සිය විවාහ මංගල්‍යයදා අනුන්ගේ කරමතින් මධුසමය කරා ගිය මනාලයකු පිළිබඳ කතාවක් ගාලු පුරයෙන් අසන්නට ලැබේ.
යෝජිත විවාහයකි. මනාලයා දකුණේය. මනාලිය උතුරේය. මනාලයා පිට රට රැකියාව සඳහා නිවාඩුවට ලංකාවට ආවේ ඊයේ පෙරේදාය. ඔහු එසේ රටට එන විටම මවුපියෝ කල වයස හරි සිය පුතුට මංගලයක් සූදානම් කොට තිබුණි.
රූමත්කම පමණක් තිබූ මනාලියගේ මවුපියෝ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි ඔහු ළඟ තබාගෙන ,ලස්සන පොඩි ගෙයක් හදපු මේ මනාලයාට එක පයින්ම කැමැත්ත දුන්නාහ. ඔවුන් මනාලයා ගැන වැඩිමනක් නොසෙව්වේ ඩුබායි රටේ ඉඳලා මනාලයාගේ වත්පොහොසත් කම ගැන පමණක් සිතමිනි.
උතුරත්, දකුණත් යා කරමින් මෙන් මේ දෙන්නාගේ විවාහය තීන්දු විය. දිනද නියම කෙරිණ. මනාලියට තිබූ ආර්ථික අහේනිය නිසාම විවාහ මංගලය උත්සවය තනි දවසේ එකක්විය. ඒ ඩුබායි රටේ ඉඳලා පැමිණි මනාලයාගේ වියදමිනි. මනාලයා පදිංචි පළාතේ ප්‍රධාන නගරය වන ගාල්ලේ හෝටලයකය.
සියල්ල සූදානම්ය. දෙදෙනා අත් පැන් වත් කොට විවාහ දිවියට එළඹුණාහ. පෝරු චාරිත්‍රයද සිදු කෙරිණ. උදෑසන තේ පැන් පානය මෙන්ම දිවා ආහාරයද දෙපාර්ශවයේම අය සතුටින් වින්දාහ. මේ අතර තුර මනාලයා සැරින් සැරේ මනාලියගෙන් මිදී මොහොතකට මිතුරන් අතරට ගියේය. පස්වරුවේ කිරි කෝපි සංග්‍රහයද නිමාවට පත්විය.
ඊළඟට පැමිණියේ විවාහ මංගල උත්සවයේ උච්චතම අවස්ථාවය. ඒ මංගල සභාවය. නැතහොත් මනාල යුවළ සිය සනුහරෙන් සමුගෙන හෝටලයට යාමය. එසේත් නොමැතිනම් මධු සමය බලා යාමය. උත්සව සභාවට සියල්ල සූදානම්ය. මනාල යුවළ එක තැනක යුගල පුටුවේය. මනාලයාගේ පාර්ශවයෙන් මුල්ම කතාවය. කතිකයා කීවේ මනාලයා ගුණයහපත් දිරිමත් කෙනකු කියාය. මේ වගේ අයකු විවාහ කර ගන්නා කාන්තාව අතිශයින්ම වාසනාවන්තියක යැයි ද කීය.
මේ කතා යන අතර ඉඳහිට මනාලයාගේ බෙල්ල හිස කිහිප වරක්ම මනාලියගේ පැත්තට කඩා වැටුණේය. නිදි කිරන්නාක් මෙන් ඔහුගේ හිස සැරෙන් සැරේ කඩා වැටෙමින් තිබිණ. ඒ එක්කම ඔහුගේ සර්වාංගයම මනාලිය වෙත කඩා වැටුණේය. ඔහු නැගිට්ටන්න අවස්ථා කිහිපයකදී උත්සහා කළත් එය ව්‍යර්ථව ගියේය. මනාලියගේ දෑස්වල කඳුළුය. එය ටිකෙන් ටික වැඩිවී ඇය ඉකිගසමින් හැඬුවාය. මනාලයාගේ ගුණ කී කථිකයා සොයා ගැනීමටවත් නොහැකි විය. මනාලියගේ පාර්ශ්වයේ සියලු ඥාතීන් රහස් කතා බහකය. ඔවුහු මුළු මුළු වලට ගොස් කසු කුසු ගෑහ.
මනාල යුවළ හෝටලය බලා යාමට නැකත කිට්ටුය. මංගල රථය ද ඒ සඳහා පැමිණ හෝටලය ඉදිරිපිටය. කරන්න කියන්න කිසිම දෙයක් නැත. මිතුරන් කතිකාවකය. ඥාතීහු තුෂ්නීම්භූතව සිටියහ. තමන් ගිය විවාහ මංගල උත්සවයක කවදාවත්ම සිදු නොවූ මේ අපූරු මනාල යුවළගේ සමුගැනීම සියැසින් දැක බලා ගැනීමට එම අවස්ථාවට සහභාගිවූවෝ බලා සිටියහ. සුභ නැකතට එළියට බැසීමට මනාලිය නැගිට්ටාය. මනාලයා මිතුරන්ගේ කරපිටය. මනාලිය පාගමනින් ගොස් මංගල රථයට නැංගාය. ඒ නැකතටය. මනාලයාද නැකතට මෝටර් රථයේය. ඒ මිතුරන්ගේ කර පිටිනි.
මනාලයා සිය මංගල දවසේ මනාලියගෙන් මිදී සැරෙන් සැරේ මිතුරන් අතරට ගොස් කටට හලා ගත් බඩු නියමෙට වැඩ කර ඇත්තේ මංගල උත්සව සභාව අවස්ථාවේදී බව කාටත් නොරහසක් විය.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
2025 දෙසැම්බර් මස 18
30
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පදමට ගහලා යාළුවන්ගේ කරපිටින් මධුසමයට ගිහින්
Pradeep Kumara Monday, 22 September 2025 09:18 AM
මනාලයාටම හරියන යාළුවෝ ටික, අනේ අසරණ මනමාලි. මුදල් හැර වෙන කිසිවක් ගැන නොසොයන හැමෝටම හොඳ පාඩමක්.
ගුණරත්න Monday, 22 September 2025 09:53 PM
මනාලයා නම් මෝඩ හරකෙක්. මම සාමාන්යෙන් මිනිස්සුන්ට බනින්නේ නැහැ, එත් මේ වැඩේ නම් හරකුන්ට කියා බනින එකත් ඒ අසරණ සතුන්ට කරන නින්දාවක්. නූගත්කමත් මේකට හේතුවක්. දෙමවුපියන් දැනගන්න ඕන මේ වගේ උන්ට තලා හෝ හදන්න. බොනකොට ලෝකාවසානය ඇවිත් වගේ බොන මෝඩ සිරිතත් නූගත්කමත් නොහැදියාවත් එකතුවුනහම වෙන දේ තමයි මේ.