( කාංචන කුමාර ආරියදාස )
තම තමන් කරන ලද පව්වලින් මිදීමට වහාම තනතුරු අතහැර දමා ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්නැයි ශ්රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමති වරුන්ට ආරාධනා කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
“වර්තමානය වනවිට රට විශාල අගාදයකට ඇදවැටිලා.අනුරාධපුර ජනතාව නෙළුම් අල ආහාරයට ගන්න තත්ත්වයට පත්වෙලා.දුප්පතුන්ට හිරිහැර රැසක් සිදුවෙනවා.එම තත්ත්වයට රට පත්කිරීමේ පාප කර්මයෙන් මිදෙන්න.“
“ මැති ඇමතිවරුන් කොටා ගන්නවා.විශ්වාස භංග ගේනවා.මට හොරා කියූ අය දැන් අරු හොරා මු හොරා කියනවා.දැන් බලනකොට මුන් ඔක්කොම හොරු කියලා උන් උන්ම කියනවා.රටේ සම්පත් විකුණනවා.මේවා වටින්නේ නැතිනම් විකුණන්නේ කොහොමද?.මේවා විකුණද්දි කොමිස් යන ආකාරය ගැන සොයන්න ඕන.රටේ ජනතාවට බර පටවන්නේ ණය නිසා නෙමෙයි.බැඳුම්කර සොරකම වසා ගන්න.“යැයි ඒ මහතා ප්රකාශ කරයි.
හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පියා වෙනුවෙන් පැවැත්වුණූ දානමය පිංකමකට එක්වෙමින් ඒ මහතා මේ බව කිවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාන පිංකමත් සංවිධානාත්මකව සෙනඟ පෙන්වන දේශපාලන වේදිකාවක් කරගෙන... පව් අප්පා...
ආණ්ඩුවේ ඉන්න පව් කාරයෝ ටික ඔබතුමා ළඟට ගත්තා නම් යහපාලනයත් ගොඩ, රටත් ගොඩ.
අපි ඔක්කොම හොරු. අපි ඔක්කොම රජවරු රටේම මෝඩ ජනතාව රවටනවා. මට බලය දෙන්න... දාන්නම් හතරවරිගේම ගොඩ. අපි ඔක්කොම රජවරු. අපි ඔක්කොම නෑදැයෝ.
දන්දීම ඉතා හොඳ කටයුත්තකි. කවුරු කළත් ඒවා අප අගය කරමු. මේ උන්නැහේ පව් කරලා නැද්ද? ඔය අවට ඉන්න ඇම්බට්ටයෝ ටිකත් සුදනෝ වෙන්න ඇති. මුණුවලින් පේනවා හාදයෝ ටික හතරට ගැන ගන්න බැරිව ඉන්න විදිය. දැන් බලයේ ඉන්න හාදයොත් ඔහෙලත් එකම බෝට්ටුවේ තමයි හරියා....
අනේ ඉතින් මගේ කට... කතාකරලා වැඩක් නැහැ.
මහින්ද මහත්තයෝ නෙළුම් අල හොඳ ආහාරයක්... එ්ත් කුඹුරු පාලුවට ගියපු නිසා දැන් අපිට කන්න වෙන්නේ පිදුරු තමයි. රටින් හාල් ගෙනත් දුන්නත් ඒවා ගන්න රජරට ගොවීන්ට මුදල් නැහැ. අපේ පොකට් එක හිස්වෙලා .
බෝධිසත්වයෝ ටිකක්නේ ඒකාබද්ධයේ ඉන්නේ..? ජනතාව මැරිලා ඉපදිලා කියලා හිතනවා ඇති...
කරපු පව් වේල්වලින් මිදෙන්න තව ටිකක් කා ගගහා ඇවිදින්න ඕනෑ. රතුපස්වල කොල්ලෝ 3 දෙනා වෙඩි තියපු හැටි.. ඕනේ නම් තව අවුරුදු 10කින් රජ වෙනවා.
ඔව්... ලොකුම හොරු එක්ක එකතු වුණාම පොඩි හොරුන් කැපිලා පෙනෙන්නේ නැහැ නේ...හොඳ අදහසක්.
