IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ණය හිලව්වට කෑම බීම අඩුකරලා


කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



විවාහ මංගල්‍යයට ගත්තු ණය පඩියෙන් වැඩි කොටසක් බැංකුවට අයකර ගැනීම හේතුවෙන් කෑමට බීමට අවශ්‍ය බඩු මුට්ටු රාජ්‍ය සේවයේ නියුතු සැමියා රැගෙන එන්නේ නැතැයි පවසා ආපසු මව්පියන් ළඟට ගොස් ඇතැයි කියන අපූරු මනාලියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
ආපසු මව්පියන් ළඟට ගොස් ඇතැයි කියන තරුණ මනාලිය කෑගල්ලේ රාජ්‍ය ආයතනයක සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරන්නීය. සංවර්ධන නිලධාරිනියගේ මව්පියෝ කපු මහතෙකු ලවා කෑගල්ලේ රාජ්‍ය ආයතනයක සේවය කරන තරුණ මනාලයෙකු සොයා ගත්හ. දෙපාර්ශවයේ කැමැත්ත පරිදි නෑදෑ හිතවතුන් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් මීට වසරකට පමණ ඉහත දී දෙදෙනාගේ විවාහ මංගල්‍යය ජයටම කෑගල්ලේ හෝටලයක දී ගත්තේය.


පසුව මනාලයා සිය මනාලිය මෑතක දී ඉදිකර තිබුණු නව නිවසට කැන්දාගෙන පැමිණියේය. විවාහ මංගල්‍යයේ දෙවැනි දවස මනාලයාගේ නිවසේ පැවැත්විණ. විවාහ මංගල්‍යයෙන් පසුව තරුණ මනාල යුවළ සුපුරුදු පරිදි රැකී රක්ෂාවලට පිටත්ව යාමට පටන් ගත්හ.
විවාහ මංගල්‍යයෙන් පසුව මනාලයා නිවසට සුළු කෑමක් හැර කුස්සියට අවශ්‍ය බඩු මුට්ටු කිසිවක් ගෙන ආවේ නැත. මනාලියගේ මාසික වැටුපෙන් නිවසට අවශ්‍ය බඩු මුට්ටු ගෙනත් දෙදෙනා උයාපිහා කෑවෝය.
මාස දෙකකට පමණ ඉහත දී මනාලිය බැරිම තැන සිය තරුණ සැමියාගෙන් නිවසට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන එන්නේ නැත්තේ මන්දැයි විමසුවාය. එහිදී තරුණ මනාලයා මනාලියට කියා ඇත්තේ ‘වෙඩින් එක කරන්න බැංකුවකින් ලක්ෂ 10 ක මුදලක් ගත්තා. හිතවතෙකුගෙන් ද ලක්ෂ තුනක මුදලක් ණයට ඉල්ලා ගත්තා. අවුරුදු තුනක් යනකම් බැංකුවේ ණය කැපෙනවා. මගේ අතට එන්නේ සොච්චම් මුදලක් මැණික”‍ යැයි මනාලයා මනාලිය හමුවේ බැගෑපත්ව පැවසීය.
මසකට පමණ ඉහත දී තමාට කන්න බොන්න අඳින්න ගෙනත් දෙන්නේ නැතැයි මනාලයා හමුවේ මනාලිය පවසා ආපසු මව්පියන් වෙත යාමට සූදානම් වී තිබේ. එම අවස්ථාවේ දී මනාලයා සිය මනාලියගෙන් බැගෑපත්ව මව්පියන් වෙත ආපසු නොයන ලෙස ඉල්ලීමක් ද කර තිබේ. සැමියාගේ ඉල්ලීම ඉවත දමා මනාලිය මව්පියන් පදිංචිව සිටින නිවසට ගොස් තිබුණි. ණය අරගෙන මහ ඉහළින් මගුල් කාපුහාම වෙච්ච දේ යැයි මනාලයා හිතවතකු හමුවේ පසුගිය දිනක දුක්බරව පවසා තිබුණි. 



අදහස් (0)

ණය හිලව්වට කෑම බීම අඩුකරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31202 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13362 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10970 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 69 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 904 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site