අජන්ත කුමාර අගලකඩ
සමෘද්ධි අමාත්‍යංශය මගින් ආරම්භ කර ඇති සමෘද්ධි ප්රතිශෝධන වැඩසටහන නතර කිරීමට ඇමැති එස් බී දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද (10) රාත්‍රී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
සමෘද්ධි ප්රතිශෝධන වැඩසටහනට දැඩි විරෝධයක් සමෘද්ධි ලාභීන්ගෙන් එල්ල වී ඇති බව ඇමැතිවරුන් එම රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා දැනට එම වැඩසටහන නතර කරන ලෙස එස් බී දිසානායක ඇමැතිවරයාට දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර රටක්... මාර පාලකයින්... මේ මනුස්සයා කාලයකට ඉහතදී සමෘද්ධි ඇමැතිවෙලා ඉඳලා කරපු මගඩියකට. ඇමැතිකමෙනුත් අස්කරලා උසාවියට අපහාසකළා කියලා කූඩුවෙත් දැම්මා.. මේ පාර මහජන ඡන්දයෙන් පැරදිලා නමුත් "පින්" ඇමැතිකෙනෙක් ලෙසට ආයෙත් වතාවක් සමෘද්ධි ඇමැති විදිහටම පත්කලා... ඉතින් කොහොමද රටක් ඉදිරියට යන්නේ...?
පින් මන්ත්‍රී, ඇමැති ඔබට අයිතියක් නැත. ඔය තනතුරේ ඉන්නේ ඔබව ජනතාව ප්‍රතික්ෂේප කළ අයෙක්...
සමෘද්ධියෙන් හොරකම් කරලා මාලිගාවක් හැදුවා කියලා ලොකු රාවයක් ඉස්සර තිබුණා මතකද?
රටට ආදරේ ඇති පුතෙක්. තවත් හොරකමකට අවස්ථාවක් ලැබිලා...? රටක් දියුණු වෙයිද?
ජන වරමක් නැති මෙවන් අයට තනතුරු ලැබුණාම හරියට "මෙරුන්ට තටු ආවා වගේ" තමයි කටයුතු කරන්නේ.