(සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනාධිපති නිතිඥ ෆයිසර් මුස්තාපා මහතාට විරුද්ධව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනවා කෙටුම්පත් කිරිම ඊයේ (13) ඇරැඹූ බව බදුලු දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
මැතිවරණ කල්දැමීම, දුෂිතයන් රැකීම හා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී අසන ප්‍රශ්නවලට පිළිතුරු නොදී මඟහැරීම යනාදී පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිප්ත කරන බව කී විජේසිරි මහතා මේ විශ්වාසභංග යෝජනාවට සහය දීමට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් දැනටමත් කැමැත්ත පළකර ඇතැයි ද ප්‍රකාශ කළේය.
ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාට විරුද්ධ විශ්වාසභාංග යෝජනාවක් ඉදිරිපත් කරන බව චමින්ද විජේසිරි මහතා ඉකුත් 9 වැනි දා පාර්ලිමේන්තුවේ දී ද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි දේට රටට , සමාජය හිතට එකගව වේද කරන්න .............බියනොවන්න
මේ විශ්වාස භංග සමයයි. මේ රටට මොකද වෙලා තියෙන්නේ?
විශ්වාසභංග සංස්කෘතියට සුබ කාලයක් උදාවී අැති හැඩයි. අැමට මීළඟට අල්ලන්නේ හාල් මැස්ෙසක්ද? දැවැන්ත තල්මසකුද?