වතු යායක අසල පදිංචි පුද්ගලයකු රඹුටන් කැඩීමට ගොස්, මුහුණ දුන් අලකලංචියක් ගැන ගොමිල හල්ගහපොල ගම්මානයෙන් අසන්නට ලැබේ. කථාව මෙසේය.
මොහු පදිංචිව සිටියේ තේ, රඹුටන්, පොල් සහ දූරියන් වගා කර තිබූ ප්‍රභූවරයකුට අයත් අක්කර 20 ක පමණ වූ විශාල වතුයායකට මායිම්ව පිහිටි ඉඩමකය. විශාල ඉඩම අයිතිකරු වෙනත් ප්‍රදේශයේ පදිංචිව සිටි නිසා වත්ත බලා සොයා ගැනීමට මුරකරුවකු සේවයේ යොදවා සිටියේය.
දරුවන් දෙදෙනකුගේ පියකු වූ මොහු වතුයායේ තේ වගාවේ කුලී වැඩ කරමින් ජීවන වියදම සරිකර ගත්තේය. බිරියද එම වත්තේ දලු කැඩීමට ගියාය. ඉතා කපටි පුද්ගලයකු වූ මොහු වැඩ කරන වත්තෙන් පොල් ගෙඩියක් දෙකක් තම ප්‍රයෝජනයට ගැනීමට අමතක නොකළේය. ඒ වත්තේ සිටින මුරකරුට හොරාය.
මේ දිනවල වත්තේ, රඹුටන් ඵලදාව ඉතා සරුවට තිබුණි. පිට පළාත් වලින් පැමිණෙන වෙළෙන්දෝ මෙම වත්තේ ඇති රඹුටන් මිලට ගත්හ. ඒ ගෙඩියක් රුපියල් පහක මුදලකටය.
දිනක් පැමිණි වෙළඳුන්ට රඹුටන් කඩා දීමට වත්තේ මුරකරු, රඹුටන් ගසට නැගීමට ආධාරකයක් ලෙස යකඩ ඉනිමගක් භාවිත කෙළේය. ගස් කීපයක රඹුටන් කඩා දීමෙන් පසු මුරකරු රඹුටන් තොගය ගණන් කර ගනු දෙනු බේරා ගැනීමට දලු මඩුවට ගියේය. රඹුටන් ගනුදෙනුව හමාර කරන විට ඇඳිරි වැටී තිබුණි. මුරකරුගේ බිරිය රාත්‍රී කෑමට සහල් හිඟ බව පැවැසීම නිසා ඔහු සහල් ගෙන ඒමට කඩපලට ගියේය. රඹුටන් ගසට තැබූ ඉනිමග ගෙනවිත් තැබීමට අමතක විය.
වත්තේ වැඩ කරන අසල් වැසියා රඹුටන් ගසට තබා තිබෙන ඉනිමග දැක, කළුවර වැටෙන අඳුරේ රඹුටන් ටිකක් කඩාගෙන දරුවන්ට දීමට සිතුවේය. මුරකරුද කඩපොළට යනු දැක ගත් මොහු හෙමින් සීරුවේ රඹුටන් ගසට නැග රඹුටන් කඩන්නට විය.
දහවල් කාලයේ අත ළඟ තිබෙන රඹුටන් කඩා ඇති නිසා ඔහුට අඳුරේ රඹුටන් සොයා ගෙන ඉක්මනින් කඩා ගැනීම අසීරු විය. මුරකරු ගැනද විපරම් කරමින් ශබ්ද නොනැගෙන ලෙස සොරකම කිරීමට හෙතෙම වග බලා ගත්තේය. පැයක පමණ කාලයක් ගතවූවා පමණි, මුරකරු පැමිණ ගසට තබා තිබූ ඉනිමග රැගෙන ගියේය. රඹුටන් කඩාගෙන බිමට බසින්නට තිබූ ඉනිමග නැති වීමෙන් හෙතෙම බලවත් අසීරුතාවයකට පත් විය.
මේ අතර රඹුටන් කැඩීමට ගසට නැග ගත් අය මැදියම් රැය වනතුරු නිවසට නොපැමිණි නිසා, බිරිය ගිනි හුලකුත් දල්වාගෙන වත්තේ මුරකරු හමුවට ගියාය.
‘‘මහත්තයෝ මගෙ මිනිහා, ඇඳිරි වැටෙන ගොම්මනේ ගෙදරින් ගියා. මේ වනතුරු ගෙදර ආවෙ නෑ. අනේ බලන්නකෝ යයි, දුක් මුසු හඬකින් කීවාය.
‘‘මේ අතර මුරකරුගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ආවේය.
රෝහලේ නතර වෙලා. පපුවේ සහ කකුල් දෙක හොඳටම තුවාල වෙලා. වැටිලයි කියලා කියන්නෙ. බිරිඳට පණිවිඩය දෙන්න.
දුරකථනයේ පණිවිඩය එයයි.
වහාම තම යතුරු පැදියෙන් රෝහල වෙතට ගිය මුරකරු සිදු වුණේ කුමක්දැයි කම්කරු හිතවතාගෙන් විමසීය. ඔහු නිහඬව ඉවත බලා ගත්තේ ලජ්ජාශිලී මුහුණකිනි.
ඒ අසල සිටි වෙනත් රෝගියකු මුරකරුට කීවේ, “මෙයා රඹුටන් කැඩූ ගසට තැබූ ඉනිමග කිසිවකු විසින් ගෙන යාම නිසා ගසෙන් බසින්නට යාමේ දී රූටා වැටී තුවාල වූ නිසා , රෝහල පැමිණි බව පැවැසූ වගය. මුරකරුට සිද්ධිය තේරුම් ගියේ එවිටය.
මාරවිල පී.එස්. මද්දුමගේ
2025 දෙසැම්බර් මස 04
60
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
364
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කරුවලේ ජරමරෙන් රෝහලේ ලගින්න වෙලා