කිරිබෝතලෙන් තිත්ත පැටවු මතුවෙලා ජංජාලයක් හෙතෙම කයිරාටිකයෙකි. මැදි වයසේ පසුවන ඔහුගේ රැකියාව එළකිරි අලෙවි කිරීමයි. තම මව සමඟ නිවසේ වාසය කරන ඔහු අවිවාහකෙයකි. මවට හොරා වැඩි කිරි ප්‍රමාණයක් වෙළඳපොළට දැමූ පුතණ්ඩියා නිසා මවගේ ව්‍යාපාරයට කණ කොකා හැඬ වූ කතාවක් සබරගමු පළාතේ ගම්මානයකින් වාර්තා වේ. 07 January 2025
ලියුම් කැබැල්ලෙන් ඉහමොළ රත්වෙලා ඇය විවාහ වී සිටියේ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති පුද්ගලයෙකු සමගය. ඇයට සහ ඔහුට දාව දරුවන් දෙදෙනෙකි. නිවසද යන්තම් අටවා ගත් එකකි. මේ වැඩේ හරියන්නේ නැහැ මම රටවත් ගිහිල්ලා රස්සාවක් කරලා කීයක් හරි හොයා ගෙන ගෙයක් දොරක් හාදා ගනිමු ඇය දිනක් තම ස්වාමි පුරුෂයාට කීවාය. ඒ අනුව ඉතා කෙටි කලෙකින් ඇය විදෙස් ගත වුවාය. 06 January 2025
ගෑනු ගැටේට හොල්මන අහුවෙලා තරුණ ගැමි කාන්තාවක තැනට සුදුසු නුවණ පාවිච්චි කිරීම නිසා වෙන්නට ගිය අපරාධයක් වැළකී ගියා පමණක් නොව පිරිමින් නොමැති නිවාසවලට රාත්‍රි කාලයට ජනෙල් වලින් එබිකම් කරන එතෙක් ප්‍රදේශයේ විවිධ අපරාධ කරමින් හැංගිමුත්තං කළ පුද්ගලයා කවුදැයි හඳුනා ගැනීමටත් ගැමියන්ට හැකි වූ පුවතක් හසලක නගරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 04 January 2025
නයි මිරිස් කතාවෙන් ඉහ මොළ රත්වෙයි කන්ද උඩරට ගම්මානයකි. එකී පළාතේ අඹුසැමි යුවළක් තනිව ජීවත්වන්නේ සිය එකම පුතා රජයේ කන්තෝරුවක සේවය කරන හේතුවෙන්ය. 04 January 2025
පුරසාරම් ඇද බාන්න ගිහින් රෙදි ගලෝගෙන වසර අවසානයේ මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වන්නට සැලසුම් කර එම සාදය තමන්ගේ සහෝදරයකු වන මිතුරෙකු වන රජයේ ඉහළ පෙළේ තනතුරක් දරණ නිලධාරියකුට අයත් හෝටලයක පවත්වන්නට යෝජනා කර හෝටලය වෙන් කිරීමට අත්තිකාරම් මුදල් ලබාදීමට ගොස් එම නිලධාරියා නොහඳුනන බවට මිතුරන්ට හෙළිවීම නිසා සිය මිතුරන් අතරම උපහාසයට ලක්වූ පුද්ගලයකු පිළිබඳව පුවතක් සීතල පළාතක ගම්මානයකින් වාර්තාවේ 04 January 2025
මරණෙට නෑවිත් මරණ සහතිකේ ඉල්ලලා මෙය සබරගමුව පළාතේ සිදුවු අනුවේදනීය කතා පුවතකි. ඇයට සහ ඔහුට දාව දරුවන් එකොළොස් දෙනෙකි. කාලය ගෙවෙමින් ගියේය. දරුවෝ ලොකු මහත්වී විවිධ රැකියාවලට ගිය අතර ඒ ඒ ප්‍රදේශවලින් විවාහ කටයුතු සිදු කරගත්හ. අවසානයේ නිවසේ ඉතිරි වූයේ අඹුසැමියන් පමණි. දරුවෝ ඉඳහිට මවුපියන් බැලීමට පැමිණියහ. 04 January 2025
