ඉන්දිකා රාමනායක
උතුරු දැනට හටගෙන තිබෙන තත්ත්ව ජාතික ආරක්ෂාව කිසිදු බලපෑමක් එල්ල නොවන බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.
යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මේ බව පැවසුවේ අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ය.
උතුරේ පුනරුත්තාපනය නොවු එල් ටී ටී ඊ සමාජිකයින් 200 දෙනකු පමණ සිටින බවත් උතුරේ පසුගිය කාලයේ ඇති වු යම් යම් සිද්ධීන් වලට මොවුන්ගේ සම්බන්ධයක් තිබේද යන්න සහ මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද යන්න මාධ්‍යවේදියකු හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.
උතුරේ පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයින් 1963 දෙනකු සිටින බවත් තවත් 200 දෙනකු පමණ යම් යම් හේතු මත පුනරුත්ථාපනය වී නොමැති බවත් හමුදාපතිවරයා කියා සිටියේය.
එම පිරිස පුනරුත්ථාපනය නොවුවද උතුරේ ඇති වු සිද්ධීන් වලට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයන් ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බවද හෙතෙම කියා සිටියේය.
යාපනය මහධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට වෙඩි තැබීමේ සිද්ධියට පැරණිම එල් ටී ටී ඊ සාමාජිකයිකු සම්බන්ධ වී සිටියද එම සිද්ධිය අනපේක්ෂිත වු සිදුවීමක් බවද හමුදාපතිවරයා කීය.
මෑත කාලේ උතුරු සිදුවූ සිදුවීම් වලට කිසිදු එල් ටී ටී ඊ සමාජියකු සම්බන්ධවී නොමැති බවද හමුදාපතිවරයා ස`දහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් උතුර වෙන රටක්නෙ අපිට කොහෙද බලපෑම් නේද?
නමුත් අප සිතනවානම් තෝරකැලේ ඉන්නේ හාවෝ, මිමින්නෝ, ගැරඩියෝ විතරයි කියා ඒ සිතුවිල්ල නිවැරදිද කියා නැවත සිතුවොත් හොදා.
හමුදා පති තුමනි, ඇත්ත ඇති සැටියෙන් දකින්න. කාවවත් සනසන්න ප්‍රකාශ නිකුත් කරන්න එපා. දැනට ඔය තුවාලේ කුනු හම කැඩීමක් වුනාට ඉදිරියේදී එය ඔඩු දුවන්න පුළුවන් නිසා දැන්ම එයට බෙහෙත් දමා සුව කරන්න.
ඔය හෝදන්නේ හොදට
අන්න හරි. ඔහොම්මම කියන්න හමුදාපති තුමෝ. නැතිනම් ඔය පටි ගලවල ප්‍රශ්න කරන්න ගෙනියන්න ඉඩ තියෙනවා.
ජාතික ආරක්ෂාවට හානියක් නැහැ. හානිය තියෙන්නේ සිංහල ජාතියට අන්න එතනයි අව්ල තියෙන්නේ.
ඔබතුම ඔහොම කිව්වට මෙම සිද්දි කිසිම විදියකට සුළුකොට තැකිය නොහැකියි.පුංචි බීජ නැවතවරක් මහා රූක්ෂ ගස් වීමට කවුරුන් හෝ ඉඩතිබොත් එම පාපයෙන්නම් ගැලවීමක් නැත.ඔබතුමන්ලා කොල්ලෝ කුරුට්ටෝ කීපදෙනෙක් අල්ලාගත් පමණින් මෙය අහවර යයි සිතීම අනුවන කමකි.මෙම සිද්දීන් පිටුපස ඉතා ප්‍රබල හස්ත ක්‍රියාත්මක වනවා නොඅනුමානය.ඔබලා අල්ලගත්යුත්තේ ඔවුන්වය.ගසේ කොළ කැඩීමෙන් පලක් නැත.මහා මුලින්ම උපුටා දැමිය යුතුය.නවත්තත් ලබාගත් නිදහස නැතිවී අපගේ රට ව්‍යසනයක් කරා අදිගියහොත් ලෝකයේ සිටින දුර්ගන්දම ජාතිය බවට අප පත්වෙනවා නොඅනුමානය.අද හැමතැනම මාද්‍ය හරහා අසන්නට ලැබෙන්නේ පල හොරුන්, වංචාකාරයන්, දූෂකයන්, ද්‍රෝහීන් ගැන පමණි.අද අපේ ජාතියට රටේ සවර්දනය සහ රට ගොඩනැගීම ගැන කිසිම වගක් නැත.බැලු බැලු අත හොරු රජකරති.මෙවැනි සිද්දීන් සුළුකොට නොතකා සම්බන්ද වී ඇති සියලු දෙනා සහමුලින් අල්ලගන දඩුවම් දී මිස මෙම ප්රශ්නය ඉවර නොවේ.අප මතක තබාගත්යුතුවන්නේ මහ කොටියන් සිටින්නේ ලංකාවෙන් පිට බවයි.
කොටි සංවිධානයේ ළමා කාලෙ හිටපු ලොක්කොත්, ඒ කාලේ කිව්වේ ඔය වගේ කතා තමයි.
හමුදාපතිතුමනි, ඔබතුමා රාජ්‍ය නිලධාරියෙක්... රාජකාරිය අකුරට කරන්න මාධ්‍ය ප්‍රකාශ නිකුත් නොකර...ඒවා අයිති දේශපාලකයන්ට. එ්ක රාජ්‍ය නිලධාරියෙක් මාධ්‍ය නිවේදන නිකුත් කරන්න ගිහින් එතුමා අතින් නීතිය දුන්නක් වගේ නැවිලා මහ ඇබැද්ධියක් වුණා. ඒකෙන් ඔබතුමාත් පාඩමක් ඉගෙන ගන්න.
ජේ ආර් ජනපතිතුමාගේ කාලේ උතුරේ ප්‍රශ්න විසඳන්න යැවුව තිස්ස වීරතුංග කියන හමුදා නිලධාරියා ආපසු ඇවිත් කිව්වේ උතුරේ ප්‍රශ්න සියල්ල ඉවරයි කියලා. මේකත් ඒ වගේම කතාවක්.