IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දේපළ සිහියෙන් නූල් බදින්න වෙලා

දේපළ පිළිබඳ දැඩි ඇල්මකින් පසු වූ පුද්ගලයකු ආගමික චාරිකාවක් ගොස් සිටියදී සිදුවූ අලකලංචියකි.
මාතර දිස්ත්‍රික්කයේ කන්දබඩ පත්තුවේ ජීවත් වූ ඔහුගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැන හා සත්ව පාලනයයි. ඔහු සතුව තේ, පොල් හා කුරුඳු වගා කළ  විශාල ප්‍රමාණයේ ඉඩමක් විය. නිරන්තරයෙන් මෙම ඉඩමෙහි වැඩ කටයුතුවල යෙදෙමින් ඉඩමෙන් ලැබෙන ආදායම වැඩි කර ගැනීම ඔහුගේ මූලික අරමුණ විය. වටිනා ගහ කොළින් පිරි තම ඉඩම ඔහු රැක බලා ගත්තේ මහත් ආශාවෙනි.  යම් කෙනකුට මොහුගෙන් පොල් ගෙඩියක් හෝ ලබා ගැනීම බොහෝ අසීරු කරුණක් විය.


කොතෙකුත් මුදල් හා දේපළ තිබුනද ගමේ කිසිවකුගේ හෝ ඥාතියකුගේ ගෙදරකටවත්  නොගිය මොහු නගරයට යන්නේද  පා ගමනිනි. පසුගිය දිනෙක ඔහුගේ මිතුරකු සංවිධානය කළ දින 5 ක වන්දනා ගමනක් සඳහා ඔහුටද ඇරයුම්  ලැබිනි.  මේ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බැවින් මෙයට  අකමැති වූ ඔහු, බිරිඳගේ හා දරුවන්ගේ පෙරැත්තය නිසාත් නොමිලේ ගමන යාමට ලැබුණු නිසාත් පසුව එයට එකඟ විය.
නියමිත දින ගමන යාමට පිටත් වුවත් ඔහුගේ සිත රැඳී තිබුණේ තම ඉඩම පිළිබඳවයි. එයට හේතුව වූයේ තම බිරිඳගේ සොයුරකු විසින් කොස් ගස් දෙකක් කපා ගන්නා බවට ඔහුට දන්වා තිබීමයි. ගමන පිටත් වූ දින රාත්‍රියෙහි ඔහු නින්දට ගියේද මේ ගැන සිතෙහි තබා ගෙනය. එදින මධ්‍යම රාත්‍රියෙහි මොහු එක්වරම කෑ ගසන්නට වූයේ “මගේ ඉඩමේ ගස් කපන්නට එපා” යනුවෙනි. එක් වරම ඇසුණු මෙම ශබ්දයෙන්  තද නින්දේ පසු වූ වන්දනා නඩයේ පිරිස බියෙන් තැති ගනිමින් ඔහු අසලට පැමිණියත් ඔහුගේ විලාපය නතර නොවිනි. පසුව නඩේ ගුරු විසින් ලැගුම්ගෙන සිටි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හට මේ බව සැලකර සිටි අතර එම හිමියන් විසින් සෙත් පිරිත් සජ්ඣායනය කොට පිරිත් නූල් ගැට ගැසූ පසු  පියවි සිහිය ලද ඔහු සාමාන්‍ය තත්ත්වයට පත් විය.  
පසුදා උදෑසන මෙම පුද්ගලයා පිළිබඳ හරි හැටි කරුණු අවබෝධ කරගත් එම හිමියන් විසින් ඔහු ඇතුළු පිරිසට මසුරුකමෙහි ආදීනව ඇතුළත් ධර්ම දේශනයක් පැවැත් වූ අතර එයින් සිත පහදවා ගත් ඔහු ඇතුළු පිරිස විහාරස්ථානයේ දියුණුවට ආධාරයක්ද කර සැහැල්ලු‍ මනසින් වන්දනා ගමන නිමාකර නිවසට පැමිණියේ පිං සිතුවිලි පෙර දැරිවයි.

 

කඹුරුපිටිය  විශේෂ  කේ. අජිත්.



අදහස් (0)

දේපළ සිහියෙන් නූල් බදින්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site