පදම වැඩි වී අරුම පුදුම සිරිතක් වසරක් ගෙවී නව වසරක් උදාවෙන විට තිබු සිත් අමනාපකම් දුරු කරන්නට ගිය අසල්වැසියකුගේ ආගන්තුක සිරිත් විරිත් දැක තවත් පිරිසක් පුදුම වූ පුවතක් රජරටට අයත් කහල්ල රක්ෂිතය අවට ගමකින් අසන්නට ලැබුණි. ගොවිතැනින් දිවි ගෙවන පෙදෙසකි. රිළා, මොනර කරදරවලට අමතරව අලි තර්ජනවල නිමාවක් ද නැත. 04 January 2025
කප්පම් ඉල්ලන්න ගිහින් තරු පෙනිලා මැරකම්වලට නම් දරා සිටි අයකුගේ නම විකුණා කප්පමක් ගැනීමට ගිය අයකුටම කප්පමක් ගෙවීමට සිදු වූ පුවතක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ. 04 January 2025
උදව්වට ගිහින් අමාරුවේ වැටිලා මහ රෑ මහමගදී හමුවූ සුදු නංගිට උදව් කරන්න ගොස් අලි අමාරුවක වැටුණ කළු අයියා කෙනෙකු පිළිබඳව අපූරු කතාවක් රෑ කඩවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. එම නගරයෙන් බැස නිවසට යෑමට ගිය තරුණියක ඔහුට දක්නට ලැබිණ. 03 January 2025
රිළවු පන්නන්න ගිහින් බඩගාගෙන එන්න වෙලා දකුණු පළාතේ පිටිසර ගමක වත්තක් මැද පිහිටි නිවසක ජීවත්වන කාන්තාවක රිළවුන් එළවා දැමීමට ගොස් සිදු වූ සිද්ධියක් පිළිබඳ අපුරු පුවතකි. 02 January 2025
‘සැන්ඩි’ සිහියෙන් අලි අමාරුවක වැටිලා මිතුරන් ගෙනා බෝතලය බොන්න සැන්ඩිවලට දෙයක් රැගෙන එන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව බලපිටියෙන් අසන්නට ලැබේ. 01 January 2025
පඹයා නිරුවත් කරලා කුඹුරට එන කුරුලු ආදී සතුන්ගෙන් වී අස්වැන්න බේරා ගැනීම සඳහා කුඹුර මැද සිටුවා තිබූ පඹයකුගේ කලිසම හා කම්සය හොරෙන් ගලවාගෙන යාමේ සිද්ධියක් බෙන්තර ගඟ අසබඩ ගම්මානයකින් අසන්නට ලැබිණි. කුඹුරුවලට පැමිණ වී අස්වැන්න කා දමන මෙන්ම ගොයමටද හානි කරන මොනරුන් ඇතුළු පක්ෂීන් සහ ඌරන් ඇතුළු වන සතුන් බිය වැද්දීම සඳහා කුඹුරේ පඹයින් සිටුවීම ටක සෙලවීම ඇතුළු විවිධ උපක්‍රම පාවිච්චි කිරීමට මේ ප්‍රදේශයේ ගොවීහු පෙළඹී සිටිති. 31 December 2024
නින්ද ගිහින් අතින් තට්ටු වෙලා පුද්ගලයකුට බස් රථයේදී නින්ද යාම හේතුවෙන් වැඩිපුර කිලෝමීටර් 15ක් ගොස් නැවත රුපියල් 100ක් ගෙවා වෙනත් බස් රථයකින් නිවෙසට යාමට සිදුවීමේ සිද්ධියක් හංවැල්ල තුන්නාන ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. 30 December 2024
සුද්දා අන්දන්න ගිහින් තරු පෙනිලා සුද්දා අන්දන්න ගොස් තමන්ම ඇන්දුණු අපේ රටේ කළු සුද්දකු ගැන කතාවක් බලපිටිය මාදු ගඟ අවටින් අසන්නට ලැබේ. 28 December 2024
ඩයට් එක බයිට් එකට අරන් ජංජාලයක් හෙතෙම කම්කරු රැකියාවේ යෙදෙන්නෙකි. වැටුප් ලැබෙන්නේ සතියකට එක් වරකි. 27 December 2024
