IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


සීල් එක පෙන්වා අනූනවයෙන් බේරිලා

ප්‍රසිද්ධ නගරයක පොදු ස්ථානයක රාත්‍රි කාලයේ රැඳී සිටි රජයේ නිලධාරියෙකු සිය අනන්‍යතාවය සනාථ කිරීම සඳහා හැඳුනුම්පත් කිසිවක් නොමැතිවීම නිසා රාජකාරි නිල මුද්‍රාව පෙන්වා නිදහස් වූ පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා වේ.
උපතේ සිට මරණය දක්වා ජනතාවට සිය සේවය ලබාදීම සිදුකරන නිලධාරියකු වන ඔහු හැඩි දැඩි සිරුරකට හිමිකම් කියන විශාල ආදරයක් සහිත කැපී පෙනෙන ක්‍රියාවන් කිරීම සඳහා දැඩි කැමැත්තක් දක්වන අයකු බවට සිය කාර්යාල මිතුරන් අතර දැඩි ප්‍රසිද්ධියක් ද උසුලයි. දුර බැහැර ප්‍රදේශයක සිටි මිතුරෙකුගේ නිවසේ තිබූ සාදයකට සහභාගි වි නැවත පැමිණෙන විට මාධ්‍ය රාත්‍රියට ආසන්න විය. ගමට යාම සඳහා නගරයේ ස්ථානයක රැඳි සිටින විට ඔහුගේ හැසිරීම් රටාවේ වෙනසක් නිසා එය කෙරෙහි ආරක්ෂක අංශයේ අවධානය යොමුවී ප්‍රශ්න කර ඇති බව පැවසේ.


ආරක්ෂක අංශයේ ප්‍රශ්න කිරීම් හමුවේ කලබලයට පත් නිලධාරියා තමන්ගේ නිලය සහ රාජකාරිය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය. රජයේ නිලධාරියකු දැයි තහවුරු කර ගැනීම සඳහා අනන්‍යතාවය හෙළිකර ගැනීම පිණිස ඔවුහු හැඳුනුම්පත් පිළිබඳව විමසීමක් සිදු කළහ. හැඳුනුම්පත් නොමැති බව පැවසීම නිසා නිලධාරීන්ගේ සැකය තෙගුණ විය. ප්‍රශ්න කිරීම් හමුවේ නිලධාරියා විසින් අපූරු පිළිතුරක් දෙමින් සිය රාජකාරි නිල මුද්‍රාව ආරක්ෂක අංශයට ඉදිරිපත් කළේය. 
නිලධාරියා පිළිබඳව විස්තර තහවුරු කර ගැනීම සඳහා ඔහු පදිංචි ප්‍රදේශයට අයත් ආරක්ෂක අංශ කාර්යාලයට අමතා විස්තර විමසීමට නිලධාරිහු ක්‍රියා කළහ. ආරක්ෂක නිලධාරින් විසින් නිලධාරියාගේ මාණ්ඩලික නිලධාරියකු අමතා කරුණු විමසීමෙන් පසුව ඔහු රජයේ සේවකයෙකු බවට සනාථ විය. ප්‍රදේශයෙන් බැහැර යාමේදී හැඳුනුම්පත රැගෙන යාම පිළිබඳව අවවාද කොට නිලධාරියා නිදහස් කළේය.
නිලධාරියාගේ දුරකථනයට උදෑසනම මාණ්ඩලික නිලධාරියෙකුගෙන් ලැබුණු ඇමතුමකට අනුව ඔහු හමුවීම සඳහා කාර්යාලයට ගියේය. මාණ්ඩලික නිලධාරියාගෙන් ලැබුණු ලු‍ණු ඇඹුල් සහිත දේශනාව හේතුවෙන් සිද්ධිය කාර්යාලය පුරා පැතිර යාමට වැඩි වේලාවක් ගත නොවීය. කාර්යාල මිතුරන් විසින් නිලමුද්‍රාව පිළිබඳව විමසමින් ඇමතුම් ලබා දීම හේතුවෙන් දුරකතන අංකය ද වෙනස් කිරීමට කටයුතු කර ඇතැයි සැලවේ. 

හක්මණ වි​ෙශ්ෂ 
දෙනගම යසන්ත ආරියසේන

 



අදහස් (0)

සීල් එක පෙන්වා අනූනවයෙන් බේරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1012 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1047 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site