IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


පච්චයක් පුච්චන්න ගිහින් අලි අමාරුවක

ආරක්ෂක හමුදාවට එක්වීමට බාධාවක් වූ අතේ තිබූ පච්චයක් ඉවත් කිරීම සඳහා හඳුන්කූරක් ගෙන අත පුලුස්සා ගත් තරුණයකුට අතේ තුවාලය සනීප කර ගැනීම සඳහා     රෝහල් ගතවී බෙහෙත් එන්නත් කරවාගන්නට දින ගණනාවක් රෝහලක ප්‍රතිකාර ලබන්නට සිදුවූ බව කියැවෙන පුවතකි. 
සිද්ධිය මෙසේය.
ඔහු උසස් අධ්‍යාපනය නිම කළ තරුණයෙකි. ටික කාලයක් අගනුවර ප්‍රදේශයේ රැකියාවක නිරත වූ හෙතෙම ඉන් සමු ගත්තේ ආරක්ෂක හමුදාවට එක්වීමට තිබූ කැමැත්ත නිසාය. ගමට ආ ඔහු ඒ සඳහා ඉල්ලු‍ම්පතක් යොමු කළේ තවත් මිතුරන් කීප දෙනකු ද හවුල් කර ගනිමිනි. ඔහුගේ අතේ තිබූ පච්චය දුටු හිත මිතුරන් කියා සිටියේ ‘‘පච්චය තියෙද්දි නම් හමුදාවටවත් පොලිසියටවත් යන්න බැහැ. අපේ අයියටත් එහෙම එකක් උනා.’’ යනුවෙනි.
මිතුරන්ගෙන්ම අසා දැනගත් පරිදි ඔහු එදා සිටම පච්චය ඉවත් කරන්නට කටයුතු කළේ දැඩි උනන්දුවකිනි. හඳුන්කූරු කීපයක් රැගෙන නිවසට පැමිණි ඔහු දොර වසා ගෙන පච්චය මත දැල්වූ හඳුන්කූර තබා අධික වේදනාවක් විඳිමින් එය පිලිස්සුවේ පච්චය අතුරුදන් කිරීමේ අටියෙනි. පච්චය ඉවත් වුවද එතන ලොකු තුවාලයකි. ගොඩ වෙදකම් කීපයක් කළද දිනෙන් දින තුවාලය පැසවන්නට විය. අවසානයේ ඔහුට ගමේ රෝහලට ඇතුළත් වන්නට සිදුවූයේ මව්පියන්ගේ බර බරේ නිසාය. තුවාලය පිරික්සු වෛද්‍යවරු ඔහුට පිටගැස්ම එන්නත මෙන්ම තුවාලය වේලීම සඳහා එන්නත් වාර ගණනාවක් ද නියම කළහ. ඔහු රෝහල්ගත කෙරිණි. දින පහක් පුරා එන්නත් ලබාගත් ඔහු රෝහලෙන් අපිට වූයේ තුවාලය යම්  තරමකට සනීප කර ගනිමින්ය. එහෙත් දැන් ඔහු යළිත් දිනක් හැර දිනක් රෝහලට පැමිණ තුවාලයට බෙහෙත් දමා ගන්නා බව මිතුරෝ පවසති.

වියලුව වාර්තාකරු



අදහස් (0)

පච්චයක් පුච්චන්න ගිහින් අලි අමාරුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 996 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site