සමහරුන්ගේ සේවා කාලය ඉවරවෙන්නත් කලින්ම රටේ මිනිසුන් එකතු වෙලා පැන්සල් කොටේකින් අවිහිංසාවාදීව කතිරයක් පමණක් ගසා එලෙව්වේ ඇයි කියා හොයා බැලුවානම් වඩා හොඳයි. ඔලුව ගිනිගත් සේ ප්රකාශ නිකුත් කරනවාට වඩා.
ඇයි අප්පච්චි පව්කාරයින්ට ඔච්චර අනුකම්පාව. අගමැතිකම මට මැවිලා පෙන්වා. පුතාලා ලැම්බෝ ගිනි පදින කොට මොන ආඩම්බරද?
පින් පව් ගැන සිතුවා නම් අපේ රටට මේ වගේ දේශපාලකයන් පහළ වේද? දැන් වත් මේ ගැන හිතනවා නම් හොඳයි.
රජෙක් පව් කාරයෙක් ඉදිරියේ දණින් වැටෙයි.
ඔව් ඉතින් ඔක්කොම පව්කාරයෝ ඉන්නේ මෙතැනනේ... එන්න එන්න ලැගුම් ගන්න.
දුන් නොවනු මහරජතුමනි. පාප මිත්ර සේවනය නොකළ යුතුය. රජකම් කළත් කලකම් පලදේ රජතුමනි.
කුණු සියල්ල යායුත්තේ කුණු වලකටමය. ඔබේ යෝජනාව මම සම්මත කරමි.
මහා රජතුමනි, ඔබතුමා ඉඳ ගන්නවා කියූ විදුලි පුටුවට මොකද වුනේ?
ගරු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේලා මහින්ද මහත්තයාට ආදරේ නම් තණ්හාවේ ඵල විපාකත්, පව් පල දීම ගැන බණකුත්, දැඩි ආශාවන්ගෙන් මිදෙන මාර්ගත් එහි ප්රතිඵලත් දේශනා කරන සේක්වා!!!
කොහොම බැලුවත් කතාව ඇත්තකි. අද දේශපාලකයන් මොනවා කියනවාද කියා ඔවුන්වත් දන්නේ නැත.මෙතුමාත් කරපු පව් වලින් මිදෙන්න වෙන්න ඇති ඒකාබද්ධය අටවාගෙන ඇත්තේ. අද බොහෝ දේශපාලකයන් පදික වේදිකාවේ සමහර වෙළදුන්ටත් වඩා පහතට වැටිම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි.
හැමෝගෙම අදහස් නියමෙට ගැලපෙයි.
මොන කෑදර කමක්ද මේ. ඔය අපූරුවට කියන්නේ අපි හොරු තම කියල. එකනේ කියන්නේ කරපු පවු වලින් මිදෙන්න අපි ගාවට එන්න කියල. සල්ලිවල කෑදරකම කවදාවත් යන්නේ නෑ. මුළු රටම කාල කාල තම යන්නේ. මේ වගේ මිනිස්සු නිසා අපේ අනාගත ළමයින්ට කිසිම කලදසාවක් නෑ.
අද කාලේ දාන වලට යන්නෙත් බැනර් උස්සගෙන. අාගමට ගියපු කලක්. මේ අය තමයි අාගමත් දේශපාලනය කරනෙන්.
අද කාලේ දාන වලට යන්නෙත් බැණර් උස්සගෙන. අාගමට ගියපු කලක්. මේ අය තමයි අාගමත් දේශපාලය කරනෙන්.
හරි සෙනඟ.... සතුටුයි ද දැන්... මැතිතුමනි ඔබතුමා රේරුකානේ හාමුදුරුවන්ගේ පොතපත, බලන්ගොඩ ආනන්ද මෛත්රිය හාමුදුරුවන්ගේ පොතපත, පරිශීලනය කොට පානදුරේ අරිය ධම්ම හාමුදුරුවන්ගේ සරල බණ පදයක් කියවා. නිවන් මග පාදාගන්න. සියලු දේ අනිත්යයි.
