IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බිරිය හරස් වෙලා ගොවියාගේ කෙම බකල්

වගාවකට වැලඳී ඇති කෘමි උවදුරක් මැඩලීම සඳහා අතීත කෙම් ක්‍රමයක් භාවිත කිරීමට නොපෑගුන තැනකින් කතා නොකර වැලි බාල්දියක් රැගෙන එමින් සිටි ගොවි මහතකුට අතර මගදී හමුවූ ඔහුගේ හිතවතුන් කිහිප දෙනකු හා බිරිය නිසා එම වැඩේ එදින අත්හැර දැමීමට සිදුවූ පුවතක් කරුවලගස්වැවට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
කෙම්මුර දිනක වැලි මතුරා වගාවට ඉසීම එම කෙම් ක්‍රමය වී තිබී ඇති අතර ඒ සඳහා කටයුතු කරන කපු මහතකුගේ සේවයද අදාළ ගොවි මහතා විසින් ලබාගෙන ඔහුගේ උපදෙස් පරිදි මෙසේ වැලි  බාල්දියක් රැගෙන එමින් සිටියදී ඔහු මෙම අකරතැබ්බයට මුහුණ දී  ඇත. කපුමහතාගේ උපදෙස්වලට අනුව අදාළ කෙම සිදුකිරීම සඳහා දින කිහිපයක සිට ගොවි මහතා පිළ ජාති ආදිය කෑමෙන් වැළකී පේවී සිටිය යුතුය. එසේම වැලි මතුරා වගාවට ඉසීමෙන් අනතුරුව දින තුනක් යනතුරු කිසිවකු වගා බිමට ඇතුළු නොවිය යුතුය. මේ සඳහා ඇළක දොළක හෝ ගංගාවක කිසිවකු නොපෑගූ තැනකින් කිසිවකු මග හො කතා නොකර ලබාගන්නා වැලි ඒ ආකාරයෙන්ම කතා නොකර අදාළ වගාබිමට රැගෙනවිත් වියළා ගත යුතුය. එය යම් ආකාරයකින් අසීරු කාර්යයක් වුවද වැඩේ සාර්ථකවීමට නම් එසේ කළයුතු බවද කියයි. 


ඒ අනුව සූදානම් වූ ගොවි මහතාද ගෙදර උන්දෑටත් නොකියා පසුගිය දිනක අඳුර වැටෙන යාමේ තරමක් දුරක පිහිටි වැලි පිරුණු ඇළකට හොර පාරකින් පයින්ම ගොස් කපු මහතා කී ආකාරයටම කතා නොකර බාල්දියකට වැලි පුරවාගෙන ආපසු එම පාරෙන්ම වගාබිමට පැමිණෙමින් සිටියදී ඉදිරියට හමුවූ අසල්වැසියන් කිහිප දෙනකුම ‘‘ආ මේ මොකද? මොකටද වැලි බාල්දියක්’’ ආදී  දේවල් විමසා ඇති බව කියයි. එහෙත් ඔහු අසීරුවෙන් වුවද ඊට ප්‍රතිචාර නොදක්වාම ඉදිරියට පැමිණෙද්දී හිටි අඩියේ නිවසින් අතුරුදන්වූ ගොවි මහතා සොයා ඔහුගේ බිරියද මගතොට විපරම් කරමින් ගොවිපළ දෙසට යමින් සිටියදී අතරමගදී දෙදෙනා මුහුණට මුහුණ මුණගැසී ඇත. 
මම මේ හැමතැනම හොයනවා ගෙදර හිටපු මනුස්සයට හිටි අඩියෙ මොකද වුණේ කියලා. මොකටද අනේ වැලි’’ යනුවෙන් එහිදී බිරිඳද ගොවි මහතාගෙන් විමසීමක් කර ඇති බවත් අන් අයට මෙන් නොව එහිදී කෙමේ නීතිරීති අමතකව ගොස් එක්වරම කිපී ඇති ගොවි මහතා ‘‘තමුසෙට මොකටද ඒ මඟුලක් මේක මගේ වැඩක්’’ යැයි පවසා ඇත. ඒ අනුව ගොවි මහතාගේ කෙම එදින එතැනින්ම අවසන් වී ඇති බවත් කියයි.  

කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි



අදහස් (0)

බිරිය හරස් වෙලා ගොවියාගේ කෙම බකල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site