බද්දේගම ගොඩවත්තේ දී අද අලුයම නාදුනන තුවක්කු කරුවකු එල්ල කළ වෙඩි ප්රහාරයකින් විශ්රමික නාවික සෙබළකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. වෙඩි ප්රහාරය එල්ල කර පළා යාමට උත්සහා කළ ද වෙඩි වැදුණු පුද්ගලයා සහ ඔහුගේ බිරිය සමග වෙඩි තැබූ පුද්ගලයා පොර බදා ඇති අතර එහිදි ඔහුගේ ජංගම දුරකතනය වැටී ඇත. පසුව වෙඩික්කරු පලා යද්දී නිවසේ කාන්තාව කිරි හට්ටියකින් පහරදී ඇති අතර ඔහුටද තුවාල සිදු තිබේ. වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද නිවස අසල තිබී සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd