IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුද්ද සොයන්න කුණුවළම “රයිසියෙන්” හලලා


කරුවලගස්වැව - ජයරත්න වික්‍රමාරච්චි



ගෙමිදුලේ නැතිවූ කාන්තා මංගල මුදුවක් සොයා මුළු කසළ වළක් වැලි හලන රයිසියකට දමා මංගල මුදුව සෙවූ තරුණ අඹුසැමියන් පිළිබඳ පුවතක් වයඹ පළාතේ උතුරු කොනේ ගම්මානයකින් පසුගිය දිනක අසන්නට ලැබුණි.
වර්තමානයේ වෙළෙඳපොළ වටිනාකම පමණක් රුපියල් එක්ලක්ෂ පනස්දහසක් පමණ වන බව කියන මෙම මංගල මුදුව අදාළ කාන්තාව පැලඳ සිටියදී ඇයට නොදැනීම එය ඇඟිල්ලෙන් ගැලවී වැටී ඇති බවත් එය වැටී ඇති බවට ඇය සැක කර ඇත්තේ තමන් එදින උදෑසන වැඩි වේලාවක් මල්ගස්වලට සාත්තු කිරීම, මිදුල අතුගෑම ආදී කටයුතුවල යෙදී සිටි ඔවුන්ගේ ගෙමිදුලේ බවත් කියයි.
මුද්ද නැතිවූ බව මුලින් ඇය කිසිවකුටත් නොකියා තනිවම කිසිවකුටත් නොදැනෙන ලෙසට නිවාඩුපාඩුව තමන් දන්නා ශිල්ප සියල්ලම දමා මිදුලේ අඟලක් නෑර මල්ගස් අස්සේ පවා සොයා ඇති නමුත් නැතිවූ මුදුව ගැන හෝඩුවාවක්වත් ලැබී නැත. තම විවාහ දිවියෙහි අමිල සංකේතය මෙන්ම එහි වර්තමාන මිල ආදී දේද කල්පනා කරමින් සිත අවුල් වී කලබලයෙන් එහෙ මෙහෙ යන තත්වයක් පසුව ඇයට උදා වී ඇත. මෙහිදී සිය බිරිඳගේ හැසිරීම් රටාවේ අමුත්තක් ඇති බව ඉවෙන් මෙන් දැනගත් සැමියා ඒ ගැන ඔහු බිරිඳගෙන් විමසීමක් කර ඇත.


ඒ අනුව තවදුරටත් මෙය කිසිවකුගෙන් වසන් කිරීමෙන් පලක් නැතැයි සිතූ කාන්තාව මංගල මුද්ද නැතිවූ සිද්ධිය සැමියාට පවසා ඇත. බිරිඳගේ මානසික තත්වය අවබෝධ කරගත් සැමියා එහිදී ඇගේ සිත සන්සුන් වන පරිද්දෙන් කතාබස් කර අනතුරුව දෙදෙනාම එකතු වී මිදුලත් අතුගාමින් යළිත් වතාවක් ගෙමිදුලේම මුදුව සොයා ඇති බවත් නමුත් එහිදී ද මුද්ද හමුවී නැති බවත් කියයි.
මුද්ද මිදුලේ වැටුණේ නම් යම් හෙයකින් එය උදෑසන මිදුල අතුගාන අවස්ථාවේදී ගෙවත්තේ කුණු දමන වළටවත් අතුගෑවී ගියේදැයි යන්න මෙහිදී සැමියාට කල්පනා වී ඇත. ඒ බව බිරිඳට ද පවසා ඇති ඔහු පසුව දෙදෙනාගේම එකඟතාව මත කුණු වළ වැලි හලන රයිසියකින් ගරන්න තීරණය කර ඇත.
මේ සඳහා නිවෙසේ රයිසියක් නොතිබූ බැවින් “මල්ගස්වලට පොහොර දැමීම සඳහා අද අපි කොම්පෝස්ට් වළක් රයිසියකින් ගරනවා” යැයි කියමින් අසල්වැසි නිවෙසකින් ඉල්ලාගත් රයිසියක් භාවිත කරමින් දෙදෙනාම එක්ව මෙහිදී කුණු වළ ගරා ඇති බවත් නමුත් කාරණය නම් පැය කිහිපයක් තිස්සේ දෙදෙනාම එක්වී මුළු කුණුවළම රයිසියෙන් ගැරුවත් නැතිවූ මුද්ද එහි ද තිබී නැති බවත් කියයි. 

 



අදහස් (1)

මුද්ද සොයන්න කුණුවළම “රයිසියෙන්” හලලා

ගුණරත්න Tuesday, 16 September 2025 10:11 PM

අහිංසක මිනිස්සු, මේ කාලේ රත්රන් පවුමක් ලක්ෂ 3ක් විතර වෙනවා. අනික මංගල මුදුවේ වටිනාකම මිල කරන්න අමාරුයි. මගේ මවුපියෝ මුදු උගස් තිව්ව. ඒවා බේරාගන්න බැරි වුනා. මට තාම මතකයි මගේ මවුපියන් කොයිතරම් දුකකින් හිටියද කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site