අමුඩය අමතක වී ලේලිය අමනාප වෙලා
මී හරක් පට්ටියකට හිමිකම් කියූ කිරි ගොවියකුට ‘‘අමුඩය” අමතක වීම නිසා තම එකම පුතු අලුත විවාහ කර ගත් ලේලිය අමනාප වී නිවසින් පිටව ගිය අපූරු පුවතක් වැව් බැඳී රාජ්ජේ පිටිසර බද ගමකින් අසන්නට ලැබූණි.
හේ වනාහි අමතක වීමේ රෝගය තදින්ම තිබූ තලත්තෑනි කිරි ගොවි මහතෙකි. වර්ෂා කාලයේදී තම මී හරක් පට්ටියට කෑම සඳහා ගමෙන් එපිට ලදු කැලෑවට දක්කාගෙන යනු ලබන්නේ වතුර පිරුණු ”ඔයක්” තරණය කරමිනි. මෙසේ එම වතුර පිරුණු ”ඔය” හරහා ගමන් කරන මේ කිරි ගොවි මහතා ඔහුගේ සරම වතුරට ත