(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම එම සභාව විසින් මාස 6කට අත්හිටුවමින් තමන්ට එරෙහිව නිකුත් කර ඇති නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර අභියාචනාධිකරණය හමුවේ අද (9) රිට් පෙත්සමක් ගොනු කළේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ,එහි සභාපතිවරයාව සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකා , ශ්‍රී ලංකා වෛද්‍ය සභා වෘත්තිකයින්ගේ හැසිරීම් සොයා බැලීම සඳහා වන කමිටුවේ සාමාජිකයින් නම දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
එම වෛද්‍ය සභාව විසින් ඉකුත් ජුනි 30 වැනිදා තමන් සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබ තිබෙන නියෝගය ක්‍රියාත්මක වීම සහ එම නියෝගය මත පදනම් ඉදිරි පියවර ගැනීමෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ එහි සාමාජිකයින් වළක්වන ප්රෙහිබිෂන් රිට් ආඥාවක්ද නිකුත් කරන්නැයි පෙත්සම්කරු ඉල්ලා ඇත.
හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන් ගේ ශරීර කොටස් අස්ථානගත වීම ඇතුළු චෝදනා පහක් ඇතුළත් චෝදනා පත්‍රයක් ශ්‍රී ලංකාව වෛද්‍ය සභාව ඉකුත් දා තමන්ට එරෙහිව ලබා දුන් බවත් පෙත්සම්කරු කියා සිටී. ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් 9 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා වෛද්‍ය සභා වෘත්තිකයින්ගේ හැසිරීම් සොයා බැලීම සඳහා වන කමිටුවේ සාමාජිකයින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බවද පෙත්සම්කරු කියා සිටී.
එකී චෝදනා වලින් චෝදනා තුනකට පමණක් තමන් වැරදිකරු කොට හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන් ගේ ශරීර කොටස් අස්ථානගත වීම ඇතුළු වෙනත් චෝදනා දෙකකට තමා නිවැරදිකරු බවට අදාළ කමිටුව ඉකුත් ජුනි 30 වැනිදා තීරණය කර ඇති බව සිය පෙත්සම මඟින් පෙත්සම්කරු පෙන්වා දේ.
කෙසේ වුවද එම චෝදනා වලට වැරදිකරු බවට තීරණය කර ඇත්තේ ඒකමතික තීරණයකින් නොවන බවත් ,තමා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලැබු කමිටුවේ ඇතැම් සාමාජිකයින්ට ඒ සඳහා සුදුසුකම් නොමැති බවද පෙත්සම්කාර ආනන්ද සමරසේකර මහතා කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අවුරුදු 10 කට තහනම බලපවත්වන්න.
ආනන්ද සමරසේකර විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ නිශ්ශබ්ද පුද්ගලයෙක් නමුත් ජී.එම්.ඕ.ඒ. එකේ බොස් වුණාට පස්සේ අං දෙකක් ආවා දැන් බොස්ගේ වගේම. අධිකරණ වෛද්‍ය නිලධාරීන් පොලිසිය එක්ක ලඟින්ම ගණුදෙනු කරන නිසා මෙයත් හිතාගෙන හිටියේ අයි.ජී.පී. කෙනෙක් කියලලු.
මොකෝ !! තව ශරීර කොටස් උස්සන්න හිතිලද? නැතිනම් තමුන්ගේ ශරීර කොටස් අස්ථාන ගත කරන්න හිතිලද?
මේ කොහොමට රාවයක් තියන හිටපු පුද්ගලයෙක්ද? බල්ලෝ එක්ක නිදාගත්තම බලු මැක්කෝ එක්ක නැගිටින්න වෙනවා කියලා අපේ පරණ පඬිවරු කියලා තියෙන්නේ මේවගේ දේවල් වලට තමයි. අධිකරණ වෛද්‍යවරයකු සැකකටයුතු මරණයක සාක්ෂි සැඟවෙනවා කියන්නේ වෛද්‍ය විද්‍යාව හිතුමතේ යොදවනවා වගේ.