මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදනියකට මත්පැන් බෝතලයක් තෑගි වශයෙන් පිරිනැමීමේ සිද්ධියක් කොළඹට නුදුරු පාසලකින් වාර්තාවේ. 01 February 2025
මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත් දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරියාට ඇය තම කාඩ්පත ඉදිරිපත් කළාය. 01 February 2025
භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින් තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙදෙසකින් වාර්තා වෙයි. 01 February 2025
නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙයි. 01 February 2025
තැඹිලි කපන්න ගිහින් ජංජාලයයි ගෙවත්තේ තැඹිලි ගහකින් ඉත්තක් කපා බිමට බෑම සඳහා ලණුවේ කෙළවර බිරිය අතට දී ගහට නැග තැඹිලි කැපූ පුද්ගලයකුට තැඹිලිත් අහිමි වූවා පමණක් නොව බිරියට ද අනතුරක් වීමට ගොස් ඇය අනූනවයෙන් බේරුණු පුවතක් පසුගිය දිනක රාජාංගනය ප්‍රදේශයේ ගමකින් වාර්තා විය. 01 February 2025
සුදු නංගිට ලයින් දාලා පොකැට්ටුවත් වාෂ්ප වෙලා සිය යතුරුපැදියේ පිටුපස සුදු නංගී නංවාගෙන ගිය සුදු අයියා කෙනකුට කවදාවත්ම අමතක නොවන කළු වැඩක් පිළිබඳ ගාලු දිසාවේ නගරබදින් අසන්නට ලැබේ. සුදු නංගී සිටියේ මහ පාරේය. ඒ ග්‍රාමීය පෙදෙසක බස් උප නැවතුමක් ඉදිරිපිටය. දකින කෙනෙකුට පෙණුනේ ඇය නගරයට එන බස් රථයක් අපේක්ෂාවෙන් සිටින බවකි. 01 February 2025
නළු ගුරාගේ රංගනයට ගුරු බිරිය ආවේශ වෙලා බිරිඳට හොරෙන් පවත්වාගෙන යන අනියම් ඇසුරක් ‘‘ආංගික අභිනයක්” හේතුවෙන් එළි දැක්වීමේ ජවනිකාවකට රජරට පළාතේ දුෂ්කර පාසලක නාට්‍ය හා රංග කලා ගුරුවරයකුට මුහුණ දීමට සිදුවූ අපූරු පුවතක් දැන ගැනීමට ලැබුණි. 31 January 2025
දොලපිදේනිය වැරදී යකා වැහිලා ස්ථාන මාරුවක් ලබාගැනීමට රැගෙන එන්න යයි කියූ දොල පිදේනිය අජිවී බව දැක යක්ෂාවේශවූ ආයතන ප්‍රධානියකු ගැන අපූරු කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 30 January 2025
බඩේ රුදාවෙන් කෙරුවාව අහු වෙලා අපූරු රෑ වැඩ මුරයක් කළ උපස්ථායිකාවක පිළිබඳ කතාවක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබේ. 29 January 2025
වැව් බැම්මේ නැටිල්ල දැක සංගීතෙ සංවිධායකයන්ට තරු විසිවෙලා මුදල් අයකර පෙන්වන ලද සංගීත සංදර්ශනයක් සංවිධායකයන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් පළමු දිනයේදී විශාල පිරිසක් නොමිලේ නැරඹූ පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වෙයි. ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍ය සංගමයක් විසින් දින හතරක විනෝද සැණකෙළියක් සංවිධානය කර තිබිණි. මේ සඳහා විද්‍යාල ක්‍රීඩා පිටිය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත. ක්‍රීඩා පිටියේ එක් කෙළවරක් අවසන් වන්නේ වැව් බන්ට් එකකිනි. ප්‍රධාන වේදිකාව ඉදිකර ඇත්තේද මේ පැත්තේය. 28 January 2025
චියර්ස් කියන්න ගිහින් යකින්නියක් වෙලා පොඩි මස්සිනා ඇතුළු පවුලේ අයගේ සුවදුක් බැලීමට ගෙට ගොඩ වූ ලොකු මස්සිනා ඇතුළු පිරිසක් පොඩි මස්සිනාගේ බිරියගේ කටට බිය වී පස්ස දොරින් පලා ගිය පුවතක් කලාවැව අවට ගමකින් ඇසුණි. 27 January 2025
