(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය වන ශිරෝමී වික්‍රමසිංහ මහත්මිය පර්පචුවල් ටේරෂරීස් හොල්ඩින්ස් සමාගමේ අධ්යක්ෂකවරියක ලෙස සේවය කළ 2014 වර්ෂයේදී සමාගම 400%ක ප්‍රාග්ධන ලාභයක් ලබාගෙන ඇතැයි පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (08)පැවසීය.
පසුගිය රජය සමයේ මහ බැංකු අධිපතිවරයාව සිටියේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ය.
2014 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම අතීතයේ සිදුවු පරිදිම අනුපාතයන් කඩා වැටීමක් සිදුවු බවත් 2014 සැප්තැම්බර්- ඔක්තොම්බර් මාසවල ලෝකයේ සියළු රටවල අනුපාතයන් කඩා වැටීමක් සිදුවු බවත් මේ කාලයේදී විදේශ මුල්‍ය සංචිත ලෙස තිබු ඩොලර් මිලියන 400ක පමණ මුදලක් ඉවත් කරගත් බවත් පළිසේන මහතා කීය.
මේ සියළු කරුණු මෙන්ම ඒ කාලයේදී තිබු විශාල ගෙවුම් ශේෂ අර්බුදයත් නිසා අනුපාතයන් කඩා වැටීමක් සිදුවු බවත් ඒ මහතා පැවසීය.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතා කොමිසම අමතමින් බැඳුම්කර වෙළෙඳපොලේ පර්පචුවල් ටේරෂරීස් සමාගම ගනුදෙනු කළ ආකාරය මෙන්ම 2014 වර්ෂයේ සිට ද්වීතීයක වෙළෙඳපොලේ ස්වරූපය පිළිබඳවද මෙම කොමිසම හමුවේ හෙළි කිරීමට තමන් බලාපොරොත්තු වන්නේ යැයි කීය.
2015 පෙබරවාරී 27 වැනිදා, 2016 මාර්තු 29 හා 2016 මාර්තු 31 වැනි දිනවල බැඳුම්කර වෙන්දේසි සම්බන්ධයෙන් මෙම කොමිසම හමුවේ කරුණු ගෙනහැ පෑමට තමන් උත්සහ කරන්නේ යැයි කී ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතා පර්පචුවල් ටේරෂරීස් සමාගම බැඳුම්කර වෙන්දේසිවලින් ලාභ ලබාගත් ආකාරයත් ඒ අවස්ථාවලදී බැඳුම්කර වෙළෙඳපොලේ හැසිරීමත් පිළිබෙඳව කරුණු ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන්නේ යැයි කීය.
(ඡායාරූප-රොමේෂ් ධනුෂ්ක සිල්වා)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන්ම පේනවනේ මෙයාල එළිපිට බොරුවට මරාගන්න හැදුවට තිරය පිටිපස්සේ සමයෙන් සමගියෙන් ගසාකන්නේ කියල.
ඔය එළිවෙන්නේ . එදන අදිපති ලැබ ගත හැටි.එක වැල්ලේ පොල්.
එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කිව්වලු.දැන් අරයව වැරදි කාරය කරලා අදහස් දාපු කවුරුවත් මේකට අදහස් දන්නේ නැහැ නේ.
මම නම් මුලින්ම කිව්වා නාමල් බේබිලාට ඇලෝසියස් සැලකුවේ කොහොමද කියලා දන්නෝ දනිති කියලා.
ආයේ ඡන්දයක් තිබ්බොත් මැදමූලනට දෙයි. ජවිපෙට රට බාර දෙන්න කාලේ හරි...
මෙන්න මේ නිසා තමයි මහින්ද මහත්තයා විශ්වාස භංගයට ඡන්දෙ දෙන්නේ නැහැ කිව්වේ. තව ටිකක් ඉස්සරහට යනකොට අර්ජුන් මහේන්ද්‍රන් සහ රවී කරුණානායක අහිංසකයෝ වෙලා අජිත් කබ්රාල් සහ මහින්ද මහත්තයා වැරදිකාරයො වෙන්න ඉඩ තියෙනවා. මේ ඔක්කොම එක වල්ලේ පොල් තමයි.
මේ මහබැංකු හොරකම මේ තරම් සාක්ෂි ඇතිව ඔප්පු වෙලා තිබියදීත් තවම කොමිසම් දමාගෙන කාලේ කනවනේ. මේකට සම්බන්ද උවන් වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරලා හිර ගෙවල් වල දාන්න ඕනේ. මොවුන්ගේ මුළු දේපළම රාජසන්තක කරන්න ඕනේ.
මේකේ කියලා තියෙනවද ඒ කාලයේ මහා බැංකුවත් එක්ක මේ සමාගම ගනුදෙනු කළා කියලා. පටිපාටියට අනුව ගනුදෙනු කරන්න සමාගමකට, මහා බැංකුවකට පුළුවන්. මෙතන වෙලා තියෙන්නේ පටිපාටියෙන් බැහැරව නීති විරෝධී විදිහට බැදුම්කර ණය ගත්ත එක.
අර ග්‍රීක බැඳුම්කරය ගැනත් පොඩ්ඩක් සොයලා බලමුද? දැන් සිදුවෙලා තියෙන දෙය වැරදි තමයි. සියලුම පරණ බැඳුම්කරත් සෙවිය යුතුයි. අජිත් කබ්රාල්ගේ නංගිත් පර්පචුවෙල් ට්‍රෙෂරීස් එකේ අධ්යක්ෂවරියක් බවත් සියයට හාරසියයක් ලාභ ලබපු බවත් හුඟක් අය දැනගෙන හිටියේ නෑනේ...
අර ග්‍රීක බැදුම්කරය ගැනත් පොඩ්ඩක් සොයලා බලමුද? දැන් සිදුවෙලා තියෙන දෙය වැරදි තමයි. සියලුම පරණ බැඳුම්කරත් සෙවිය යුතුයි. අජිත් කබ්රාල් මහතාගේ නංගිත් පර්පචුවෙල් ට්‍රෙෂරීස් එකේ අධ්යක්ෂවරියක් බවත් සියයට හාරසියයක් ලාභ ලබපු බවත් හුඟාක් අය දැනගෙන හිටියේ නැනේ...
අම්මෝ, මාර වැඩේ තමයි. අන්තිමට ඇදගෙන නෑවා වගේ වැඩක්ද මේ වෙන්නේ යන්නේ? අපි හොඳට අැස් දෙක ඇරගෙන බලාගෙන ඉන්නේ මේකේ විස්තරේ.
මේවාට උදව් දෙන, අනුබල දෙන, රටේ සල්ලි පොදි ගසා ගත් සැමට කර්මය පලදේවා! මේවා මිනිසුන්ට කරන සමච්චල්. මිනිසුන් උපහාසයට ලක් කරමින් ඔවුන් මෝඩයන් ලෙසින් තවමත් සලකන දුප්පත් ජනයාගේ පිහිටෙන් කම් සැප විඳිමින් සිටින මේ දේශපාලකයින්ට මිනිසුන්ගේ ශාපයම හිමිවේවා.! හිටපු දේශපාලකයින් වගේම, දැනට රට පාලනය කරන අය පන්නා දමන්නට කාලය ඇවිල්ලා...
මමනම් කියන්නේ පැත්තක් නොබලා හොරු නැති කරලා දාන්න ඕන කියලා. එත් ඉතින් මේ ශ්‍රී ලංකාවනේ.