හොරේ අහුවෙලා අම්බානට ගුටි කාලා කාන්තාවකගේ අමනුෂ්‍ය දෝෂය ඉවත්කිරීමට ආ ප්‍රධාන කටිටඩියා ඇතුළු ඔහුගේ ආවතේවයට ආ ගෝලයන් දෙදෙනකුට ගම්වැසියන් පන්න පන්නා ‘ගුටිපූජාවකින්’ සංග්‍රහ කිරීමේ පුවතක් ‘මාඔය’ සමීපයේ අලවිව ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය. 26 December 2024
ලාබෙ බලන්න ගිහින් වැඩේ දෙල්වෙලා බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක ගොවියකුගේ ගෙවත්තෙහි ඇති රට දෙල් ගසෙහි මෙවර විශාල වශයෙන් දෙල් හට ගෙන තිබිණි. මේ සැරේ නම් ගාණක් ගත හැකි ගොවියා සිතුවේය. 24 December 2024
හොරේ අල්ලන්න ගිහින් හොරා වෙලා වැරදි වෙලාවක වැරදි කෙනෙකුගේ යතුරු පැදියේ නැගී ගොස් නැති වරදකට වටෙන්ම අම්බානකට කන්න සිදුවූ කතක් පිළිබඳ පුවතක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබිණි. 23 December 2024
සැමියාට කොකා පෙන්වා බිරීද මිස් කෝල් පෙම්වතා එක්ක ඉගිලිලා මග හැරුණු දුරකතන ඇමතුමකින් හිතවත් වූ පෙම්වතා සමඟ පැනගිය කාන්තාවක නැවත ගෙදර කැඳවාගෙන යමින් සිටි සැමියාට අතරමග දී පහර දී ත්‍රිරෝද රථයකින් පැමිණි මිස් කෝල් පෙම්වතා සමඟ යළි පැනයාමේ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ. 20 December 2024
තොල් සායමට මිරිස් කුඩු දමා තරු පෙනිලා තොල් රතුපාට කරන ලේලියට නැන්දම්මා දුන් දඩුවමින් ලේලියට තරු පෙණුනු පුවතක් ගාලු දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ. 19 December 2024
මනාලියක් ඉල්ලා සීයා දැන්වීමක් දාලා තමාට බිරිය සලකන්නේ නැතැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර කාන්තාවක් සොයා ගැනීමට පුවත්පත් දැන්වීම් කාර්යාලයකට කිහිලිකරු ආධාරයෙන් ගොස් ඇතැයි කියන පුද්ගලයකු පිළිබඳ පුවතක් මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 18 December 2024
වැඩි තණ්හාවට ගිහින් රෙදි ගලෝගෙන ඉහළ නැග ඇති පොල් මිල මෙන්ම සහන මිලට පොල් නගරවාසීන්ට අලෙවි කරන පෝලිම් ගැනද දේශපාලන කරළියේ ද කතාබහට ලක්ව ඇති මේ දිනවල අපූරු සිදුවීමක් බස්නාහිර පළාතේ මුහුදුකරයෙන් වාර්තා වෙයි. මෙහි කතානායකයා පොල් ඉඩම් හිමිකරුවකුය 17 December 2024
