විමර්ශන අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති විමර්ශන ගොනු සම්බන්ධයෙන් මාස ගණනක් තිස්සේ ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් එජාප පසුපෙල මන්ත්‍රීවරු පිරිසක් එළඹෙන සතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාර්ග කියයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ද මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිත බව දැනගන්නට ඇත.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු හොරු ටික බේරන්න වෙන්න ඇති.
2015 ජනපතිවරණ සටනේදී ජීවිත පරදුවට තබා කලින් ආණ්ඩුවෙන් එලියට ආ ප්රගතිශීලීන් පසෙක ලා, මේ දෙපාර්තමේන්තුවට අදාළ අමාත්‍යවරයා පොරක් වෙලා මදිවට තමන්ගේ වාසගම තියෙන උදවියට අවශ්‍ය විදිහට කරුණු කාරනා හසුරුවනවා කියනඑක ලොකු චෝදනාවක්. අපි යහපාලනයට චන්දෙ දුන්නේ මේ වගේ කේවට්ටයින්ගේ නැටුම් බලන්න නෙමෙයි. දැනටමත්, අවුරුදු දෙකහමාරක් ගෙවිලා ඉවරයි. ඉතිරි කාලෙත් ඔය බයිලමද ගහන්න හදන්නේ..? ජනපතිතුමනී, වහාම තීන්දුවක් අරගෙන බැඳුම්කර කොමිසමෙන් කරා වගේ, ස්වාධීනව සහ සාධාරණව විමර්ශනයක් කරලා වහාම චුදිතයින්ට දඬුවම් ලබාදෙන්න. ඔය ඩීල්දාසලාට බලේට කවුරු ආවත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් වුනොත් වෙන්නේ ඔබතුමා ඇතුළුව කීප දෙනෙකුට පමණයි. එනිසා, ඔබතුමාලා ජනතාවට දුන් පොරොන්දු වහාම ඉෂ්ට සිද්ධ කරන්න. එහෙම නොවුනොත් ඊළඟ මැතිවරණයේදී ගෙදර යන්නයි වෙන්නේ, දුන් පොරොන්දු ඉෂ්ට කරන්න බැරිවුණු අජුත දේශපාලුවෝ වගේ.
මහ බැංකුවේ නිලධාරීන්ට කෝප් කමිටුවේදී බැණ වැදුන. විගනකාධිපතිට බැණ වැදුන. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බැණ වැදිලා ඒ මදිවට ගෙන්නලම තර්ජනයක් දෙන්න වගෙයි හදන්නේ. කවුද ඔය කියන පරීක්ෂණ ගොනු යටගහගෙන ඉන්න උපදෙස් දුන්නේ. එක හොයන්නේ නැතුව, දැන් මිටි තැනින් වතුර බස්සල ඇඟ බේර ගන්නයි හොරු ටික හදන්නේ.
අප අපට අවංකව සහ අපගේයුතුකම් එලෙසම සිදු නොකරනතාක්කල් අපරට නොදියුණු රාජ්‍යක් වනු ඇත .දැනටමත් ශ්‍රී ලංකා මාතාව නොදියුණු රාජ්‍යක ලකුණු පහළවී ඇත. මෙතෙක් අප මව්බිම පාලනය කල හැම පක්ෂක්ම තම පක්ෂයේ බලයට ,මහජන මුදල් හොරකම සහ රදාපැවත්ම ගැන සිතුවා හැර රට ගැන නොසිතීම කනගාටුවකි.හොදදෙයට හොදය කීමටත් වැරදි දෙයට වැරදිය කීමටත් අප අවංක වියයුතුමය. මාසිතනවා තම තමන්ගේ කැමති වර්ණයන් මෙයට බාදාවක් නොවේය යන්න.