සීමා නැති ආතල්
ට්රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකියාවක් ට්රැක්වාසීන්ට තියනවා. අහස උසට දැවෙන ප්රශ්න ආවත් , ගංවතුර ගලන්න වැස්සත් , නියගයක් එන තරමට පෑව්වත් , කෝටි ගණන් සල්ලි තිබ්බත් , අන්ත අසරණ දුප්පත් වුනත්, එකී නොකී මෙකී ඕනෑම අවස්ථාවක් ආතල් එකක් කරගැනීමේ හැකියාව ට්රැක්වාසීන් සතුයි.