ජැන්ඩියට ඇදලා රන් ගේමක් දීලා රන් බඩු සාප්පුවේ රන් මුදුව මුදල් නොගෙවාම තමන් සතු කර ගැනීමට රන්වන් රන් ගැටයක් ගැසූ කතක පිළිබඳව කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 24 January 2025
වැලි මාළු දෙන්න ගිහින් හොඳවයින් අහලා හෙතෙම දරුවන් හත් අට දෙනකුගේ පියෙකි. මාළු විකුණා එදිනෙදා ජීවිතය සරි කර ගන්නා මොහු දරු පවුල රැක ගැනීමට නොයෙකුත් උත්සාහයන් ගන්නේය. මොන ප්‍රශ්න තිබුණත් ඉඳ හිට මධුවිතෙන් ද සප්පායම් වීමටද අමතක කළේ නැත. ඒ අනුන්ගෙන් පිනට ලැබුණොත් පමණි. 23 January 2025
කාසි කැටය වාෂ්ප වෙලා කැටයකට සිල්ලර කාසි එකතුකළ පුද්ගලයකුගේ කාසි කැටය හදිසියේ හමාගිය සුළඟකට හසුවී ගසාගෙන ගිය අරුම පුදුම සිද්ධියක් ගැන දකුණු පළාතේ අග නගරයෙන් අසන්නට ලැබුණි. 22 January 2025
කණ්ණාඩි කුට්ටමට රෙදි ගලෝගෙන කණ්ණාඩි කුට්ටමක හුටපටයක් හේතුවෙන් බස් රථයක් තුළ ගුටිකෙළගත් අඹුසැමි යුවළක් පිළිබඳ සිද්ධියක් කොළඹ සිට ශ්‍රීපුර දක්වා ධාවනය වන මගී බස් රථයකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. 21 January 2025
වැරදිලා අතගෑවිලා කොසු පහර කාලා ජංගම ස්මාර්ට් දුරකතනයේ නොදන්න යූ ටියුබ් නාලිකාවක් අතපත ගාන්න ගොස් බිරියගෙන් කොසු පහර කෑ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවේ වතුගෙදරින් අසන්නට ලැබේ. 20 January 2025
මංගල තෑග්ගට විද්ද උපාසකගේ රෙදි ගැලවෙයි සදාචාරවත් රටක් ගොඩනැගීම සඳහා හොරකම වංචාව නැතිව යහපත් සිතිවිලි ඇතිව කටයුතු කිරීම පුරවැසියන්ගේ යුතුකම යැයි නිතර දේශනා කරන උපාසකයකු රට කපටි වැඩක් කර මාට්ටු වූ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ. 18 January 2025
නොම්බරය වැරදි කොන්දොස්තර අන්දමන්ද වෙලා කුලියාපිටිය කොළඹ සුඛෝපභෝගී බසයක කොන්දොස්තරවරයෙකි. කුඩා පාර්සල් ආදිය හිතවත් කමට රැගෙන ගොස් දීම සාමාන්‍ය සිරිත වුවත් එය ඇතැම් වේලාවල් වලට කරදර බව කියන මේ කොන්දොස්තර තැනට අයකු පිටකොටුවෙන් යම් බෑගයක් ලබාදී ඇත්තේ කුලියාපිටියෙන් එය ලබාගනීවි කියමිනි. 18 January 2025
වීඩියෝ හුටපටයෙන් මායියාගේ සාත්තුව දැනගෙන පිටරට ඉන්න සැමියාට වීඩියෝ කෝල්වලින් සිය මාමණ්ඩියට හොඳින් සලකන බව පෙන්වා දුන් ලේලියකට මිනිබිරිය එය හොඳින්ම වීඩියෝ කෝල් එකකින්ම පසක් කරදුන් අපූරු පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. 18 January 2025
විහිළු කරන්න ගිහින් යට ඇදුමෙන් දුවලා පෙම්වතියට විහිළු කළා යැයි තරුණයකුගේ ඇඳුම් ගලවා විසි කර දමා යට ඇඳුම පිටින් එළවා දමා ඇතැයි කියන පෙම්වතකු පිළිබඳ පුවතක් රඹුක්කන ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. වාර්තා වෙන අන්දමට සිද්ධිය සම්බන්ධයෙන් සැකෙවින් මෙසේය. 18 January 2025
ගරු සරු ලබන්න ගිහින් අතේ පිච්චියටත් තට්ටු වෙයි විදුහල්පතිගෙන් ගරුසරු ලබන්නට ගිය සිසුවියක නිසා තම පියාගේ අතට තට්ටු වූ පුවතක් වයඹ පළාතට අයත් ගැමි පෙදෙසක පාසලකින් අසන්නට ලැබුණි. ගම්බද පෙදෙසක් වුවත් පාසල දියුණු කරන්නට විදුහල්පතිවරයාට ඇත්තේ දැඩි අවශ්‍යතාවයකි. 18 January 2025
