(මහින්ද නිශ්ශංක)
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරහේන්පිට දුම්රිය ස්ථාන අතර අත්‍යාවශ්‍ය හදිසි මාර්ග නඩත්තු කටයුත්තක් සිදු කිරිම හේතුවෙන් ලබන 13 වැනි දා මාර්ගයේ දුම්රිය ධාවනය නොකරන බව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා පවසයි.
මේ නිසා මාර්ගයේ දුම්රිය මගීන්ට සිදුවන අපහසුතා අවම කිරිට මහරගම හා කොස්ගම අතර රේල් බස් රථයක් ධාවනයේ යොදවන බවද ගමනාගමන අධිකාරිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුගේගොඩ ඉඳලා සර්විස් එක දෙන්න බැරි ඇයි? පවර්සෙට් දැම්මා නම් එන්ජින් මාරු කරන්න ඕනෑ නෑ. පොඩ්ඩක් මොලය පාවිච්චි කරන්න ඔය නිලධාරීන් දන්නේ නැද්ද? බලන්න පුළුවන් කොපමණ දුම්රිය භාවිතා කරන මිනිසුන් ඉන්නවද?
එච්චර මොලයක් තියෙනවා නම් ලංකාව අදවෙන කොට මොනතරම් දුම්රිය මඟවල් ඉදිවෙලා දියුණුවෙන්න ඇතිද? කතාකරලා වැඩක් නැහැ. ඒවා ඉතින් අපි නම් ඉන්න රටවල හැමදාම බලලම පුරුදුවෙලයි ඉන්නේ.
සුද්ද හදපු රේල් පාර තවම එතනම තියනවා සුද්දා එ්ක කෙරුවේ නැත්නම් පුද්ගලික කරත්ත සර්විස් එක තමයි.