බලංගොඩ වයි.ඒ.එස්. වීරවංශ
ඔහු කපටියෙකි. කරන්නේම හද්දා කපටි වැඩය. ඔහුගේ එක් පාදයක ටිකක් කොරගතියක් පවති. ඒ නිසා අත් වාරුවක් පාවිචිචි කරන්නේය. එය නැතිව වුවද ගමන් කළ හැකිය. එහෙත් අන් අයගේ අනුකම්පාව ලබා ගැනීමේ අරමුණින් අත් වාරුව නිතර පාචිචිචි කරයි.
දන්න කියන තැනක මළ ගෙයක් සිදු වුවහොත් අනිවාර්යයෙන්ම යන්නේය. මළ ගෙදර අය සමග කෙසේ හෝ හිතවත් කමක් ගොඩ නගා ගනී.
ඉන් පසු හත් දවසේ දානය දෙන දිනය අසා ගනී. දානය දෙන දින උදෑසනම එම නිවසට ඔහු යන්නේය. පුළු පුළුවන් විදිහට උදව් කරති.
දානයේ කටයුතු අවසන් වී භික්ෂූන් වහන්සේලා නිවසින් වැඩම කිරීමෙන් අනතුරුව ඔහු නිවැසියන්ට කියන්නේ තම නිවසේ සිටින අයට කෑම පාර්සල් කිහිපයක් රැගෙන යායුතු බවයි. ඒ අතර තුර ඔහු ලොකු බත් පිඟානක් බෙදාගෙන අනුභව කරයි.
ඉන්පසු ලැබෙන පාර්සල් ටිකත් රැගෙන නිවසින් පිට වන්නේය.
දිනක් හත් දවසේ දානමය පින්කමක් පැවැති නිවසකට ඔහු ගොඩ විය .භික්ෂුන් වහන්සේලා දානය අවසන් වී නිවසින් වැඩම කිරීමෙන් අනතුරුව නිවසේ සිටි පුද්ගලයෝ කිහිප දෙනෙක් මත්පැන් බෝතලයක් ගෙන පානය කරන්නට සුදානම් වූහ. ඔහු ද හිමින් සීරුවේ ඒ අසලින් වාඩි වුවේය.
ගන්න පොඩි අඩියක්.... එකෙක් කීවේය. නිකම් දෙන නිසා පොඩි අඩියක් මොකටද ගන්නවා ලොකු අඩියක් ඔහු තනිවම සිතුවේය. ඒ අනුව වීදුරුව පිරෙන්නට මත්පැන් වක්කර ගත්තේ ය.
ඒ අතරතුර නිවසේ සිටි කාන්තාවක් ලොකු බෑගයකට කෑම පාර්සල් කිහිපයක් දමා ඔහුට ගෙනවිත් දුන්නාය. බත් ටිකකුත් කාලම යනවා ඔහු කීවේය.
ගත්ත මත්පැන් වීදුරුව නිසා දැන් ඔහුට උතුර දකුණ මාරු වෙලාය. ඒ නිසා බත් කාපු ගමන් නිවසින් පිටවිය.
දානමය පිං කමේ වැඩ කටයුතු අවසන් කර නිවැසියන් ගේ දොර අස්පස් කරන්නට විය. “දෙයියෝ සාක්කි” මෙන්න අර මනුස්සයා අත් වාරුව දාල ගිහිල්ලා එකියක් කීවාය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිහිලිකරුවෙන් හොරේ අහුවෙලා