කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
රට සිටින භාර්යාවගෙන් මාටියා ගසා අලුතින් ඉදිකරනු ලැබූ නිවසේ වහලේ දැවවලට අඩු වියදමින් දැව ආරක්ෂක ද්‍රව්‍ය ගාන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව පුවතක් දකුණේ කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
මිනිහා බේබද්දෙකි. භාර්යාව රට යාමටත් එක හේතුවක් වූයේ මෙයය. හරි හම්බ කරන දේවලින් වැඩි හරියක්ම බීමට යට කළ නිසා ඔහුට හරි හමන් ගෙයක් දොරක්වත් සාදා ගැනීමට නොහැකි විය. මෙයට විසඳුමක් ලෙස භාර්යාව විදෙස්ගත වන්නීය. ඇය ඉතුරු කරගත් දෙයින් ගෙදර වියදමට අමතරව නව නිවසක් ද ඉදිකිරීමට මුදල් එව්වා ය. සියල්ල ගාණට මිම්මට ය. ඔහුටද නිවසේ වියදමට මුදල් එව්වේ ද පරිස්සමට ය. ඒ ඇයගේ සොහොයුරාගේ නමට ය.
මුලදී මුලදී ඔහු මෙයට විරෝධය පළ කළ ද එය පුස්සක්වී ගිය නිසාම ඔහුට කරබාගෙන සිටිනු හැර වෙනත් විකල්පයක් නොවීය. එහෙත් ඉඩ ලද සෑම අවස්ථාවකදීම ඔහු මාටියා ගැසීම අත්නොහළේය. ඒ නිවසට රැගෙන එන බඩු බාහිරාදියෙනි.
අලුතින් ඉදිකරනු ලැබූ නිවසේ වහලයට අවශ්‍ය ලී වල ආරක්ෂාව සඳහා දැව ආරක්ෂක ගෑ යුතු බවට වඩු බාස්උන්නැහේ කීවේය. එහි වර්ගය ද බාස් කීවේය. එය ඉතා මිල අධික බවද කීය. මෙය තමාට හොඳ අවස්ථාවක් බව සිතාගත් ඔහු දැව සඳහා වැඩි මිලක් ඇති දැව ආරක්ෂක වෙනුවට නිකන් මෙන් ගත හැකි කළුතෙල් ගැන ඔහුට සිහියට ආවේය. ඒත් භාර්යාවට යවන බිලෙහි සඳහන් වනුයේ කලු තෙල් නොව දැව ආරක්ෂකවලට ගිය වියදම ලෙස ය.
ඔහු කලු තෙල් ගෙන ඒමට සිය පාපැදියෙන් ගියේ ලීටර් පහේ ප්ලාස්ටික් ලොකු බෝතලයක් ද සහිතව ය. ඉතාම අඩු මිලට කලුතෙල් මිලදී ගත් ඔහු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසලකින් දැව ආරක්ෂක ද්‍රව්‍ය මිලදී ගත් බවට බිලක් ද ඉල්ලා ගත්තේ ය. ලාභය බොහෝ ය. මාටියා පාර සරුය. ඒ නිසා එන අතරමග පුරුදු තිත්පොළෙන් අඩියක් දෙකක් ගසාගත් ඔහු නිවසට ඒමය පා පැදියට ගොඩ වූවේය. ඒ මට හැකි වූයේ ටික දුරකි. පාර හරහා පැන්න බල්ලකු බේරා ගැනීමට ගිය ඔහු පාපැදියෙන් වැටුණේ කළු තෙල් බෝතලය ද තමාගේ ඇඟට වැටීමෙනි. කළු තෙල් බෝතලයේ පියන ගැලවී ඔහු කළු තෙල්වලින් නැහැවී ගියේය. ඇඳ සිටි වස්ත්‍රද කළුතෙල්වලින් තෙත බරිත විය. සුදු පාටට හුරු අලුත් සරම සහ කමීසය ද කළුතෙලින් නැහැ විය. එම ඇඳුම් දෙක ගැනීමට නම් තමා භාර්යාවගෙන් මාටියා ගැසූ මුදල මෙන් දෙතුන් ගුණයක් වියදම් කිරීමට සිදුවෙයි. ඔහුට තරු පෙණුනේ ය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාටියා ගහන්න ගිහින් අලි අමාරුවක වැටිලා
ගුණරත්න Monday, 29 September 2025 09:40 PM
කළු තෙල් වුනත් හොඳයි දැව ආරක්ෂක වෙනුවට ගාන්න. වැස්සට හේදෙන්නෙත් නැහැ, හොඳට ලීයට කාවැදිලා තියෙන නිසා ගුල්ලන් වේයන් කන්නෙත් නැහැ, දැව ආරක්ෂක ගෑවත් මතුපිටින් ගාලා වැඩක් නැහැ, තෙමුනොත් ආරක්ෂාව නැති වෙනවා.