(සුජිත් හේවාජුලිගේ)
බැඳුම්කර කොමිසම කැඳවීමක් කළහොත් තමා ඕනෑම අවස්ථාවක එහි ගොස් කරුණු දැක්වීමට සූදානම් බව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
වෙනත් අය මෙන් හැංගි හැංගී සිටීමට තමාට වුවමනාවක් නැති බවද ඔහු කියයි.
එමෙන්ම කොමිසම විමසන ඕනෑම දෙයකට තමාට උත්තර ඇතැයි ද කබ්රාල් මහතා ලංකාදීපයට පැවසීය. මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවී ඇති ආකාරය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් කිරීමට තමාට හැකි බවත් මෙතෙක් තමන්ට කොමිසමෙන් කැඳවීමක් නොලැබුණු බවත් ඔහු ප්‍රකාශ කළේය.
බැඳුම්කර කොමිසමේදී හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මහතාගේ හා ඔහුගේ නැගණියගේ නම් සඳහන් වුවත් කොමිසම තවමත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට ක්‍රියාකර නැතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශු මාරසිංහ හා නලින් බණ්ඩාර මහත්වරු පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නංගි ඩිරෙක්ටර් වෙලා හිටියද ලාබ ලැබුවද ? අය්යා සපෝර්ට් කලාද
මේවට කියන්නේ මර බයේ කියවනවා කියල. දැනටම එක ශරීර කුර්තියක් වෙලා වගේ ගෙදරම. ඉන්න ඉන්න හොද හොද සෙල්ල එලියට එනවා දැන්.
මෙයා දැන් සිංහයා වගේ කතා කළාට, ලංකාවට අර නීති විරෝධී පිරමීඩ් ක්රමය පටන් ගත්තේ මෙයා තමයි. හුඟක් අහිංසක මිනිස්සු එ්කට රැවටිලා මුදල් නැති කර ගත්තා.
හඬ තියෙද්දී බෙදා ගන්නවා විතරක් නෙමෙයි. ඇත්තටම රජාගේ ගෝලයෙක් වෙන්නැති.
යන්න වෙන්නේ කොමිසමට නෙමෙයි. ලෑස්ති වෙලා ඉන්න මහා උළු ගෙයි තපින්න...
වතුර රත්වෙන තෙක් කකුළුවා දිය කෙලියේ!