IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ගජ මිතුරා බිරිඳත් අරන් මාරුවෙලා


හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන



ව්‍යාපාරික ස්ථානයේ සේවයට ගෙන්වාගත් බිරිඳගේ කළණ මිතුරා පැමිණ මාස කිහිපයකින් බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක් ඇති කරගෙන ඇය සමග පලා ගිය අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 
සතුටින් හා නිදහසේ ජීවිතය ගත කරන තරුණ අඹුසැමි යුවළක් සිටි අතර, ඔවුනට දරුමල්ලන් ද සිටියේ නැත. යෝජිත විවාහයකින් පසුව බිරිඳගේ ගම් ප්‍රදේශයට ආසන්නව නගරයක ව්‍යාපාරික ස්ථානයක් මිලදීගෙන වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර, එය දිනෙන් දින දියුණුවට ද පත්විය. එක් දිනක් නගරයට ගිය අඹුසැමි යුවළට බිරිඳගේ පැරැණි මිතුරකු මුණගැසුණු අතර, තිදෙනා ආගිය තොරතුරු කතා කිරීමෙන් පසු ව්‍යාපාරික ස්ථානයේ වැඩ ඇති නිසා ඒවාට උදව් කිරීමට මිතුරාට අඹුසැමියන් ආරාධනා කළේ වැටුපක් ද ගෙවීමට හැකි බව පවසමිනි. 
දින කිහිපයක් ගත වීමෙන් පසු එම නිවෙසට ගිය මිතුරා ව්‍යාපාරික ස්ථානයේ වැඩ කටයුතු පිළිවෙළට සහ උනන්දුවෙන් සිදු කළේය. උදෑසනින්ම නින්දෙන් නැගිටින මිතුරා කුස්සියේ වැඩවලට බිරිඳට උදව් කරන්නට ද හුරු වීම නිසා සැමියාට එය මහත් අස්වැසිල්ලක් විය. සැමියා සවසට මධුවිත තොලගෑම පුරුද්දක් කරගෙන සිටි අතර, මිතුරාට මත්පැන් වහකදුරු මෙන් විය.


මාස කිහිපයකින් කාලය ගෙවී යද්දී දිනක් සැමියාගේ පියාට අසනීප බව දන්වමින් තරුණ සැමියාගේ නැගණිය දුරකතන ඇමතුමක් ලබා දී පැවැසීමත් සමඟ ඔහු දෙලොවක අතරමං විය. මිතුරා පැමිණ වෙළෙඳසලේ වැඩ කරන නිසා දුරබැහැර ප්‍රදේශයක ජීවත්වන පියා බැලීමට යාමට නොහැකිව දස අතේ කල්පනා කරමින් මිතුරා සමඟ ඒ බව සාකච්ඡා කළේය. ගැටලු‍වක් නොමැති බවත්, ගමේ ගොස් පියාගේ සුවදුක් බලා පැමිණෙන ලෙසත්, ව්‍යාපාරික කටයුතු ගැටලු‍වක් නොවන ආකාරයෙන් බලාගැනීමට හැකි බවත් මිතුරා පැවැසීය. මිතුරාට හොඳින් සලකන ලෙස බිරිඳට ද උපදෙස් ලබා දී එදිනම සවස පියා බැලීම සඳහා ඔහු පිටත්ව ගියේය.
පියාගේ අසනීප තත්වය වැඩි වීම නිසා ඔහු රෝහල්ගත කර තිබුණි. සතියක් පමණ පියාගේ නිවෙසේ ගත කළ ඔහු පැමිණෙන විට ව්‍යාපාරික ස්ථානය වසා දමා ඇති අයුරු දුටු සැමියා කලබලයට පත්විය. උදෑසනත් බිරිඳ සමග දුරකතනයෙන් තොරතුරු කතා කළ අවස්ථාවේදී මිතුරා වැඩ කරන බව පැවැසීම නිසා ඔහු අන්දමන්ද විය. ව්‍යාපාරික ස්ථානය අසල ඇති වෙනත් කඩයකින් විමසීමේදී ඔවුන් පැවැසුවේ, දින දෙකකින් වෙළෙඳසල විවෘත නොකළ බවයි.
සැතැපුම් පහක් පමණ දුර නිවෙසක සිටින බිරිඳගේ පියාට කතා කර ඔහු සහ මව ද ගෙන්වා ගත්තේය. තිදෙනා සමඟ කරුණු විපරම් කළ අතර, වෙළෙඳසලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී දියණියගේ පැරැණි පෙම්වතා වෙළෙඳසලේ වැඩ කර ඇති බව දුටු විටදී මව්පිය දෙදෙනාට ඉහමොළ රත්විය. සිද්ධිය සැලවීමෙන් පසුව දැඩි ලෙස අසරණ වූ සැමියා නීතියේ පිහිට පැතූ අතර, බිරිඳ, සැමියා සහ මිතුරා හා බිරිඳගේ මවුපියන් ද නීතිය ඉදිරියට කැඳවා විමර්ශනයක් සිදු කිරීමේදී, බිරිඳ සැමියා ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ පැරැණි පෙම්වතා සමඟ යාමට අවශ්‍ය බවත්, මව්පියන් දෙදෙනා බල කිරීම හේතුවෙන් මෙවැනි විවාහයකට කැමැති වූ බවත් බිරිඳ ප්‍රකාශ කිරීම නිසා නිලධාරිහු ද දැඩි අපහසුතාවකට පත්වූහ.
තම දියණියගේ නීත්‍යනුකූල සැමියා ඉතා වැදගත් හොඳ මහත්මයකු බව පියා දැඩි ලෙස අවධාරණය කළ ද, බොහෝ කාලයක සිට සැලසුම් කර මෙලෙස ක්‍රියා කළ බව සැමියාට සහ මව්පියන්ට අනාවරණය කළ බිරිඳ, ‘මම සතුටින් ඉන්නවා’ යැයි පවසමින් පෙම්වතා සමඟ පිටව ගිය බව ද සැලවේ.

 



අදහස් (0)

ගජ මිතුරා බිරිඳත් අරන් මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1012 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1047 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site