පුතාගේ කෙරුවාවෙන් තරු පෙනිලා රුපියල් එක් ලක්ෂ විසි දහසකට පියා බදු දී තිබුණු කරාබු වත්ත හිතවතුන් කිහිප දෙදෙනකු යොදවා කරාබු ටික කඩාගෙන ඇතැයි කියන අපූරු බේබදු පුතකු පිළිබඳ පුවතක් බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 18 January 2025
සද්දෙට මල පැන කැලේට විසි කරලා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට නොහැකි අයුරින් වයෝවෘද්ධ මව රාත්‍රියට ආගමික වැඩසටහන් දමනවා යැයි පවසා වත්ත පහළට රේඩියෝවක් විසිකර ඇතැයි කියන අපූරු දියණියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 17 January 2025
සල්ලි පාඩම වැරැදී අලි ජංජාලයක වැටිලා සැමියා සිය බිරියට බැංකු ගනුදෙනු කරන ආකාරය ගැන ක්‍රියාවෙන් පෙන්වන්නට ගිහින් දෙදෙනාම අතරමං වූ පුවතක් වයඹ හා රජරටට මායිම් කහල්ල පල්ලේකැලේ රක්ෂිත ගම්මානයකින් වාර්තා වෙයි. සැමියා රජයේ රැකියාවක නියැලෙන අතර , බිරිය බාලවයස්කාර දරු දෙදෙනා සමගින් ගෘහණියක ලෙසට නිවසේ පසුවුණාය. 16 January 2025
මාරුවට මළ පැන ඉබ්බෝ දමා ගිහින් රජයේ කාර්යාලයක ආරක්ෂක නිලධාරියෙකු ස්ථාන මාරුවිම් ලැබ වෙනත් කාර්යාලයකට යාමේදි කාර්යාලයේ තිබු ඔහුගේ විවේක කාමරයට දොරගුළු දමා යාම හේතුවෙන් ආයතන ප්‍රධානියාට දොරගුළු කඩා එය විවෘත කිරිමට සිදුවු අපුරු කතාවක් දකුණු පළාතේ රජයේ කාර්යාලකින් වාර්තා වේ. 15 January 2025
පම්පෝරි ගහන්න ගිහින් කූඩුවේ ලැගලා තම බල ප්‍රදේශයේ පොලීසිය තම අතේ යැයි කියු අයකු බේරා ගැනීමට පම්පෝරියට සවන් දුන් පිරිසක් පොලිස් ලොක්කා සොයා ගිය පුවතක් ඇතුගල්පුරවරයෙන් අසන්නට ලැබුණි. 14 January 2025
අඩිපුඩි ගසා “පොල්අඩි“ කාලා නෝනගේ උපන්දිනය දා නෑනට ගැසූ දඩයෙන් අඩිපුඩි ගසා නෝනාගෙන් පොල් අඩි කෑ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ. නෝනයි නෑනයි ඇයි හොඳයිය තිබුණත්, දෙන්නට දෙන්නාම සිටියේ දෙන්නම ලොකු වංශෙනි. නැතහොත් මහා වංශයෙනි. මමයි උඩින් සිටින්නේ යයි දෙන්නාම සිතූහ. ඒ නිසාම දෙනෑනෝ අතර ලොකු කමට තිබූයේ ලොකු පොරයකි. මතු පිටින් නොපෙනුනද යට අර්ථය එයය. 13 January 2025
’තට්ටුව’ වැරදී ගුටි කාලා වැරදි කෙනාට තට්ටු කර වැඩේ වරද්දගත්තු අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවේ වෙස් මුහුණුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. 10 January 2025
පොකට් හොරා කටින් අහුවෙලා පස්දුන් කෝරළේ එක්තරා ආයතනයක කාර්යාලයක ප්‍රධානියකු දිනපතා කාර්යාලයට පාගමනින් පැමිණෙන්නේ ශාරීරික ව්‍යායාමයට බව අඟවා අතරමග ඇති රේස් බුකියට ගොඩවැදීමට ඇති අවශ්‍යතාව මතයි. බුකියට වැදී හොඳ අශ්වයින් දෙතුන් දෙනෙකු තෝරා තුණ්ඩුවක් දෙකක් දමාගෙන නැවත පාගමනින්ම කාර්යාලට පැමිණෙන මොහු තම නිලධාරීන් සමගත් වැඩ කරන්නේ ඉතාමත් කුළුපගව රේස් තුණ්ඩු දැමීම රහසක් කරගෙනය. දිනක් මොහුගේ මුදල් පසුම්බිය කාර්යාලයේදී හිටිගමන් නැතිවිය. නමුත් ඔහු එය රහසක් සේ තබා ගත්තේ පසුම්බියේ ර 09 January 2025
මංගල තෑග්ගට රියැදුරු බලපත දීලා මිතුරාගේ විවාහ මංගල්‍යයට ගොස් හොදටම සප්පායම් වී මුදල් නෝට්ටුවක් වෙනුවට රියැදුරු බලපත්‍රය ලියුම් කවරයට බහා දී පැමිණ ඇතැයි කියන අපූරු තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 08 January 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026