පෝද්දල සරත් ආනන්ද ගමගේ
අරාබි රටක රැකියාවක නියුතුව සිට පැමිණි බිරිඳ විසින් රැගෙනවිත් තිබුණු රට අරක්කු බෝතලයක් මහ රෑ පානය කර වෙරි පෙන්නූ පුද්ගලයකුට සිදුවූ අලකලංචියක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
වාර්තා වූ ආකාරයට සිද්ධිය සැකෙවින් මෙසේය.
මේ තැනැත්තා පෙදරේරුවෙකි. දිනපතාම වාගේ කොහේ හෝ රැකියාව කළත් ලැබෙන මුදලින් දෙකෙන් පංගුවක්ම ඔහු බීමට වැය කරන්නෙකි. තම මව, බිරිඳ හා දරුවන් දෙදෙනාත් සමග යන්තම් අටවාගත් ගෙපැලක ඔවුහු වාසය කළහ.
හෙට අනිද්දා ගෙට වෙන්න ඉන්න දරුවකුත් එක්ක මෙහෙම ඉන්න බැහැ කොහොම හරි ගේ හදාගන්න ඕන කියමින් බිරිඳ අරාබි රැකියාවකට ගියේ මේ අතරය.
මිනිහාගේ තරම දන්නා බිරිඳ ඒ අවුරුදු දෙක ඇතුළත සතයක්වත් මිනිහා අතට එවුවේ නැත. සියලු මුදල් ඈ සන්තකයේ තබාගෙන සිට ඇති අතර පසුගියදා මහ රෑක ඈ නිවසට පැමිණියේ නිවැසියන් සියල්ලන්ම පුදුමයට පත්කරමිනි.
අම්මා රැගෙන පැමිණි නානා ප්‍රකාර ඇඳුම් පැලඳුම්, කෑම බීම දරුවන් දෙදෙනා තෝරද්දී තාත්තා සොයාගෙන තිබුණේ මත්පැන් බෝතලයකි. ‘‘ඔහේට තමයි ඕක ගෙනාවේ. මේ මහ රෑ ඕක බොන්න එපා” යැයි බිරිඳ අවවාද කළද නෑසූ කනින් ඔහු බෝතලය කඩාගෙන ‘‘ෂොට්” එකක් දාගත්තේය. කටේ හලාගත් එක උගුරෙන්ම මහත් ප්රමෝදයට පත් ඔහු අසල්වැසි මිතුරකුද නින්දෙන් ඇහැරවා කැඳවාගෙන ආවේ “බෙදා හදාගෙන කන බොන එක” හොඳ මිතුරුකමකැයි ආදර්ශයට ගරු කරමිනි.
වෙනදා බඩ පපුව පිච්චීගෙන යන “ඇතිහිටියා” යැයි හැඳින්වෙන දේශීය මත්පැන් පානය කරන මිතුරෝ දෙදෙනා කිසිම සැරක් නැති මේ බීම බෝතලය බොහොම පහසුවෙන් හිස් කරන්නට පටන් ගත්හ. බෝතලේ තිබුණු ඒවා බඩට ගියාම සිදුවෙන විපර්යාසය මේ යැයි පෙන්වමින් දෙදෙනා සිංදු කියන්නට පටන් ගත්තේ ඒ අතරය.
දැන් වැඩේ නැගලාම යනවාය. මුලින් මේසයට තට්ටු කරමින් ඇරඹි ගී ගායනය පසුව බැරල් එකකට ලී කෑලි දෙකකින් තට්ටු කිරීම දක්වා දුර දිග ගියේය. පාන්දර යාමයේ අහල පහළ මිනිස්සුන්ගේ නින්දට බාධා කරන්නට එපා යැයි බිරිඳ කොතෙක් කීවද බේබද්දන්ට ඒවා ඇසුනේ නැත. “මගේ ගෙදර මට සිංදු කියන්න කාගෙන් තහනමක් දැයි” අසමින් ඔවුහු දිගටම සින්දු කීහ.
මොවුන්ගේ මේ විලාපය ඉවසන්නට නොහැකිව අසල්වැසියකු විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දන්වා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස පාන්දර දෙකට විතර පොලිස් ජීප් රථයක් පැමිණ මෙම නිවස අසල නතර කර ඇත. කෑවනං බිව්වනං දැන් පාඩුවේ ගිහින් නිදාගන්න යැයි පොලීසිය අවවාද කළද බඩේ තියෙන රට බීම වල තරම කියාපාමින් ඔවුන් දෙදෙනා පොලීසියෙන්ද “ගේම” ඉල්ලා ඇත.
“නිදාගන්න නියම පොට් එකක් අපි දෙන්නම්!” යැයි කියමින් පසුව පොලීසිය ඔවුන් දෙදෙනා කුදලාගෙන ගොස් කූඩු කර ඇති අතර පසුදා වෙරි හිඳුණු පසු නැවත නිවසට එවා ඇත.
පසුදාම සිද්ධිය ගම පුරා පැතිර ගොස් ඇති අතර ගමේ කටකාර කොල්ලන් මේ දෙදෙනාගෙන් කාට හෝ “විෂ්කි” යැයි මතක් කළ සැණින් ඔවුන්ගේ මුවින් සැර වචන පිටවෙන බවද අසන්නට ලැබේ.
2025 නොවැම්බර් මස 04
86
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිරිඳගේ බෝතලයෙන් කූඩුවේ ලගින්න වෙලා....