කතරගමට යාමට ගිය මව්පිය යුවළක් බසය වැරදී අතරමං වූ පුවතක් ඇතුගල්පුරවරයෙන් ඇසුණි.
මව්පිය යුවළගේ පුතා සේවය කරන්නේ නගර සීමාවේය. මේ නිසා නගරයේ නානා පුද්ගලයන් ඔහුට ඇසුරු කරන්නට ලැබෙයි. ඔහු නගරයේ පිහිටි රාජ්‍ය ආයතනයක්, රෝහලක වාට්ටුවක්, වෙළඳ සලක්, පාරක් බසයක් ගැන විමසූ කල්හි ඒවාට උත්තර දෙන්නට ගජ හපනෙකි.
මේ තත්ත්වය හමුවේ නොදන්නා දේ දැන ගැනීමට බොහෝ අය ඔහුගේ සහාය පැතූහ.
ඔය අතරේ තමාගේ මව්පියන්ට දුර ගමනක් යාමට සිදුවිය. එය යා යුත්තේ කතරගම බසයෙන්ය. එය කුරුණෑගල ඩිපෝවෙන් පිටත් වන්නේ උදේ වරුවේය.
පුතා සේවය කරන ස්ථානයට පෙර දින සවස් යාමයේ අම්මා තාත්තා පැමිණියහ.ඒ පසු දින එතැන් සිට බසයට නැගීමට ඇති පහසුව නිසාය. එම බසයෙන් සේවයට යන තවත් නෝනා කෙනෙකි. ඇය නිවසේ සිට එම ආයතනයට උදේට සතියේ දිනවල පැමිණ යතුරුපැදිය නවතා බස් රථයට නගින්නේ ඒ ඉදිරිපිටදී ය.
මව්පිය දෙදෙනා ගමනට සූදානම්ය. ‘‘ඔය දෙන්නා කාමරයට වෙලා ඉන්න. ඒකෙන් යන මිස් කෙනෙක් හැමදාම මෙතැනට එනවා. ඇය බයික් එක මෙහි දාලා තමයි යන්නේ. මිස් ආවාම මං කතා කරන්නම්. ඔහොම විවේකීව ටී.වී. බලන්න” පුතා කීවේය. දෙදෙනා ඊට අවනතව කාමරයේය. වේලාව ටිකෙන් ටික ගත විය. මිස් ආවේ නැත. ඇය නිවාඩුය. ඔහුට ඉහමොළ රත්විය. වේලාව පසුවෙලාය. බසය කතරගම බලා පිටත් වෙලාය.
එක දිගටත්, පහසුවටත් එලෙස යාමට එදිනට තවත් බසයක් නැත. ‘‘තාත්තේ අද බස් එක නෑලු. ඒක තමයි මිස් ආවෙත් නැත්තේ. වෙන දවසක යමු. අද ගෙදර යන්න” පුතා කීය.
මව්පියන්ට කොළේ වහලා පුතා ගමන නවතා දෙදෙනාම ගෙදර යැව්වත් මිස් නිසා බසය‘‘මිස්” වූ සිද්ධිය දැන් ආයතනයටත් ප්‍රසිද්ධ රහසක් බැවින් ඔහු පසුවන්නේ දැඩි ලැජ්ජාවෙන්ලු.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මවුපියන්ට කොළේවහන්න ගිහින් ඉහමොළ රත්වෙයි