? කියලා දැනගැනීමේ උපකරණ තිබෙනවා. මේකට විසඳුම දෙරටේම නාවික හමුදා එකතුව මුහුදු සීමාව ආරක්ෂා කිරීම... දෙරටේම ධීවරයන්ට තමන්ගේ මුහුදු සීමාවේ මාළු අල්ලන්න පුළුවන්... වෙන විසඳුමක් මට නම් නොපෙනේ. දේශපාලකයන් සහ නිලධාරීන්ට මේ සරල විසඳුමට යන්න බැරි මොකද?
ඒ අයට නෙලන්න අපේ පොලීසිය ඉන්දියාවට යවමු.