IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


අනඟ රැඟු‍ම මාට්ටු වී තරු පෙනිලා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



සැමියාගේ තරම මගී ප්‍රවාහන බස් රථයක දී භාර්යාවකට දැනගන්න ලැබුණු කතාවක් දකුණේ කොනේ නගරයකින් අසන්නට ලැබේ.
විවාහකයෙකි, ව්‍යාපාරිකයෙකි, දෙදරු පියෙකි, විනෝදකාමියෙකි. නිවසේ කටයුතු ද සමබරව පවත්වාගෙන යන අයෙකි. ඔහුට හිමින් ගෙන යන අනියම් සම්බන්ධතා දෙකක් තුනක් ද පවත්වාගෙන ගියේ ය. ඔහු ඒ සඳහා යන්නේ කාටත් හොරා නගරයේ නිවාඩු නිකේතනයකට ය. මාසයකට දෙතුන් සැරයක් නැතහොත් ඊටත් වැඩි වාර ගණනක් ඔහු එතනට යන්නේ ය. මේ නිසා එම නිවාඩු නිකේතනය බලා කියා ගන්නා අයට ඔහු හුරු පුරුදු ය.
සිය කාර්ය කරගැනීමෙන් අනතුරුව මේ සේවකයාට ද ඔහු අත යට ගතමනාවක් දීමට ද අමතක නොකළේය. මේ නිසා මේ දෙදෙනා හොඳ මිතුරෝ වූහ. දෙන්නාට දෙන්නා හුරුය, පුරුදු ය.


එදා ඔහු බස් රථයෙන් සිය භාර්යාවත් සමග ගියේ අවශ්‍යතාවකට ය. බස් නතර කරනුයේ නගරාසන්නයේ ගමනාන්තය ද ආසන්න තැනක ය. ඒ එක්කම බස් රථයේ පිටුපස සිට බසයෙන් පැමිණි අයෙක් මොහු හඳුනාගත්තේ ය. ඔහු ද මොහු හඳුනා ගත්තත්, ඔහු මොහුගෙන් වහන්වීමට තැත් කළේය.
මේ කිසිත් නොදත් නිවාඩු නිකේතනයේ සේවකයා, ‘‘හා බොසා කොහොමද? අදත් යන්නේ අපේ තැනට ද, අද අලු‍ත් එකක් වගේ?’’ යයි ඔහුට කීවේය. ඒ සමගම ඔහු භාර්යාවගේ මුහුණ බැලු‍වේ ය. ඒ ඇයට සේවකයා කියපු කතාව ඇසුණා දැයි පැහැදිලිවම දැන ගන්නට ය. භාර්යාවගේ සුදු පාට මුහුණ ජම්බු ගෙඩියක් මෙන් රතුවී තිබිණි. දෙඇස් නළලේ ය.
‘‘අයිසේ මේ මගේ වයිෆ්. මොනවද තමුසේ කියන්නේ’’ යයි ඔහු සේවකයාට සැර කළේය. ‘‘සොරි සර්’’ යයි කියමින් ඔහු හනි හනිකට බසයෙන් බැස ගියේය.
මුවින් නොදෙඩූ භාර්යාව යන්න ගිය ගමන අතර මග නතර කර දමා ගියේ, ‘‘ගෙදර එනවකෝ මම තමුසේ අල්ල ගන්නම්’’ කියමින් අඬ අඬාලු‍. ඒ සමගම ඔහුට පෙනුනේ තරුලු‍. 

 



අදහස් (0)

අනඟ රැඟු‍ම මාට්ටු වී තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 60 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site