කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
තමාට රසවත් විදිහට රොටි සෑදීමට හැකි බව පෙන්වීමටත් භාර්යාවට සුළු විවේකයක් දීමටත් රැයක යෙදූ උපාය වැරදී, පැරදී භාර්යාව ඉදිරියේ රෙදි ගලවාගත් අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
නැන්දම්මා සිටිනුයේ ඔහුගේ නිවසේය. අනෙක් දරුවෝ ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට ඇය බලන්න එති. ඒ කඳමළු බැදගෙනය. එදා එලෙස පැමිණියේ ලොකු මස්සිනාය. ඔහු වියළි ආහාර පාර්සල් රැසක්ම සිය මෝටර් රථයෙන් බෑවේය.
ලොකු මස්සිනා ගිය පසු එදා හැන්දෑවේ නිවෙස් හිමියා සිය භාර්යාව සමග මේ වියළි ආහාර පාර්සල් මලු එකෙන් එක ගෙන පරීක්ෂා කළේය. ඒ අතර නමක්, ගමක් නැති පොලිතීන් අසුරණයක තිබූ පාන් පිටි පැකැට්ටුවකට ඔහුගේ හිත ගියේය. ඒ කුකුළු මස් හොදිත් එක්ක රෑක රොටි බුදින්න ඇත්නම් යයි අදහස ඔහුගේ සිතට පැන නැගීමත් සමගමය. එහි රසය මනසට දැනින. ඒ එක්කම ඔහුගේ කටට කෙළ ටොන් ගණනින් ආවේය. අත පත ගා සුවදක්වත් නැති මේ සුදෝ සුදුවට පොලිතීන් පැකැට්ටුවක අසුරා තිබූ මේ පැකැට්ටුව පාන් පිටි යයි ඔහුගේ භාර්යාවද නිර්දේශ කළේය.
රැය එදාය. එදා දිවා කාලයේදී සෑදූ කුකුළු මස් හොද්දේ අවශේෂ හොදි හට්ටියේ පතුල යාන්තමට එදා හවස් වනතුරුත් වැසී තිබිණ. කුකුළු මස් කෑලිවල අවශේෂ කොටස් කිහිපයක් ද එහි විය. එය දුටු ඔහුට හොඳ අදහසක් ආවේය. සිය ලොකු මස්සිනා ගෙනා පාන් පිටි පැකැට්ටුවෙන් රොටි සෑදීමය.
ඒ නිසාම ඉතිරිවූ කුකුළු මස් හොදි හට්ටියට උණු වතුර ස්වල්පයක් එක්කොට එයට මිරිස්, ගම්මිරිස්, ලුණු කුඩු ස්වල්පය බැගින් එක්කොට රත් කර ගත්තේය. ළිපේ නටමින් තිබූ මේ හොද්දේ සුවඳත් එක්කවුවත් රොටි කෑ හැකි යයි තමාටම කියා ගත් ඔහු භාර්යාවට එදා රෑ පැත්තකට වෙන්න යයි පවසා රොටි හදන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. කුස්සියේ තිබූ එකම පොල් ගෙඩිය ඉවරවෙනතුරුම ගා ගත්තේද ඔහුය.
එදා රෑ ඔහු තමා ගාගත් පොල් ගෙඩියේ පොල් මැටි කෝප්පයකට දමා ලොකු මස්සිනා ගෙනා පාන්පිටි පැකැට්ටුව ගඳක් සුවඳක් නොබලාම එයට දැමූවේ මෙය පාන් පිටි යයි එදා සිය භාර්යාවද නිර්දේශ කළ නිසාවෙනි. පොල් එක්ක කලවම් කරමින් සිටි ඔහු ඊට වතුර ස්වල්පයක් එක් කළේය.ඒ සමගම පෙන පෙන මතුවී එනු ඔහු දුටුවේය. ඔහුට සැක සිතුණේය. මැටි කෝප්පය තුළටම නාසය ඔබා එහි සුවඳ බැලුවේය. දෙයියනේ මේ රෙදි සෝදන කුඩුය.
ඔහුට දෙවියන් සිහිවිය. වහාම භාර්යාව කැඳවීය. සිද්ධ වෙලා තියෙන සන්තෑසිය ගැන භාර්යාවට කීවේය. ඒ සමගම ඇයගේ දෙනෙතේ ගිනි පුපුරුය. තමුසේ මදැයි කොළා දැන් උයන්න පොලුත් නැහැ. මේ හාල් ළිපේ තියන්න වෙලාවකුත් නෙමෙයි දැන් ගිහිල්ලා පාන් ගෙඩි දෙකක්වත් ගේනවා යයි කියමින් භාර්යාව ගොරහැඩි හඩින් කෑමොර දුන්නාය.
ඔහු රෑ යනවිට ගමේ කඩේ පාන් විකිණී අවසන්ය. රෑ මේ අලකංචිය නිසාම පවුලේ සියල්ලන්ටම බඩ ගින්නේ සිටින්නට සිදුවිය. ඔහුගේ මේ රොටි පිච්චීම මතක් වන මතක් වන හැමපාරකම භාර්යාව ඔහුට දෙස්දෙවොල් තියනුයේ කණේ ඇඟිල්ල ගසා ගන්නකම්මලු.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රොටී හදන්න සබන් කුඩු අනලා
Pradeep Kumara Tuesday, 23 September 2025 05:05 PM
කිසිම ලේබලයක්, නමක් නැතිව රෙදි සෝදනා කුඩු කොහේද තියෙන්නේ? අනික ලේබලයක් නොතිබුණත් රෙදි සෝදන කුඩු සහ පාන් පිටි වෙන්කර හඳුනා ගන්න ඕනෑම මෝඩයෙකුට වුණත් පුළුවන්.