අධික බීමතින් කුඹුරක බැස රෑ එළිවනතුරු සිය නිවස සෙවූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය
ගියහොත් කෙනකු යළිත් නොඑන තැනක රැකියාව සිදු කරන ඔහු රැකියාවේ තත්ත්වය නිසාම අධික ලෙස මත්පැන් පානය කරයි.
විවාහක දෙදරු පියකු වන ඔහු පවුල් ජීවිතයට වඩා සෙල්ලක්කාර ජීවිතයට නැඹුරුව සිටි කෙනෙකි. ඔහු මිතුරන්ගේ මළ ගෙවල් හැර ඕනෑම පාටියකට අමතක නොකර සහභාගී වෙයි.
මේ අතර දිනක් ඔහුට ඈත ප්‍රදේශයක යහළුවකුගේ දියණියකගේ වැඩිවියට පත්වීමේ මඟුලකට සහභාගී වීමට ඇරයුම් ලැබී ඇති අතර ඔහු ඒ සඳහා ගොස් ඇත්තේ තවත් මිතුරන් පිරිසක් සමග වෑන් රථයකිනි.
මඟුලට ගොස් මුලින් සියල්ලට පෙර මත් පැන් වලින් සප්පායම් වූ ඔහු සෙනඟ මැද විටක් සපා කෙළ ගසන්නට තැනක් නොමැතිව මඟුල් ගෙදරට පැමිණි කාන්තාවකගේ අත් බෑගයට කෙළ ගසා ඇත්තේ ඇයට හොරෙනි.
අධික ලෙස බීමත්ව රාත්‍රි වූ පසු සිය නිවසට යාම පුරුද්දක් කරගෙන ඇති ඔහු එදින ද තමන් දුර ගමනක් පැමිණි බව සිහියට නොපැමිණ අඳුර මැදින් පයින් සිය නිවස සොයා ගොස් තිබේ.
ඔහුගේ නිවසට යාමට කුඹුරක් අසලින් යා යුතුව ඇති අතර ඔහුට එම ගමේ හමු වූ පළමු කුඹුරේම මැදින් ගමන් කිරීමට ඔහු පටන් ගෙන ඇති අතර නිවසක් ඒ අහලකවත් නොමැති හෙයින් මුළු රැයම ඔහු නිවස සොයා ඇත්තේ කුඹුරේ ඇවිදිමිනි.
පසුදා එළිවෙන විට ඔහුගේ වෙරි හිඳී තිබී ඇති අතර තමන් මේ සිටින්නේ කොහේද යැයි කල්පනා කරද්දී සිද්ධිය මුල සිට අවබෝධ වී තිබේ. ඔහු එතනින් මාරු වී ඇත්තේ සිය මිතුරාගේ නිවසට ගොස් ඇඳුමක් ඉල්ලා සිය ගමට යාමටය.
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
2025 දෙසැම්බර් මස 04
550
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පදමට ගහලා කුඹුරේ බැස එලිවෙනකන් ගේ හොයලා