IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ශාන්තියේ මුවාවෙන් බිරිඳත් අරන් මාරුවෙලා


හසලක සුනිල් ඒකනායක 



කාන්තාවකට වැළදි තිබූ අමනුෂ්‍ය දෝෂයක් සුව කිරිමට පැමිණි කට්ටඬියකු රෝගය සුව කිරිමට රාත‍්‍රිකාලයේ පැවති ශාන්ති කර්මයෙන් අනතුරුව ඇය රැගෙන අලු‍යම පලා ගිය සිද්ධියක් හසලක ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය.
ඇය තිස් දෙහැවිරිදි රූමත් තිදරු මවකි. වසරක පමණ කාලයක සිට ඇයට කිසියම් රෝගයක් වැළදී තිබූ අතර එම රෝගයට ප‍්‍රදේශයේ දේශීය හා බටහිර ​ෙවෙද්‍ය ප‍්‍රතිකාර කළත් සුව නොවුණි. මැයට වැලැදී ඇත්තේ අමනුෂ්‍ය දෝෂයක් යැයි නෑ හිතවතුන් පැවසු නිසා ඒ සම්බන්ධයෙන්ද ප‍්‍රදේශයේ තිබූ දේවාල කරා ගොස් කටයුතු කිරිමට ඔවුහු පියවර ගත්හ. එහෙත් ඇයට සුවයක් නොලැබිණි.
ලද ආරංචියකින් පසු ඔවුහු දිනක් මහනුවර ප‍්‍රදේශයේ දේවාලයකට ගොස් කට්ටඬියෙකු හමුවූහ. රෝගියා පරීක්ෂා කර බලා මැයට අමනුෂ්‍ය දෝෂයක් පවතින බවත් එම දෝෂය තමන්ට සුවපත් කිරිමට හැකි බවත් ඒ සඳහා අවශ්‍ය කළමනා ලැස්තිකරන ලෙසත් තමන් අසවල් දින සවස පැමිණෙන බවත් කට්ටඬියා පවසා ඇයගේ කරට ඇප නුලක් දමනු ලැබිය. තමන් පැමිණෙන බව වෙනත් කිසිවෙකුට නොකියා සිටින ලෙසද ඔවුන්ට අවවාදයක් කට්ටඩියා විසින් කරනු ලැබිය.
මනමාල පාටක් පෙනෙන තිස් හත් හැවිරිදිවියේ පමණ පසුවන කට්ටඩියා මෙදින පස්වරු පහට පමණ ඔවුන්ගේ නිවසට පැමිණියේ බෙරකරුවෙකුද සමගිනි. පැමිණි කට්ටඩියා ගෘහමූලිකයාගේ සහ බෙරකරුවාගේ සහය ඇතිව ශාන්ති කර්මයට අවශ්‍ය දෑ සකස් කරගෙන රාත‍්‍රි නවයට පමණ ශාන්ති කර්මය ආරම්භ කර එය අලුයම 1ට පමණ නිමා කරනු ලැබීය.
එදින රාත‍්‍රිය එම නිවසේ ගත කළ කට්ටඬියා පසු දින උදේ ගෘහමූලිකයාට කතා කර කිවේ බිරිඳට වැළඳී තිබූ අමනුෂ්‍ය දෝෂයේ කොටසක් ඉවත් කළ බවත් ඉතිරි කොටස අද රාත‍්‍රියේ කළ යුතු බවත්ය. බිරිඳගේ රෝගය සුව වී ඇති බවට ඇය ද තම සැමියාට පැවසූ අතර එයින් ඔහු බොහෝ සතුටු විය. ආවතේව කටයුතුවලට පැමිණි බෙරකරුවාගේ කුලිය දී ඔහු අද දින ශාන්ති කර්මයට අවශ්‍ය නොවන බව පවසා ඔහු පිටත් කර යැවීමට ද කට්ටඬියා කටයුතු කළේය.


මෙදිනද රාත‍්‍රි 9ට පමණ ආරම්භ කළ ශාන්ති කර්මය රාත‍්‍රි 11ට පමණ නිමා කර සියල්ලෝම නිදා ගත්හ. එදින රාත‍්‍රියද කට්ටඬියා එහිම නතර විය.
සුපුරුදු පරිදි අලුයම 5ට පමණ අවදී වී ගෘහමූලිකයා බිරිඳට කතා කර කිවේ උදේ ආහාරයට යමක් සකසන ලෙසත් දින දෙකකින් කුඹුරට යෑමට බැරි වූ නිසා අද වෙලාසනින්ම කුඹුරට යායුතු බවකි. එසේ කියමින් බිරිඳ හා දරුවන් නිදා ගන්නා කාමරයට ගියේය. කාමරයේ බිරිඳ නොසිටි අතර දරුවන් පමණක් සිටිනු ඔහුට දැක ගැනීමට හැකිවිය. ඇය එළිපහළියට හෝ ළිඳට වතුර ගේන්න ගියා දැයි සොයා බැලූවත් ඇය එහි නැත. ගෙවත්තේද නැත. ඇයට කතා කළත් පිළිතුරක් නැත. 
මැයගේ අතුරුදන් වීම ගැන පැවසීමට කට්ටඬියාට නිදා ගැනීමට දුන් කාමරයට ගොස් ඔහු පිළිබඳව බැලිය. කට්ටඬියාද එහි නැත. ඔහුට යම් සැකයක් මතු විය. දරුවන් අවදි වූ පසු ඔවුන්ට ආහාර පාන සකස් කර දී මව පිළිබඳව විමසිමේදී පැවසුවේ මව ප‍්‍රතිකාර සඳහා රෝහලට ගොස් ඇති බවත් අය ඉක්මනින් පැමිණේවි යන්න කියා ඔහු ද නිවසින් පිටත් වුයේ දරුවන්ට කොහේවත් නොයන ලෙසට අවවාදයක් ද කරමිනි.
ඔහු කෙලින්ම ගියේ කට්ටඬියාගේ නිවස වෙතය. එහි යනවිට කට්ටඩියා නිවසේ නොසිටි අතර ඔහුගේ බිරිඳ පමණක් නිවසේ සිටියාය. ඇයට සියලු‍ විස්තර පැවසු විට ඇය පැවසුවේ “ඔය නොසන්ඩාලයා ඔහොමමයි. ඕකා දන්න මන්ත‍්‍ර ශාස්ත‍්‍රයක් නෑ. කරන්නේම ඔහොම නොහොබිනා වැඩමයි.” යැයි ඇය ඔහුට පවසා මම ඔයාගේ බිරිඳ හොයලා ඉතා ඉක්මනින්ම ගෙදර එවන්නම් යැයි කියා ඔහු පිටත් කර හැරියේය
ගත වූයේ දින දෙකකි. ඇය නිවස කරා පැමිණියේ කට්ටඬියාගේ බිරිඳද සමඟිනි. එහිදි ඔහු පැවසුවේ මේ දරුවන් තිදෙනා නිසා තමන් නැවත භාරගන්නා බවත් මෙවැනි නොහොබිනා වැඩක් මින් මතුව කර තිබුණොත් ආයේ තමන්ගෙන් කිසිම සමාවක් නොලැබෙන බව කියමින් ඇයට නිවස තුළට යෑමට අවසරදි කට්ටඩියාගේ බිරිඳට ස්තුතිකර ඇයට ආහාර පානවලින් සංග‍්‍රාහ කොට අතට බස් ගාස්තුවක්ද දි පිටත් කර හැරියේය.



අදහස් (0)

ශාන්තියේ මුවාවෙන් බිරිඳත් අරන් මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 60 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site