(විනීතා එම් ගමගේ)
ලංකා ධීවර සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ සාමාජික මුදල් වෙනුවෙන් සංස්ථාව රුපියල් කෝටි පහක් සේවක අර්ථසාධක අරමුදලට මුදල් ගෙවිය යුතුව ඇතැයි එම සංස්ථාවේ වෘත්තිය සමිති පවසති.
සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයට සේවක අරමුදල් වෙනුවෙන් මාස දෙකක හිඟ මුදල් ගෙවිය යුතුව ඇති බවත් විශ‍්‍රාම ගිය සේවක සේවිකාවන් 30 දෙනෙක් වෙනුවෙන් පාරිතෝෂික මුදල් ගෙවා නැති බවත් ඔවුහු කියති.
මේ සම්බන්ධව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ කළ සාකච්ඡාවක දී මෙම හිඟ මුදල් මාස දෙකක් පමණ ඇතුළත ගෙවා දැමීමට ඇමැති එකඟ වී යැයි ලංකා ධීවර සංස්ථා පොදු සේවක සංගමයේ ලේකම් ජේ එච් නිශාන්ත මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ධීවර ඇමැති ඔය නැව් ටික විකුණලා ගෙවයි. ඕක ළුෑණු බිකක් වගේ...
පසුගියදා අමරවීර මැතිතුමා කිව්වෙ ධීවර සංස්ථාව ලාභ ලැබුවා කියල එයාගේ කාලේ. ජී එස් පි ප්ලස් හම්බුන නිසා තවත් වැඩිවෙයි කිව්වා. සේවකයන්ගෙ අර්ථසාධක ගෙවලා නැත්තේ ලාභ වැඩිවෙලා වෙන්න ඇති. මෙයා කතා කලේ ඉන්දියවේ ධීවර සංස්ථාව ගැනද?