IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


“අලි සිහිනෙන්’’ ඇඳෙන් බිමට වැටිලා


හසලක ඒකනායක



වන අලි ගම්වැදීම නිසා මේ දිනවල හසලක ප‍්‍රදේශයේ ගම්මානවල ජන ජීවිතයේ අවුල්සහගත තත්වයක් ඇතිවී තිබුණත් ඒ ආශ‍්‍රිතව ගමේ කඩ පිලෙන් ඇසෙන වන අලි කතා බඩ අල්ලා හිනාවෙන කොල්ලන්ගේ බයිට් කතා බවට පත්ව තිබේ.
රත්නසිරි අයියා මහියංගන ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරන හතළිස් දෙහැවිරිදි තිදරු පියෙකි. ඔහු පදිංචිව සිටින්නේද රාත‍්‍රී කාලයේ වන අලි ගම් වදින ප‍්‍රදේශයකය. ඒ නිසා මොහු ද නිතරම කල්පනා කරමින් සිටිනුයේ තම නිවසට, ගෙවත්තට හෝ පවුලේ කෙනකුට කොයි මොහොතේ වන අලියකුගෙන් හානියක් වේදෝයි සිතමිණි.
මොහුගේ රාජකාරි වැඩ මුරය නිමා වන්නේ සවස 7ට පමණය. වැඩ මුරය නිමා වු වහාම කිසිදු ස්ථානයක රැඳී නොසිට සිය යතුරු පැදියෙන් කෙළින්ම එන්නේ නිවහන කරාය. ඒ සවස 6න් පසුව තම ගම්මානයේ මේ දිනවල වන අලි ගැවසිම සිදු වෙන නිසා වන අලියකු මුලිච්ච වීමට පෙර නිවසට යෑමේ අටියෙනි. ඔහුගේ ගමන් ම​ගේ එක් කොටසක් ගම්මානයට ආසන්නයේ වැටී ඇත්තේ හසලක යෝධ ඇළේ ඇළ බැම්ම මතිනි. 
සුපුරුදු පරිදි රත්නේ අයියා සවස වැඩ මුරය නිමාවී සිය යතුරු පැදියෙන් රාත‍්‍රියේ නිවස බලා ගමන් කරමින් සිටියේය. යෝධ ඇළ මාර්ගයේ ගමන් කරමින් සිටින විට එක් වරම ඉදිරියෙන් දිස් වූ දෙයින් ඔහුගේ ගත සිත සලිත විය. ඇඟේ හිරිගඬු පිපුණි. කර කියා ගතහැකි කිසිවක් නැත. දෙවියන් සිහිවුණි. ඉදිරියෙන් පැමිණෙන්නේ දැවැන්ත අලියකු බව යතුරු පැදියේ විදුලි පහන් ආලෝකයට පෙනුණි. සිත සිතා සිටීමට අවස්ථාවක් නැත. වහා යතුරු පැදියේ තිරිංග තද කර යතුරු පැදිය නවත්වා එය පෙරළා දමා අසලින් ගලා බසින යෝධ ඇළට පැන්නේ ඇළෙන් එගොඩ වී වන අලියාගෙන් බේරීම සඳහාය. 


එහෙත් සිදුවුයේ අනිකකි. යෝධ ඇළට පැනීම ගමේ කඩ පිලේ කතා බහට ලක්වෙන කොල්ලන්ගේ බයිට් එකට හසුවෙන කතාවක් බවට පත්වෙන සිද්ධියක් වෙනු ඇතැයි ඔහු නොසිතුවේය. 
රාත‍්‍රි 12ට පමණ සිය සැමියාගේ නිදන කාමරයෙන් ‘‘දඩාස් ” ගාන ශබ්දයක් ඇසුනෙන් රත්නේගේ බිරිඳ අවදිව සැමියාගේ කාමරයට වහා දිව ගියේ ඔහුට යම් කරදරයක්වත් සිදුවුනා දැයි සිතමිණි. රත්නේ අයියාට පියවි සිහිය ආවේ සිය බිරිඳ පැමිණ ‘‘ඒයි ඒයි මොකද වුණේ..... ඇයි මේ ඇඳෙන් පහළට වැටිලා. මොකද ඔයාට වුණේ? කලන්තයක් වත් හැදුනද?” කියා විමසමින් ඒ වෙන විටත් බිම වැටි සිටි ඔහුට නැගිටින්නට සහය වූ අවස්ථාවේය.
බිරිඳගේ එම කතාවත් ඇගේ සහයත් හේතුවෙන් තමන් මේ දැක ඇත්තේ සිහිනයක් බවත්, අලියාගෙන් බේරීමට ඇළට කියා පැන ඇත්තේ ඇළට නොව ඇඳෙන් බිමට බව වැටහීමෙන් අනතුරුව සිද්ධිය බිරිදට ද පැවසුයෙන් ඔහුට මෙන්ම බිරිදට ද හිනාව නවත්වා ගැනීමට නොහැකි විය.
පසු දින නිවාඩු දිනයක් වූ හෙයින් සේවා ස්ථානයට නොගොස් ගමේ කඩයට ගිය පසු වන අලි කතාව කඩ පිලේදි ද රසවත් කර හිතවතුන්ට පැවසීමට රත්නේ අයියා අමතක කළේ නැත. රත්නේ අයියාගේ ඒ වන අලි කතාව මේ වෙන විට ගමේ කඩ පිලේ කොල්ලන්ගේ රසවත් බයිට් එකක් බවට පත්ව තිබේ.



අදහස් (0)

“අලි සිහිනෙන්’’ ඇඳෙන් බිමට වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site