මොරගොල්ලාගම සිසිර කැලේගම
රෝගියාගේ රෝගි තත්වය අසා රෝහල් සේවිකාවක අපහසුතාවකට පත් වු පුවතක් වයඹ පළාතේ ප්‍රාදේශීය රෝහලකින් අසන්නට ලැබුණි.
බාහිර රෝගී ඒකකය විවෘතව ඇත. ඒ සඳහා රෝගින් ඇදෙන්නේ ද යලට මහට මෙන්ය.
කාර්යභාර වෛද්‍යවරයා තම කාමරයේය. බෙහෙත් තුණ්ඩුව ලියන්නේ සේවිකාවකි.
ඇය තුණ්ඩුවක් අතට ගනියි. රෝගියාගේ නම, වයස මෙන්ම ගම අසා එහි ලියයි. එය සාමාන්‍ය සිද්ධියකි.
එහෙත් මෙම සේවිකාව ඒ සියල්ල අසා තුණ්ඩුවක ලියනා අතරේ ලෙඩේ කුමක්ද කියා හාරා අවුස්සමින් අසන්නීය.
එයට ගම්මු විරුද්ධ වූහ. ඒ මන්ද යත් ඇතැමුන්ගේ අසනීපයන් රහසිගතය. ඒවා වෛද්‍යවරයාට වුවද පවසන්නේ රහසිගතවය. ඒවා තුණ්ඩු ලියන අය දැන ගැනීමට අවශ්‍ය නොවන්නේය.
ඒ දෙස කටකාර තරුණ වියේ පසුවෙන කොලුවෙක් බලා සිටියේය. ඔහු තැනට උචිත උපායක් යෙදීය. පෝලිමේ සිට තුණ්ඩු ලියන තැනට ගියේය. අංකයක් දා ගත්තේ ය. නම, වයස, ලිපිනය ලියා ගත්තේය. ලෙඩේ මොකක් දැයි වෙනදා මෙන්ම සුපරුදු පරිදි ඇය ඇසුවා ය.
ඔහු ඇඹරුණේය. “මේකයි මිස් මගේ රහස් පෙදෙසෙ කසානා වගයක් තියෙනවා. කොච්චරවත් කහනවා, දනවා. වාගේ ඉන්නකෝ පෙන්වන්න” කියා ඔහු කලිසම ගලවා පෙන්වන්නට තැත් කළේය.
“එපා එපා ඇය කෑ ගසාගෙන එළියට පැන්නාය..”
”එහෙනම් මොන මඟුලටද ලෙඩේ අහන්නේ.” ඔහුට සහාය දෙමින් රැස්ව සිටි අයද හඩ නැඟුහ.
ඇය තැති ගැන්මෙන්ය. කෙසේ වෙතත් ඇයට හිමි දේ කරනවා හැරෙන්නට ඇය දැන් රෝගයක ආගිය තතු කිසිවකුගෙන් අසන්නේ ද නෑලු.
2025 දෙසැම්බර් මස 04
550
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෙඩේ අහන්න ගිහින් රෙදි ගලෝගෙන