IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඔමරි පෑ ළඳට වශී වී අනූනවයෙන් බේරිලා


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



වාණිජ බැංකුවේ පෙර ගෙවුම්පත් කාඩ් යන්ත්‍රය ළග ඔමරි පපා සිටිය රූමතියගේ ගැටයට හසුවී හිරේ විලංගුවේ නොවැටී රුපියල් පන්දහසක් පමණක් නැති කරගත් අයෙකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
ව්‍යාපාරිකයෙකි. මැදි වයසේ ය. එදා බැංකුවට පැමිණියේ ණය වාරිකයක් ගෙවීමට ය. බැංකුව ළඟ රූමතියකි. දෙතොල් ද නාදලු‍ මෙන් රතට රතේය. ඒ තරමටම දෙතොල් රතු කරය. මිස්ට මේ රුපියල් පන්දහස ටිකක් නැවිලා තියෙන නිසා මැෂින් එකට ගන්නේ නැහැ. පුළුවන් නම් මේ පන්දහස අරගෙන වෙන පන්දහසේ කොළයක් හෝ දාහේ නෝට්ටු පහක් දෙන ලෙස ඇය මොහුගෙන් ඉල්ලා සිටියා ය. එය ඉල්ලු‍වේ සායම් කර ඇති දෙතොලෙන් තොදොල් වෙවීය. හුරතල් විදිහටය. ඒ නිසාම ඔහුට ඇයගේ මේ ඉල්ලීම කෙසේවත් අහක දැමීමට සිත් නොවූවේ ය.
පෙනුමෙන් ඇයට ඔහු මාමා කෙනෙකු වුවත් මැයට වශීවූ ඔහු ආ නංගී ඕක මොකක්ද කෝ දෙන්නකෝ ඔයාගේ පන්දහ මම දෙන්නම් ටොයිස් පන්දාහයේ කොළයක් කියමින් ඔහු ඇයට පොඩි නොවූ පන්දහසේ කොළයක් දුන්නේය. ඇය ඔහුගෙන් ඒ පන්දහස කොළය ගත්තේ අතට ගත්තේ ඔහුට ලෙන්ගතු සිනහවක් ද පාමිනි.
ඉන් අනතුරුව සිතේ තැන්පත්වූ මේ ළඳ ගැන සිත සිතා බැංකුව තුළට ගිය ඔහු තමාගේ ණය වාරිකය අය කර ගැනීමට මුදල් දුන්නේය. ඒ එක්කම බැංකුවේ සල්ලි ගනිමින් සිටි බැංකු සේවිකාව කීවේ මේ මුදල් සමඟ හොර රුපියල් පන්දහසේ නෝට්ටුවක් තිබෙන බවය. සල්ලි ගණින යන්තයට දැමූවිට එය ප්‍රතික්ෂේප වුණේ ද එය නිසා බව බැංකු නිලධාරිනිය ඔහුට කීවිට දෙවියන් බුදුන් සිහිවිය. තමා රුපියල් පන්දහස මාරු කරදුන් සුදු නංගි සිහිවිය. ඒ සමගම බැංකුවේ පෙර ගෙවුම් කාඩ්පත් මැෂිම ළඟට ඔහු ගියේ සුදු නංගි සිටිදැයි බැලීමට ය.
තමාට සිදුවූ ඇබැද්ධිය බැංකුවේ නිලධාරීන්ට ඔහු කීවේය. වැඩේ සාධාරණ වන්නට ඇතැයි සිතූ බැංකුවේ නිලධාරීහු හොර සල්ලි බැංකුවට දුන් මේ පුද්ගලයා පොලිසියට භාර නොදී හොර රුපියල් පන්දහසේ කොළය පමණක් සිදුරු විඳින යන්ත්‍රයකින් විද (පංච් කර) අවලංගු කළහ. රුපියල් පන්දහසේ පාඩුව විඳගත් ඔහු නිවසට ආවේ ආයෙත් නම් සුදු නංගිලාගේ ගැටවලට අහුවෙන්නෙ නම් නැහැ කියමින්ලු‍.

 



අදහස් (3)

ඔමරි පෑ ළඳට වශී වී අනූනවයෙන් බේරිලා

himal Friday, 18 July 2025 09:18 AM

මම අහලා තියෙන විදිහට නම් හොර සල්ලි අහුවුනාම ආපහු දෙන්න බෑ, හිල් විදලා. ඒක ඇත්තටම හොර සල්ලිද බලන්න බැංකුවේ වෙනමම මුදල් පරීක්ෂා කරන අංශයක් තියෙනවා, එහෙට දාන්නෙ නැතිව කොහොමද බැංකුවේ කට්ටිය හිල් විදින්න යන්නේ? අනික CCTV වලින් බලන්න පුළුවන්නේ කවුද කෙනා කියලා, එහෙම පොලිසියට දන්වන්න පුළුවන්නේ.

:       0       12

Amal tennakoon Saturday, 19 July 2025 11:16 AM

ඔය වාණිජ බැංකු වල පාතාලෙට සම්බන්ධ කනෙක්ෂන් තියෙන්න කියන්නේ ඕක වෙන්න ඇති... ගොඩක් මිනිස්සු කියන්නේ?

:       0       2

ගුණරත්න Sunday, 20 July 2025 11:03 AM

මිනිස්සු මොලේ පාවිච්චි කරන්න ඕන, කොලේ නැවිලා අනන් මනං නිසා මැෂින් එකෙන් ගන්නේ නැත්නම් කෙලින්ම බැංකුවට ගිහින් සල්ලි තැන්පත් කරන්න කිව්වා නම් ඉවරනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 160 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site