IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දොස්තරගේ ෆොන් එක මාරු වී ජංජාලයයි

දොස්තරගේ ස්මාර්ට් ජංගම දුරකතනය රෝගියාට මාරු වී ගිය පුවතක් වයඹ පළාතේ රෝහලකින් අසන්නට ලැබුණි.
රෝගියා රාජ්‍ය ආයතනයක සේවය කොට විශ්‍රාමික සුවයෙන් පසුවෙන අයෙකි. දරුවන් ද ඉහළ තනතුරුවල නියැළෙන නිසා ඔවුහු තම පියාට පණ මෙන් සැලකූහ.
ඔහු ඉකුත්දා හදිසියේ රෝගී විය. රෝගී තත්ත්වය මත රෝහල් ගත කළ රෝගියාට දින ගණනාවක් රෝහලේ නැවතී ප්‍රතිකාර  ගැනීමට සිදු විය.
අසාධ්‍යය තත්වය නිසා රෝගියා බලා ගැනීමට කවුරුන්  හෝ අවැසිය. ඒ රෝගියාට ඇඳෙන් බැසීමට පවා අවසර නැති නිසාය. මේ නිසා රැකියාවල නියැළෙන තම දරුවන්ටත් එහි නැවතීමට ඉඩ කඩ නැති හෙයින් කුලී පදනමට සාත්තු සේවාව සඳහා අයකු රැඳවීමට ඔවුහු පියවර ගත්හ. ගෙවිය යුතු මුදල් දරුවෝ ගෙවූහ.
ඒ අතරේ රෝගියා රෝහලෙන් පිටමං කළේය. දින කීපයක් බෙහෙත් බීලා නැවත රෝහලට පැමිණිය යුතුය. ඒ කළ යුතු රුධිර සාම්පල් පරීක්ෂා කරවාගෙන එහි වාර්තාවන් පෙන්වීම සඳහාය. ඒ අනුව යා යුතු දිනයේදී රෝගියා කර ගත යුතු පරීක්ෂණ වාර්තා ද ගෙන රෝහලේ අදාළ වාට්ටුවට ගියේය. ඒ කුලී පදනමට ගත් සහායකයාද සමගිනි.
ඔවුහු වාට්ටුවේ සිටි දොස්තරට සිද්ධිය පවසා වාර්තා පෙන්වන්නට ඉදිරියේ ඇති පුටුවක වාඩි වූහ.
දොස්තර රෝගියා පරික්ෂා කළේය. බොන්නට බෙහෙත් වට්ටෝරුවක්  ලියා දුන්නේය.
රෝගියා පුටුවෙන් ඉවත් කළේය. තවත් රෝගියකු එතැන වාඩි වූවේය. ඒ අතරේ සහායකයා මේසය මත තිබූ වාර්තා හා ස්මාර්ට් ෆෝන් එක  ගෙන රෝගියා සමඟ පිටව ගියේය.


පාමසියට ගොස් බෙහෙත් ගන්නා විට බෑගයේ තිබූ ෆෝන් එක නාද විය. නාද රටාව වෙනස්ය. ඒ දෙස කුතුහලයෙන් බැලූ රෝගියා එය අතට ගත්තේය.  කෝල් එකට උත්තර දුන්නේය.
‘‘හලෝ ඔය ෆෝන් එක මගේ. මම රෝහලේ දොස්තර තමුසෙගේ ෆෝන් එක මෙන්න මෙතැන ඇවිල්ලා මාරුව ඇර ගන්න.”‍යමකු කතා කොට කීවේය.
ඒ අනුව ඔහු වහ වහා කුලියට ගත් ත්‍රිරෝද රථයක නැගී වාට්ටුවට ගියේය. දොස්තර ඉදිරියේ වාඩි වුණේය.
‘‘සර්, මේකත් මගේ ෆෝන් එකේ කවරයට සමානයි. මම ඒක මේසය මත තබලා තමයි පුටුවේ වාඩි වුණේ. මේක මං කරපු වරදක් නෙමෙයි මාත් එක්ක ආව සහායකගේ අත් වැරැද්දකින් සිදු වූ එකක් සමා වෙන්න. මේක හින්දා ගමට යන එකම බස් එකත් පමා වුණා”‍ තමාගේ ෆෝන් එක අතට ගත් රෝගියා බැගෑපත්ව කීවේය. ‘‘තමුසෙට බස් එක පමා වුණා. මට සූම් ක්ලාස් මේක හින්දා හොඳටම ලේට්”‍ කියමින් ඩොක්ටර් වාට්ටුව අතරින් දිව ගියාලු‍.

මොරගොල්ලාගම සිසිර නන්දන  කැලේගම



අදහස් (1)

දොස්තරගේ ෆොන් එක මාරු වී ජංජාලයයි

Sapumal Monday, 22 September 2025 06:23 PM

ලෙඩ්ඩුන්ට තමුසේ කියන වෙද්දුන්ගේ කටවල් තලන්න ඕනේ..

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site