IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බීලා වැඩිවෙලා බොරු දත් කුට්ටම මගුල් ගෙදර දාලා

මංගල උත්සවයකට සහභාගී වී නිවසට පැමිණි පුද්ගලයකු,  ඔහුගේ  බොරු දත් කුට්ටම සොයා පසුදින මෙහෙයුමක් සිදුකළ පුවතක් පසුගියදා කොළඹට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
පෞද්ගලික ආයතනයක සේවය කරන ඔහු එම ආයතනයේ මිතුරකුගේ  මංගල උත්සවයකට සහභාගි වීම සඳහා යාබද  ගමේ තිබුණු හෝටලයකට ගියේය.
එම හෝටලයට ළඟා වන විට රාත්‍රි හත පසුවී තිබිණි.  ඒ වන විටත් පැමිණි මිතුරෝ මදුවිත පානය කරමින් සිටියහ. මොහුද  එයට එක්විය.    කාලය කෙමෙන් කෙමෙන් ගත විය. තමන්ගේ තරමට මදුවිත සප්පායම් වී  බොහෝ දෙනකු රාත්‍රි භෝජන  ලබාගෙන ඉන් පිටත්ව යන අයුරු දක්නට ලැබුණු  නමුත් මදු විතට ලොල්වූ අය එහි රැඳී සිටිනු දක්නට ලැබුණි. මෙම පුද්ගලයාද  එහා මෙහා ඇවිද යමින් සිටින අයුරු දක්නට ලැබුණි.


 ටික වේලාවකින් ඔහු හෝටලයේ නොසිටි බැවින් මංගල උත්සවය සංවිධානය කළ තැනැත්තා  විසින් ඔහු ගැන සොයන්නට විය. 
ටික වෙලාවකින් දැනගන්නට ලැබුණේ ඔහු හෝටලයේ මල් ගස් යට වැතිරී සිටින බවයි. කීප දෙනකු එකතු වී ඔහු කෙළින් කිරීමට බැලූ නමුත් එසේ කළ නොහැකි හෙයින් ඔහු කරතබාගෙන මෝටර් රථයක දමා නිවසට පිටත් කළේය.         
පසුදින  උදෑසන ඔහු අවදි වී වතුර වීදුරුවක් බීමට ගිය අවස්ථාවේදී එහි ඔහුගේ මිනිපිරියක්, දැක සීයගේ මූණේ  වෙනසක් තියෙනවා යැයි පැවසීමත් සමඟ මොහු කාමරයට දිව ගොස් ඇඳුමක් දාගෙන හනික පිටව ගියේය.
පෙර දින මංගල උත්සවය පැවති හෝටලයට ගිය ඔහු වේටර්වරයෙකු හමුවූයේය. 
මල්ලි කාටවත් කියන්න එපා. ඊයෙ රෑ මගේ දත් කුට්ටම වැටිලා තිබුන දැක්කා දැයි විමසුවේය.
සර් නේද ඊයෙ රෑ අර ගහ යට නිදාගෙන හිටියේ.
එය ඇසූ විගස වහා ගස යටට ගොස් සොයන්නට විය. පෙරදින කෙනකු වමනය කර  ඇති බව දුටු ඔහු , ඒ අසලින් කෝටු කෑලි දෙකක් සොයාගෙන, වමනය ඒ මේ අත පෙරළන්නට විය. එවිටම දත් කුට්ටම මතු විය. කාටත් හොරා එය  කොළයක ඔතා සාක්කුවේ දමාගත් ඔහු නිවසට  ගොස් සෝදා වියළා කටේ දමා ගන්නා අයුරු දක්නට ලැබුණි

කැලණිය  ලාල් එස්. කුමාර



අදහස් (0)

බීලා වැඩිවෙලා බොරු දත් කුට්ටම මගුල් ගෙදර දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site