අජන්ත කුමාර අගලකඩ
පළාත් සභා මැතිවරණය කල් නොදැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී අද (10) රාත්‍රී පැවැත්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
පළාත් සභා මැතිවරණය කල් දමා සියලු පළාත් සභාවල මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට හැකි වන සේ පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට රජය මීට පෙර තීරණය කර තිබිණි.
එහත් පළාත් සභා ඡන්දය කල් දැමීම ආණ්ඩුවට කළු ලපයක් විය හැකි බව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඇමැතිවරුන් පෙන්වා දී ඇත. ඒ අනුව ඡන්දයට සූදානම් වන්නැයි ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ට දන්වා ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා එකම දිනක තබන එක හොඳයි. කල්දමන්න එපා. එහෙත් පළාත් සභා කලින් විසුරුවා අරින්න ඕනා.
ජනාදිපතිතුමනි වුවමනා බලතල පාවිච්චිකර එකම දිනයක මැතිවරණය තබන්න. බස්නාහිර, මධ්‍යම, ඌව, වයඹ කලින් විසුරුවා ඉක්මන් මැතිවරණයකට යන්ද?
ඒ වුනාට ඔය පක්ෂයේ නායකයා ඡන්දය තියනවට විරුද්දයිනෙ..හෙට අනිද්දා කියයි අපි ඡන්දය කල්දානවට විරුද්දයි ඒ නිසා 2020 ඡන්දය තියන්න තීරණය කලා කියල