මසුරුකමට ගිහින් අතට තට්ටු වෙලා නිතරම අනුන්ගේ පහනේ එළියෙන් තමාගේ වැඩ කටයුතු කරගන්නා පුද්ගලයකුට මුහුණපෑමට සිදු වූ අපූරු පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙයි. තමා සතුව යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් තිබුණ ද ඔහු තම ගමන් පහසුව සලසාගනු ලැබුවේ වෙනත් පුද්ගලයන් මාර්ගයෙනි. ඔහුගේ මසුරුකම කොතෙක් දැයි කිවහොත්, බස් රථයකවත් ගමන් නොකර පයින් ගමන් කරන වාර ගණන ද අනන්තය. අතරමගදී හමුවන කාගේ හෝ යතුරුපැදියක යාමට ඔහු භාවිත කළ උපක්‍රමය වූයේ, ගමනක් යාමේදී තම හෙල්මටය රැගෙන යාමය. 16 December 2024
හිස් ටින් දෙකෙන් සහෝදරකමත් නැතිවෙලා මිල අධික පිටිවර්ගයක හිස් ටින් දෙකක් නිසා සහෝදරකමත් පියාගේ මළගමට සහභාගීවීමත් දෙකම අහිමි වූ පුවතක් පස්දුන් කෝරළයේ පිටිසර ගමකින් වාර්තා වෙයි. 14 December 2024
පුහුපොල් ගෙනත් අම්බානට බැනුම් අහලා මේ දිනවල පොල් මිල ඉහළ යාමෙන් හා පොල් හිඟය හේතුවෙන් නිතර ගෝරනාඩු කරන තම බිරිය පුදුමයට පත් කිරීමට සිතා ස්වාමි පුරුෂයෙකු විසින් ගෙදර ගෙන ගිය පොල් ගෝනියේ පොල් පුහුවීමෙන් බිරිඳගේ ඇනුම් බැනුම් මැද පොල් ගෝනිය ඔහුටම ආපසු රැගෙන යාමට සිදුවීමේ පුවතක් බෙන්තර ගඟ අසබඩ ගම්මානයකින් අසන්නට ලැබිණි . 13 December 2024
හාල්වලට පොල් හිලව් කරලා බඩු මිල මත හුවමාරු ක්‍රමයට හාල් ගෙනා ගැමියෙකුගේ කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණි. 12 December 2024
නෝනා පුදුම කරන්න ඇවිත් පොලිසිත් යන්නවෙලා නෝනාගේ ජන්ම දිනය දා ඇය පුදුම කරවන්න විදෙස් රටක සිට නොදන්වා පැමිණි සැමියෙකුට පුදුම වෙන්න සිදුවූ පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 11 December 2024
මී බන්ධනය කැඩී කාඩ් අතුරුදහන් වෙලා වෙළඳසලක අලෙවි කරන්නට තිබූ ජංගම දුරකතනවලට භාවිතයට ගන්නා ෆෝන් කාඩ් තොගයක් මීයන් රැගෙන යාමේ පුවතක් කුරුණෑගල දඹුල්ල පාරේ නගර සීමාව අවට වෙළෙඳසලකින් අසන්නට ලැබිණි. වෙළෙඳසලේ හිමිකරු හදිසියේ මිය ගියේය. මේ නිසා වියපත් විවාහක කාන්තාව ජීවත්වීමේ අරගලයට මුහුණදීම සඳහා එය පවත්වාගෙන යාමට කටයුතු කළාය. 10 December 2024
වප්මගුලට අමුතුම තාලේ පිලිගැනිමක් බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක වෙල්යායක වප් මඟුලක් සුදානම් කර තිබිණි. 09 December 2024
මිරිස්කුඩු දුමෙන් කට්ටඬියාගේ බලේ බිඳිලා අසරණතාවයට පත් රෝගියෙකු සුවපත් කිරීමේ සාත්තුව බලන්නට ආව පිරිසක් කරන ලද තක්කඩි වැඩක් නිසා කට්ටඬියා ඇතුළු රැස්ව සිටි උදවිය දැඩි අසරණතාවයට පත් වූ පුවතක් මාතලේ දිස්ත්‍රික්කයට මායිම් වූ ගැමි ගම්මානයකින් අසන්නට ලැබුණි. 06 December 2024
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026