විදේශ කටයුතු ඇමැතිකමින් ඉල්ලා අස්වෙමින් රවී කරුණානායක මහතා හොඳ ආදර්ශයක් ලබා දී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුගිය රජය සමයේ මොන චෝදනාව ආවත් කිසිවකු ඉල්ලා අස්වී නැතැයි ද, චෝදනාවක් එල්ලවූ සැනින් පරීක්ෂණවලට දක්වන සහයක් ලෙස කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් මේ ආණ්ඩුවේ යහපාලනය පෙන්වා ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීවේය.
ජනමාධ්‍ය අද විවිධ චෝදනා කිරීමෙන් පෙනී යන්නේ දැන් මාධ්‍ය නිදහසක් ඇති බව යැයි කී අගමැතිවරයා ගිය ආණ්ඩුව කාලේ එසේ කතා කළහොත් ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ වැන්නන්ට වූ දේ සිදු වන බව ද ප්‍රකාශ කළේය. අද ලැබී ඇති නිදහසත් සමඟ ජනමාධ්‍ය සියලුම දෙනාට හොරුන් යැයි චෝදනා කරන බව ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි දෙයියනේ, ඔහොම කිව්වහම අනික් අයත් ඒ ආදර්ශය ගන්න හදයි. අන්තිමට අලුත්ම කැබිනට් මණ්ඩලයක් පත්කරන්න වෙයි.
අධිකරණ ඇමතිතුමාත් ඉල්ලා අස්වුණා නම් වඩාත් හොඳයි.
එයා ඉල්ලා අස්වුණා නෙමෙයි. එයාට වැඳලා ඉල්ලා අස් කෙරෙව්වා.
අපි දන්නවා රවී කෝච්චියට බෙල්ල තිබ්බේ කා වෙනුවෙන්ද කියලා. නිකන් මෙතන බොරු බයිලා ගහනවා...
මෙතුමාටත් ඉදිරියේදීමේකමයි වෙන්නේ. රවීට වගේ අගමැතිතුමාටත් කෙටි පණිවිඩ ගිහින් තියෙනවා.
ඔබ මෙයට වග කිව යුතුයි ඊළඟට ඔබ...
හොරකම් කරල් ඉල්ලා අස්වීම මොකක්ද හොඳ ආදර්ශයක් වන්නේ. සුනඛයොත් දිය කිරට සාක්ෂිලු... ඒවාට දැඩි දඬුවම් ලබාදිය යුතුයි. අහිංසක මිනිහෙක් පොල්ගෙඩියක් හොරෙන් කැඩුවම විතරද දඩුවම්. දකුණු ආසියාවේ හොදම මුදල් ඇමති.
රවී අස් වුණාට ප්‍රශ්නේ ඉවර නැහැ. ඔබතුමාටත් ළඟදීම කොමිසමට යන්න පුළුවන්.
හොඳ ආදර්ශයක්... මෙයා නම් ඉල්ලා අස් වුණා. එතකොට ගරු අගමැතිතුමා?
ඔබතුමාත් රටේ ජනතාවට ආදර්ශයක් වුනොත් හොඳයි
මරු ආදර්ශේ. පොල් ගෙඩියක් හොරෙන් කැඩුවොත් මාස 6ක් හිරේ. මේ වගේ ලොකු වැරදි වලට ඉල්ලා අස්වීම.
හරි නම් ඔබ අස්වෙලා පෙන්නන්න.
ඔහොමවත් කියල සැනසෙන්න.
අනේ මේ ඕව ගිහින් කියන්න කොන්ඩෙ බැදපු චීන්නුන්ට. මේක තේරෙන්නේ නැති වෙන්න අපි හරක්ද? මෙයා අස්වුනේ මෙයා විශ්වාසභංගෙ පැරදිලා මෙයාට පාර්ලිමේන්තුව සදහටම නැතිවෙන එක වලක්වා ගන්නත නැතුව ඔබ කියනව වගේ ආදර්ශ දෙන්න නෙමෙයි
අගමැතිතුමා අර්ජුන බේරාගැනීමට පුර්ණ මෙහෙයුමක් දුන්නා. රවී බේරාගැනීමට බොක්කෙන්ම දුන්නා. හරි ගියේ නැහැ. දැන් කියනවා අාදර්ශයක් දුන්නා කියලා. ඔබේ ක්‍රියාවලින් ඔබ කෙරෙහි ජනතා විශ්වාසය පළුදුවී ගොස් තිබෙන්නේ. ජනතාව රවට්ටන්න බැරි බව දැනගන්න.