( මුදිතා දයානන්ද)
ව්‍යවස්ථාව සංශෝධනය කර හෝ විශේෂ අධිකණයක් පිහිටුවා අතීතයේ දූෂිතයන්ට දඬුවම් පැමිණවීම කඩිනම් කරන ලෙස ආණ්ඩුවට බලකර සිටින බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (14) බත්තරමුල්ලේදී පැවසීය.
ජාතික හෙළඋරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසු රණවක මහතා මෙසේද පැවසීය.
‘මේ ආණ්ඩුව බලයට ගෙන ආ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වුණේ හොරකම දූෂණය, නාස්තිය වැළැක්වීම හා අතීතයේ දූෂණ සිදුකළ අයට දඬුවම් දීමයි. නමුත් ඒ වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ ප්‍රමාද කරන බවට පොලිස්පතිටත්, නීතිපතිටත් චෝදනා එල්ලවෙනවා. අපිත් ඒ චෝදනාව කරනවා. වහාම අතීතයේ දූෂිතයන්ට දඬුවම් දීමට යාන්ත්‍රණයක් ඇති කරන ලෙස අපි ඉල්ලා සිටිනවා‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චම්පික මැතිතුමනි, දැන් නම් කතාව ඇති. ඉක්මණින් හොරුන්ට දඬුවම් දිය යුතුයි. හොරුන්ට දඬුවම් නොදෙන්නේ නම් රජය ඉල්ලා අස්විය යුතුයි.
"ආණ්ඩුවට බලකරනවා" කිව්වාම ඒක බාර ගන්න කෙනෙක් නැහැ කියලා අපි නම් දන්නවා. ඒ හින්දා, ඔය ටික ඒ ලිපි ගොනු යටගහන්න කියලා උපදෙස් දීපු කට්ටියටම විශේෂයෙන් කිව්වා නම් පොලිස්පතියි, නීතිපතියි පට ගාල වැඩ කරයි.
"ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වුණේ හොරකම, දූෂණය, නාස්තිය වැළැක්වීම " මෙය ඔහු විසින්ම නැවත මතක් කිරීම උන්නැහේගේත් ශරීරයට ගුණදයක වනු ඇත. ඔහේ හිතන්නේ දැන් ඉන්න හාදයෝ ටික හරිම පිරිසිදු, හිතට එකඟව, අවංකව මහජන සේවයේ යෙදෙනවා කියලද? උන්නැහේ හීනෙන් බයවෙලාද? අතීතයේ කම්බ හොරුන්ට විතරක් නොවේ වර්තමානයේත් ඉන්න කම්බ හොරුන්ට නිසි දඬුවම් දියයුතුමය. ලක් පුරවැසියන් වන අප එය දෙස හොඳින් බලා සිටින බව ඔහෙත් සිහි තබාගත්තොත් හොඳා ......
හොරුන්ගෙත් හොරා බයවෙලාවත්ද?
හොරුන්ට නිසි දඬුවම් නොලැබුණොත් අපේ. කතිරයෙන් පලක් නෑ. ඔබතුමා සජිත්, හර්ෂ, බුද්ධික මහත්වරුගෙන් අපි මීට වඩා දේවල් බලාපොරොතු වෙනවා.
අලුත් අධිකරණ ඇමති කෙනෙක් යටතේ පා.ම ඇතුළු හැමෝම අල්ලා ගමු.
මෙයා මැඩම් වගේ වෛරය පිරිමහන්න යනවා. හරිනම් දඬුවම් ලැබිය යුතු දෙයක්..
විද්‍යාට මොකද වුනේ.....
මෙයා අලුත් දුෂිතයන් ගැන කියන්නේ නැහැ . හරි දේ නම් පරණ දුෂිතයන් ට චෝදනා ගොනු කර ඔවුන් ලබාගත් රජයේ මුදල් නැවත ලබාගැනීම හා අලුත් ආණ්ඩුව දුෂණයෙන් තොර වීම . මේ වන විට ඒ දෙකම සිදු නොවන බව පැහැදිලි .
UNP අපිට විශ්වාස නැතිවුනත් අපි චම්පික, හර්ෂ, සුජීව විශ්වාස කලා. එත් අපි මෙවරත් රැවටුනාද?????
ආණ්ඩුව කියන්නේ කාටද ? දැන් මේ ඇමති තුමා ජනතාවට චන්ද්දේ දීල ජනතාව හොරු අල්ලන්නද්ද?
අදිවේග මාර්ගයේ ගහපු ගැහිල්ල ගැන ඔබ තුමා කිව දේවල් දැන් අමටකද . කෝ හොරු. බොරුව කරලා මිනිස්සු රැවටුව. කාලකන්නි
ඇමතිතුමනි, විශේෂ අධිකණයක් පිහිටුවා අතීතයේ දූෂිතයන්ට දඬුවම් පැමිණවීම කඩිනම් කරන ලෙස අදිකරණ ඇමතිතුමාට (ඇවං -ගාඩ් ) පාර්ලිමේන්තුවේදී කියන්න.
ඔබටත් ගොඩක් චෝදනා තියෙනවා..අමතක කරන්න එපා...