IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‍වැට මායිම් අල්ලන්න ගිහින් රෙදි ගලෝගෙන


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



අසල්වැසියාගේ හිත නොතලා රණ්ඩු සරුවල් නොවී ඇවිදින වැට මායිම බේරා ගැනීමට අපූරු උපායක් යෙදූ ගැමියකු පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අසල්වැසියා කුණු මැහියෙකි. බිම් ඌරෙකි. ඔහුගේ වැඩේම යාබද ඉඩම අල්ලා ගැනීමය. අඟලෙන් අඟල යාබද ඉඩම අල්ලා ගැනීමේ මෙහෙයුම ඔහු දියත් කළේ කාලයක සිටමය. ඔහු ඒ සඳහා ඇවිදින වැටක් යොදා ගත්තේය.
යාබද ඉඩම් හිමියා මෙය දැක්කා, නොදැක්කා වගේ සිටියේය. ඒ හේතු කිහිපයක් උඩය. වැට මායිමකට අසල්වැසියා සමග ගහ මරා ගැනීමට තිබූ අකමැත්ත ඉන් ප්‍රධාන හේතුවය. එසේ සණ්ඩු සරුවල් වූවේ නම් හැමදාමත් සිදුවනුයේ මරා ගැනීමට බව ඔහු ඉවෙන් මෙන් වටහා ගත්තේය. ඒ වගේම අධ්‍යාපනය හදාරන දරුවන්ද මෙයට පැටලීම වළක්වනු බැරිවීම දෙවැනි කාරණාවය. තවත් අනු හේතු කිහිපයක්ද නොතිබුණාම නොවේ.


මෙය වාසියට ගත් අසල්වැසියාගේ ඇවිදින වැට ඔහුගේ නිවස ආසන්නයටම එමින් තිබුණේය. මෙය නතර කර ගත යුත්තේ කෙසේදැයි ඔහු කල්පනා කළේය. ඔහු සමග රණ්ඩු සරුවල් නොවී හිත නොතලා මෙය විසඳාගත යුතු යයි ඔහුගේ දැඩි අධිෂ්ඨානය විය. එසේ කල්පනා කරමින් සිටි ඔහුට අපූරු අදහසක් ආවේය. එය ක්‍රියාත්මක කිරීමට ඔහු ඉටා ගත්තේය.
අසල්වැසියාට සිය නිවසට එන්න යයි ඔහු ආරාධනා කළේය. වැදගත් වැඩක් කතා කර ගන්න තිබෙනවායි කියමින් ඔහු අසල්වැසියාට සිය නිවසට එන්නට යයි කීවේය. ඒ අනුව අසල්වැසියා ඔහුගේ නිවසට පැමිණියේය. එසේ පැමිණි අසල්වැසියා ඔහු සාදරයෙන් ආදරයෙන් පිළිගත්තේය. එයින් නොනැවතුණු හේ අසල්වැසියාට හොඳට සංග්‍රහ කළේය. තමාට එන්න යයි ආරාධනා කළ හේතුව අසල්වැසියා ඔහුගෙන් ඇසුවේ ඉන් අනතුරුවය.
හා ඒක තමයි මම ඔයාට එන්න කීවේ අපේ ඉඩම් දෙක වෙන් කෙරෙන වැට මායිම අපරාදෙනේ දවසින් දවස මේ පැත්තට ගන්නේ. කොච්චර මහන්සියක්ද ඒක. ඔයා ඒවෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද. අපි දෙන්නත් එක්ක මේ වැඩේ එක දවසින් ඉවරයක් කරලා දාමු යයි ඔහු කීවේ අසල්වැසියා ඉහළට ගත් හුස්ම ආපසු පහළට දාන්න අමතක කරමිනි.
දැන් මේ ඔයා මොකක්ද කරන්න හදන්නේ යයි අසල්වැසියා ඔහුගෙන් ඇසුවේය. ආ ආයෙත් වැට මායිම ගහන්නේ නැතිවෙන්න එක පාරටම ගෙනැල්ලා අපේ නිවසේ බිත්තිය මායිම් කරලා වැට ගේමු යයි බොහෝම සැහැල්ලු‍වෙන් ඔහු කීවේය. යමු යමු ඒ වැඩේ කරලා දාමු යයි ඔහු අසල්වැසියාට කීවේය.
මෙතෙක් කලක් තමා වැට මායිම අල්ලමින් සිටියදී මොකුත් නොකීවද ඔහුද වැට මායිම ගැන සෝදිසියෙන් සිටින බව දැනගත් අසල්වැසියා ඔහුගෙන් සමාව අරගෙන එම නිවසින් පිටවූවේ ආයෙමත් වැට මායිම අල්ලන්න තියා ඒ පැත්තවත් බලන්නේ නැහැ කියමින්ලු‍.



අදහස් (1)

‍වැට මායිම් අල්ලන්න ගිහින් රෙදි ගලෝගෙන

Pradeep Kumara Friday, 26 September 2025 09:32 AM

නුවණක්කාර පුද්ගලයෙක්. නැත්නම් ඉතිං එකෙක් මරාගෙන තමයි නවතින්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site