විනීතා එම් ගමගේ
ජාතික පාසැල් 353 හි සේවය කරන ගුරුවරු 38000 අතරින් 12,000 ක් දෙනා වසර දහයකට වඩා එකම පාසැලේ සේවය කරතැයි අධ්‍යාපන අමාත්‍යංශ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන බව ලංකා ගුරු සංගමය පවසයි.
මේ පිරිස අතරින් 3000 කට ආසන්න පිරිසක් උසස් පෙළ පන්තිවලට උගන්වන ගුරුවරුන් යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
මොවුන් මාරු කිරීමට අමාත්‍යංශය තීරණය කර ඇතැයි කී ස්ටාලින් මහතා එය නිලධාරින්ට භාර නොදී ජාතික මාරු ප්‍රතිපත්තියට අනුව සිදු කරන්නැයි අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව ද කීය. යම් හෙයකින් මෙම ගුරු මාරු නිලධාරින්ට භාර දුන්නොත් හිතවතුන් ගේ මාරුවීම් පමණක් කැමති අයුරින් කරන්නට කටයුතු කරනු ඇති බව හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද අනිත් අය වගේ උද්ගෝෂණයක් කරන්න.
ගුරුවරුන්ටත් මාරු වීම් ඕනැලුද දැන්...?
නිට්ටඹුවේ සංඝබෝධි පාසලේ පිරිහීමට හේතුවත් අවුරුදු 10 කට වැඩි කාලයක් තිස්සේ සේවයේ යෙදෙමින් සිසුන්ටත් අලුතෙන් පත් වී එන විදුහල්පතිවරුන්ටත් වින කටින ගුරුවරුන් කීප දෙනෙක්.
ඔය කියන්නේ අමුතු පිරිසක් ගැන නොවෙයි, තමන් වගේම ගුරුවරු පිරිසක් ගැනනේ. ඇයි බැරිද තමන්ගේ වෘත්තීය සමිතියේ සමාජිකයෝ ටික හරියට හදා ගන්න, ඔය මාධ්‍ය සංදර්ශන තියෙන වෙලේ?
අපේ රජයේ පාසල් වල තියෙන ප්‍රධානම ප්‍රස්නයක් තම ගුරුවරු අතර තියෙන කල්ලිවාදය. මෙහෙම එකම තැන අවුරුදු ගානක් ඉන්න දෙන එකෙන් තම මේක උඩු දුවන්නේ.
අවුරුදු දහයනොවේ සමහර අය වයස අවුරුදු පහේදී පාසලට ඇතුළත්වෙලා උසස්පෙළින් පස්සේ ගුරුසේවයට එක්වෙලා එම පාසලෙන්ම විශ්‍රාම යන්නේ දරුවෙකුත් එමපසලේම ගුරු සේවයට එක්කරල, එවැනි පාසල් වල විභාග ප්‍රතිපල ඉතාම පහල මට්ටම්වල තියෙන්නේ එම පාසල්වල පවතින්නේ ඔවුන්ගේ අධිරාජ්ජයක්