IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉත්තෑවා වලසකු වෙලා ගමම කුලප්පු වෙලා


පෝද්දල - සරත් ආනන්ද ගමගේ 



තම නිවෙසේ සවිකර තිබෙන ආරක්ෂිත කැමරාවේ වලසකු සැරිසරන දර්ශන දැක ඇති පුද්ගලයකු එහි පින්තූර නිවැසියන්ට හා අසල්වැසියන්ට පෙන්වීමෙන් මුළු ගමක්ම කුලප්පු වී ගිය පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
මේ ප්‍රධාන මාර්ගයෙන් හැරීයන අතුරු මාර්ගයක පිහිටි නිවෙසකි. එහි පදිංචි වී සිටින්නේ ගුරුවරයෙකි. අන් මත නොපිළිගන්නා තමා එල්බගත් මතයේම සිටින අයකු ලෙස ද ඔහු ගමේ කා අතරත් ප්‍රකටව සිටියේය.
ගුරුවරියක වන බිරිඳ හා උසස් අධ්‍යාපනය ලබන දියණියෝ දෙදෙනෙක් මෙහි සිටිති. නිවෙසේ ආරක්ෂාව පතා කළු සුදු වර්ණ සහිත ආරක්ෂිත කැමරා පද්ධතියක් ද ඔවුන් සවි කරගෙන ඇත්තේ මෑතකදීය. එහි දර්ශන නිවෙසේ ආලින්දයේ සිටම නැරඹීමට හැකි පරිදි රූපවාහිනී තිරය සකසාගෙන තිබුණි.
පසුගිය දිනක නිවැසියන් ආලින්දයේ රූපවාහිනී නරඹමින් සිටියදී ගුරුතුමාගේ ඇස යොමුවී ඇත්තේ ආරක්ෂිත කැමරාවේ දර්ශන වෙතය. එකවරම එහි අමුතු ආකාරයේ සත්වයකුගේ රූපයක් දිස් වී ඇති අතර ටික වේලාවකින් එම සත්වයා දර්ශන තිරයෙන් ඈත්වී ඇත.


ඔහු තමා අමුතුම ආකාරයේ සතකු දුටු බව නිවෙසේ අන් අයට ද පැවසීම නිසා සිවුදෙනාම එකතුව එම සතා නැවත දිස්වේදැයි බලා සිට ඇත. නැවතත් එම සත්වයා රූපවාහිනී දර්ශන තිරයට පැමිණ තිබේ. දුටුව ආකාරයට මේ නම් අනිවාර්යයෙන්ම වලසකුයැයි ගුරුවරයා තීරණය කළ අතර නිවැසියන් ද ඒ මතය අනුමත කර ඇත. පසුව ඔවුන් අවස්ථා කිහිපයක්ම එම දර්ශන නැවත නැවතත් රිවයින් කරමින් බලා ඇති අතර එහිදී පැහැදිලිවම ඒ වලසකු බව ඔවුන්ගේ නිගමනය වී ඇත.
පසුව ඔවුන් මේ සිද්ධිය පිළිබඳව අසල්වාසීන්ට මෙන්ම තම හිතවතුන්ට ද පවසා ඇති අතර එය ඇත්තක් දැයි බැලීමට ඔහුගේ නිවෙසට පැමිණෙන අයට සතාගේ දර්ශන පෙන්වමින් වලසාගේ හැඩහුරුකම ගුරුවරයා විසින් මනා ලෙස විග්‍රහ කර ඇත. 
කිඹුලන් නොසිටි ගිං ගඟට කවුරුන් හෝ කිඹුලකු ගෙනැවිත් දැම්මා සේ මෙම සතා ද කවුරුන් විසින් හෝ ගෙනැවිත් දමන්නට ඇතැයි ද ඔහුගේ නිගමනය විය. මේ ආසන්නයේ තිබෙන වතු සමාගමකට අයත් අතහැර දැමීම නිසා වල් බිහිවෙමින් තිබෙන අක්කර පනහකින් පමණ වූ භූමියේ මේ සතාට ආරක්ෂිතව වාසය කළ හැකි බවද ඔහු අවධාරණය කර ඇත.
මෙම නිවෙසේ ආරක්ෂිත කැමරාවේ දර්ශන නැරඹූ බොහෝ දෙනකුම තම ප්‍රදේශයේ ද වලසකු සැරිසරන බව පිළිගෙන ඇති අතර පසුදා වන විට සිද්ධිය ද වේගයෙන් ගම පුරා පැතිරී ගියේය. 
උගේ වාසභූමිය යැයි සැක කරන වල් බිහිවූ තේ ඉඩමේ මුරකරු මෙයින් වඩාත්ම භීතියට පත් වී සිටියේය. ඔහු මේ පිළිබඳව දන්නා කියන හැම දෙනාටම පවසා ඇති අතර පසුව ප්‍රදේශයේ වෙසෙන පරිසරවේදියකු ද සොයා ගොස් මේ බව දැනුම් දුන්නේය.
එම දැනුම්දීමට අනුව පරිසරවේදියා තම හිතවතකු ද සමග එම නිවෙසට ගොස් ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබූ දර්ශන නරඹා ඇත. අනතුරුව එම දර්ශන ඔහුගේ ජංගම දුරකතනයට ලබාගෙන ඒවා අගනුවර වෙසෙන ප්‍රකට පරිසරවේදියකුට යොමුකර උදා වී ඇති තත්වය ද ඔහුට පැහැදිලි කළේය. 
විනාඩි විස්සකින් පමණ පිළිතුරු ලබාදෙන බව ප්‍රකාශ කරමින් පසුව ඔහුගේ නිගමනය ලබා දී ඇත. දුරකතනයේ ස්පීකරය ද ඔන් කර කතා කළ බැවින් නිවැසියන්ට ද පිළිතුර ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබී ඇති අතර ඒ වලසකු නොව ඉත්තෑවකු යැයි ද කළු සුදු දර්ශන නිසා වලසකු ලෙස පෙනෙන බවද ඔහුගේ පැහැදිලි කිරීම වී ඇත. ඔහුගේ පිළිතුරත් සමග ගුරුවරයා නැගිට ගෙට රිංගාගෙන ඇත.
ගමක් භීතියට පත්කළ වලසා ඉත්තෑවකු වීම නිසා ගම්මුන්ගේ බිය පහව ගියද සිද්ධිය ඇවිළවූ ගුරුවරයා නම් මිනිස්සුන්ට මුහුණදීමට බියෙන් තවමත් මුහුණ සඟවාගෙන සිටිනවා යැයි තතු දන්නෝ පවසති.

 



අදහස් (1)

ඉත්තෑවා වලසකු වෙලා ගමම කුලප්පු වෙලා

ගුණරත්න Wednesday, 17 September 2025 12:24 PM

පරිසරවෙදියාත් වීඩියෝ එක විශේෂඥයෙක් වෙත යවලා තමයි තහවුරු කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ පළමු නිගමනය වැරදීම ගැන කනගාටු වෙන්න ඕන නැහැ. අපේ කළු බළල්තඩියාත් රෑට පේන්නේ වෙනත් සතෙක් වගේ.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site