කව්රු කුමන පම්පෝරි ගැහුවත් මෙතුමා රට පාලනය කල යුගය මෑත ඉතිහාසයේ ස්වර්ණමය යුගය කිව්වොත් නිවැරදියි.. කිසිම පාලනයක් 100% සාර්ථක පාලනයක් නොවන අතර වැරදි අඩුවෙන්ම කරන පාලකයා තොරා ගැනීමට මහා ජනතාවට සිදුවේ. මෑත යුගය හා සසඳා බැලුවත් දත්ත විශ්ලේෂණය කලත් සෑම අතින්ම මෙතුමාගේ පාලනය ඉදිරියෙන් තිබුණා.
පැත්තකට වෙලා හිතන්න උසේන් බෝල්ට් ට වුන දෙය. නියම කාලෙදි විශ්රාම නොගියාම පරාද වෙලා යන්න වෙනව. ඔහේ ආයිත් එන්න හදන්නෙ කරපු වැරදි වහගන්න.
කල හොරකම් වහගන්න ඒකාබද්දයට යන්න
කෙලින්ම කියන්නකො, 2020 දි අගමැති වෙලා මොකද කරන්නෙ කියල. ලසන්ත මැරුනෙ වෙඩිල්ලකින් නෙමෙයි උල් ආයුධයකින් ඇනල කියල පිලිගන්නවද ? තාජුඩීන් මැරුනෙ රිය අනතුරකින් නෙවෙයි ඒක මිනී මැරුමක් කියල පිලිගන්නවද ? එක්නැලිගොඩ උස්සන් ගිහින් මැරුව බව පිලිගන්නවද ? කබ් රාල් අධිපති කාලෙ එයාගෙ නංගි මේ බැඳුම්කර වංචාව කල සමාගමේ අධ්යක්ෂිකාවක් වෙලා ඉන්න කොට මේ වාගේ වංචා සිදුවුනේ නෑ කියල කියනවද ?
අපි තවමත් හිතනවා මෙයා කොහොමද එළියේ ඉන්නේ කියා ?
අනේ මේ සුදනන්ට එකතු වෙලා රට බේරගන්න?
තනතුරු දාල එන්නේ කොහොමද?කෑම තියෙන්නේ එතනනේ.කුකුල්ලු වගේ කෑම තියෙන තැන පහුරු ගගා ඉන්නවා මිස වෙන ලෝකයක් කොහෙන්ද ඔවුන්ට?
මහින්ද මහත්තයෝ , ඔය කොපමණ ,කට්ටිය ඇදගත්තත් ජනතාව දන්නවා කුමක්ද විය යුතේ , කුමක්ද විය යුතු නෙත්තෙ කියල......
මම හිතාගෙන හිටියෙ පව් සමාකරන්නෙ කතෝලික ආගමේ කියල, දැන් මල් පොහොට්ටු පක්ෂෙත් පව් සමා කරනව එහෙනම්.. එතකොට අප්පච්චිට කර්මය ගැන විශ්වාසයක් නැද්ද ?
මෙන්න පිස්සු තද වෙලා කෑගහන්න අරගෙන
අලි බයවෙලා තියෙන තරම
අනුර බය වෙලාද? පව්
අලි බයවෙලා
සමහරු සුවර්ණමය යුග ගැන පම්පෝරි ගහනවා. එහෙම යුගයක් තිබුණා නම් මේ වෙනකොට මිනිස්සු කුණු කඳුවලට යටවී මිය ඇදෙනවාද? මැතිවරණයක් කියන්නේ අඩුම හොරා තේරිමක්ද? අපේ රටේ මිනිස්සුන්ගේ මේ සිතිවිල්ලේ මෝඩකම තුරන් වෙන දිනය රටේ අනාගතය තීරණය වෙන දිනය වේ.
අපේ රට කෑවා. තාමත් කනවා. පුදුම පුද්ගලයෙක් තමයි.
මොනවා කිව්වත් අහගෙන ඉන්න තරම් අය තාමත් ඉන්න බව මෙතුමා දන්නවා. ඒ අයට, මොන වගේ දූෂණ, භීෂණ, අපරාධ, මිනීමැරුම් කරත් කිසි අවුලක් නැහැ. කොහොමත්, ඔය වගේ කතා වැඩිකල් අපිට අහන්න වෙන්නේ නැහැ. ආඳා නටන්නේ හැලිය රත්වෙනතුරුලු.
ඒකාබද්ධ විපක්ෂය කියන්නේ පව්කාරයන්ගේ එකතුවක්ද?