පෝද්දල සරත් ආනන්ද ගමගේ
ගසක් කපාදැමීම නිසා ගෙවත්තේ එකතුවුණු දර ගොඩකට පෙම්බැඳි කාන්තාවක දර ළිපක් සාදාගන්නට ගොස් අත පැලැදි මුදුවද අහිමි කරගත් පුවතක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තා වේ.
ඇය විශ්රාමික ගුරුවරියකි. සැමියාද රජයේ රැකියාවක නියුතුව සිට දැන් විශ්රාමිකව නිවසේ වෙසෙයි. දියණියන් දෙදෙනාද විවාහකව වෙනත් ප්රදේශවල පදිංචිව වෙසෙන අතර එකම පුතුද සිටින්නේ විදෙස් ගතවය.
දෙන්න දෙමහල්ලන් සතුටින් වෙසෙන අතර දිනක් නිවසට පැමිණි ඔවුන්ගේ මිතුරෙකු පැවසුවේ ගෙවත්තේ තියෙන මැහෝගනී ගස දැන් හොඳටම මෝරා ඇති බැවින් විකුණා දැමීම සුදුසු බවය. එය දැම්ම නොකැපුවොත් ප්රයෝජනයකට ගත නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය. මිතුරාගේ කීමට අනුව ලී මෝල් හිමියෙකුට ගස විකුණා දැමුණු අතර ඔහු ගසේ අතු ටික හැර සියලු ලීදඬු රැගෙන යනු ලැබීය.
දරට ගතහැකි මේ අතු සියල්ල අසල්වැසියන්ට දරට ගෙනයෑමට දෙමු යැයි සැමියා යෝජනා කළ අතර එයට එරෙහිවූ බිරිඳ කියා සිටියේ “කාටවත් දෙන්නෙ මොකටද ? අපිටම දරට ගන්න පුළුවන්” කියාය. “මට මැටි ටිකක් ගෙනැත් දෙන්න. මං අපේ ළිප හදාගන්නං” ඈ කළ යෝජනාවට එකඟවූ ඔහු ඇයට හුඹස්මැටි බෑගයක්ද ගෙනැවිත් දුන්නේය.
පසුව ඇය දැඩි පරිශ්රමයක් දරා කුස්සියේ තිබුණු කැඩීගිය දරළිප හුඹස්මැටි අනා නැවත පිළිසකර කරගත්තාය. සැමියාද කැඳවා ඈ හැදූ ළිප ඔහුට පෙන්වා“කෝමද මගේ වැඩ. කලින් තිබුණු එකටත් වැඩිය හොඳට හැදුවා” යැයි කියමින් උදම් අනන්නටද වූවාය.
එදින රාත්රියේ ඇය සැමියා අමතමින් “ඔයා මගේ මුද්ද දැක්කේ නැද්දැයි” විමසීය. “ඔයාගේ ඇඟිල්ල බලන්න” යැයි ඔහු කිවේ කවදාවත් ඇඟිල්ලෙන් ගලවන්නේ නැති මුද්ද වෙන කොහේවත් තිබෙන්නට නොහැකි නිසාය. පසුදා දවසම දෙදෙනා එකතුවී මුළු ගෙදරම සොයා බැලුවත් ඔවුන්ට මුද්ද හමුවී නැත. සැමියාගේ නිගමනය වූයේ ඈ මැටි අනනවිට මුද්ද ගැලවී මැටිත් සමග කලවම්වී ළිපට යන්නට ඇති බවයි.
ළිප කඩාදමා නැවත මැටි අරගෙන ගැරුම් වට්ටියක දමා සෝදා හැරියොත් සමහරවිට නැවත මුද්ද හමුවිය හැකි බව සැමියා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. දැන් ඉතිං මේ නහින දෙහින කාලෙ “මොන මුදුද ? ඔන්න ඕක අමතක කරල දාන්න” යැයි ඔහු කළ යෝජනාව ඈද අනුමත කරමින් මුද්ද අමතක කර දැම්මාය.
ඇය තමාගේ මුද්ද අතුරුදන් වීමේ කතාව යහළු මිතුරියන්ට මෙන්ම අසල්වාසී හිතවතියන්ටද පවසා ඇත. පසුගිය පොහෝදා සිල් සමාදන්වූ උපාසක උපාසිකාවන්ට ධර්ම දේශනා කළ විහාරාධිපති හිමියන් “දිරායන දර ගොඩකට පෙම් බැඳ ඉස්කෝල හාමිනේගේ මුද්ද නැතිවූ කතාව” සිය දේශනාවේ මාතෘකාව කර ගත්තේලු.
2025 දෙසැම්බර් මස 04
60
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
364
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දර ගොඩකට පෙම්බැද මුද්දත් අහිමි වෙලා