අඩිපුඩි ගසා “පොල්අඩි“ කාලා
නෝනගේ උපන්දිනය දා නෑනට ගැසූ දඩයෙන් අඩිපුඩි ගසා නෝනාගෙන් පොල් අඩි කෑ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ.
නෝනයි නෑනයි ඇයි හොඳයිය තිබුණත්, දෙන්නට දෙන්නාම සිටියේ දෙන්නම ලොකු වංශෙනි. නැතහොත් මහා වංශයෙනි. මමයි උඩින් සිටින්නේ යයි දෙන්නාම සිතූහ. ඒ නිසාම දෙනෑනෝ අතර ලොකු කමට තිබූයේ ලොකු පොරයකි. මතු පිටින් නොපෙනුනද යට අර්ථය එයය.